leader s

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු නොකර, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයෙන් සම්මත කරගැනීමට රජය තීරණය කරයි

 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් අදාළ සංශෝධන සිදුකිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නිල වශයෙන් තහවුරු කළේය.

 

ජනමත විචාරණයක් පැවැත්වීමට රජය අදහස් නොකරන බැවින්, ඒ සඳහා නිර්දේශිත වගන්ති සංශෝධනය කර හෝ ඉවත් කරමින් ඉදිරි ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම පැහැදිලි කළේය.

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ වගන්තිමය නිරීක්ෂණ

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, පනත් කෙටුම්පතේ වගන්ති සම්මත විය යුතු ආකාරය මෙලෙස වර්ගීකරණය කර ඇත:

 

සාමාන්‍ය වැඩිඡන්දයෙන් සම්මත කළ හැකි වගන්ති:
3, 4, 6(2), 6(5), 11(1) සහ 11(2) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.

 

2/3 ක විශේෂ බහුතරයක් අවශ්‍ය වගන්ති:
6(7) වගන්තිය මෙන්ම 7 වැනි වගන්තියේ යෝජිත සංශෝධන පවතින අයුරින්ම සම්මත කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වගන්තිය ප්‍රකාරව තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වේ.

 

ජනමත විචාරණයක් නිර්දේශිත වගන්තිය:
කෙටුම්පතේ 17 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි සහ 4(සි) වගන්තිවලට පටහැණි වන බැවින්, එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය වේ.

 

රජයේ මීළඟ ව්‍යවස්ථාදායක පියවර

 

ජනමත විචාරණයක් පැවැත්වීමට අදහස් නොකරන බැවින්, 17 වැනි වගන්තිය කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීම හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම රජයේ සැලසුමයි.

 

ඒ අනුව, අවශ්‍ය අනෙකුත් වගන්ති පාර්ලිමේන්තුවේ පවතින තුනෙන් දෙකක බහුතර බලය යොදාගනිමින් නීතියක් බවට පත්කිරීමට නියමිතය.

 

මෙමඟින් අනවශ්‍ය මහජන වියදමක් සහ කාලයක් වැයවන ජනමත විචාරණයක් මඟහැර නීතිමය ක්‍රියාවලිය කඩිනම් කරගැනීමට බලාපොරොත්තු වන බව රජය පෙන්වා දෙයි.

 

පසුබිම සහ ජාත්‍යන්තර වැදගත්කම

 

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පාලන විනිවිදභාවය සහ දූෂණ අවම කිරීමේ නිර්දේශ (Governance Diagnostic Assessment) යටතේ සම්මත වූ ප්‍රමුඛ නීතියකි.

 

රාජ්‍ය සේවයේ විනිවිදභාවය, වත්කම් ප්‍රකාශන නීති දැඩි කිරීම සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් කිරීම මෙම නව සංශෝධනවල ප්‍රධාන අරමුණ වේ.

 

මෙම නෛතික රාමුව නිසි පරිදි ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය සහ විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීම කෙරෙහි සෘජුවම බලපාන සාධකයකි.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil