ඒ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ දේශපාලන සභාවේ කැඳවුම්කරු වන පාර්ලිමේන්තු මන්ත්රි ෂානක්කියන් රාසමාණික්කම්ගේ අත්සනින් යුතුවය.
අදාළ ලිපිය මගින්, වෘත්තීය ප්රමිතීන් සහ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන අතරම, සංස්කෘතික හා ආගමික සංවේදීතාවන්ට ගරු කිරීමේත්, අනවශ්ය වාර්ගික හා ආගමික ආතතීන් ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම ද දේශපාලන සභාව අවධාරණය කරයි.
ඉල්ලීම සහ සහයෝගය
පාර්ලිමේන්තුවේදී යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්යවරයා කළ ආරාධනයට ප්රතිචාර වශයෙන්,
- අදාළ කමිටුව පත් කිරීම
- කමිටු ක්රියාකාරීත්වයේ ප්රගතිය
- පවතින නිල ඇඳුම් රෙගුලාසි සමාලෝචනය කිරීම
සඳහා වන කාලරාමුව කෙසේද යන්න මෙම ලිපියෙන් විමසා සිටී.
එසේම සාධාරණ හා ප්රායෝගික විසඳුමක් සඳහා අපගේ සහයෝගය ලබාදීමට කැපවී සිටින බව පවසන මෙම දේශපාලන සභාව අවසන් වශයෙන් අවධාරණය කර ඇත්තේ, ප්රතිපත්තිමය තීරණ ගැනීමේ වගකීම රජය සතු බවය.




