The Leader News
BREAKING
සෞදි අර්බුදය ගැන පාඨලීගෙන් විශේෂ භූ-දේශපාලනික විවරණයක්●ශාස්ත්‍රාලියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය හෙට (18)●ලෝක තරුණ නැගිටීම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මුහුණදෙන අර්බුදය●දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අත්නොහරින්නැයි ජනාධිපති කාර්යාලයට පාගමනක්●සෞඛ්‍ය සහායකයින්ගේ නිල ඇඳුම් ගැටලුව: දේශපාලන සභාවකින් රජයට ලිපියක්!●කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව: අධිකරණ නියෝග සහ ඇවිලෙන සංවාදය●ක්‍රිකට් ද හිට් විකට් ද? ටිරන් බංගගමආරච්චි විමසයි●සාෆ් පාපන්දු ශූරතාවලියට ඉන්දියාව එන්නේ නැද්ද?●FIFA සාම ත්‍යාගය ලැබූ එකම දේශපාලන නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ද?●මැලේසියාවෙන් දැවැන්ත අධ්‍යාපන පිම්මක්: ඩොලර් බිලියන හතරක ආර්ථික ඉලක්කයක්●
Top Ad
පුවත්

කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව: අධිකරණ නියෝග සහ ඇවිලෙන සංවාදය

සියඹලාන්ගමුවේ පතාක ඇත් පරපුරේ 'කාවන්තිස්ස' හස්තියාගේ අභාවය සම්බන්ධයෙන් ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාව අධිකරණයට යොමු කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත්වරිය නියෝග කරද්දී, අලි-මිනිස් ගැටුමේ ප්‍රතිපත්තිමය විසඳුම් පිළිබඳ විවාදය යළි කරළියට පැමිණෙයි.

Pasan

Pasan

October 17, 2026 • 9:30 PM

කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව: අධිකරණ නියෝග සහ ඇවිලෙන සංවාදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරණ පරීක්ෂණයට අධිකරණයෙන් දැඩි කොන්දේසි සියඹලාන්ගමුව පරිසර පද්ධතියේ සැරිසැරූ කාවන්තිස්ස හස්තියාගේ අභාවයට හේතුව සොයා බැලීම සඳහා විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය අද නියෝග කළාය.
  • වීරකෝන් ඇතුළු නිලධාරී කණ්ඩායම අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරිය, පරීක්ෂණය අවසන් වූ වහාම සිරුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක මිහිදන් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන්නාය.
  • විශේෂයෙන්ම ඉදිරියේදී නෛතික ක්‍රමවේදයකට යටත්ව ඇත්දළ යුගළ සුරක්ෂිතව යළි ලබාගැනීමට හැකිවන පරිදි භූමදානය සිදු කළ යුතු බවත්, එම ස්ථානයට පූර්ණ ආරක්ෂාව සැපයිය යුතු බවත් නියෝගයේ අවධාරණය කෙරිණි.
  • දෙපාර්තමේන්තුවේ ස්ථාවරය සහ ක්‍රියාමාර්ග මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ කිසියම් නිලධාරියකු අතින් රාජකාරිමය වරදක් සිදුව ඇති බව විමර්ශනවලදී තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මරණ පරීක්ෂණයට අධිකරණයෙන් දැඩි කොන්දේසි

සියඹලාන්ගමුව පරිසර පද්ධතියේ සැරිසැරූ කාවන්තිස්ස හස්තියාගේ අභාවයට හේතුව සොයා බැලීම සඳහා විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය අද නියෝග කළාය.

මීගලෑව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. වීරකෝන් ඇතුළු නිලධාරී කණ්ඩායම අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරිය, පරීක්ෂණය අවසන් වූ වහාම සිරුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක මිහිදන් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන්නාය.

විශේෂයෙන්ම ඉදිරියේදී නෛතික ක්‍රමවේදයකට යටත්ව ඇත්දළ යුගළ සුරක්ෂිතව යළි ලබාගැනීමට හැකිවන පරිදි භූමදානය සිදු කළ යුතු බවත්, එම ස්ථානයට පූර්ණ ආරක්ෂාව සැපයිය යුතු බවත් නියෝගයේ අවධාරණය කෙරිණි. මෙම නඩුව ඉදිරියේදී ගල්ගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රංජන් බණ්ඩාර හමුවේ කැඳවීමට නියමිතය.


දෙපාර්තමේන්තුවේ ස්ථාවරය සහ ක්‍රියාමාර්ග


මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ කිසියම් නිලධාරියකු අතින් රාජකාරිමය වරදක් සිදුව ඇති බව විමර්ශනවලදී තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පැය 24 පුරා කැපවීම කෙරෙහි තමන්ට විශ්වාසයක් පවතින මුත්, යම් අත්වැරදීම් සිදුව ඇත්දැයි සොයා බැලීම සාමාන්‍ය පටිපාටියක් බව හෙතෙම පෙන්වා දෙයි.

හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර සැප්තැම්බර් 24 වැනිදා ආරම්භ කළ බවත්, එමඟින් හස්තියා යහපත් සෞඛ්‍ය මට්ටමකට පත්වූ බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.


විශේෂඥ මට්ටමේ විමර්ශනයක් සහ කාර්ය සාධන බලකායක්

අවසන් ගෞරව දැක්වීම සඳහා සියඹලාන්ගමුවට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ මෙම අභාවය පිටුපස ඇති සැබෑ හේතුව නිශ්චය කරගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය පශු වෛද්‍ය විශේෂඥයින්ගේ දායකත්වය සහිත ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ පිරිමි අලි ගහනයෙන් ඇතුන් බිහිවන්නේ සියයට 7-8 වැනි අතිශය සුළු ප්‍රතිශතයක් බැවින් මෙවැනි දුර්ලභ ජානමය සම්පත් රැකගැනීම දැඩි ජාතික අවශ්‍යතාවක් බව ඔහු අවධාරණය කළේය.

වනජීවී ක්ෂේත්‍රය තාක්ෂණික හා මානව සම්පත්වලින් ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර ආධාර සහිතව වනසතුන් සඳහා විශේෂිත රෝහලක් පිහිටුවීම මෙන්ම අලි-මිනිස් ගැටුම හමුවේ ගොවි ජනතාව සහ සතුන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන පරිදි කාර්ය සාධන බලකායක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් මතු කළේය.


සබැඳි පුවත් වාර්තා දෙකක් :

කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ඇරඹීම පමා ඇයි ? - ක්ෂේත්‍ර අර්බුදය මෙන්න

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...