The Leader News
BREAKING
ත්‍රස්ත විරෝධී නව කෙටුම්පතෙන් අධිකරණ බලයටත් වැට බැඳෙයිද?●සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන ජිනීවා ගිය නිල පිළිතුර●ඉන්දීය හමුදා විසින් ඝාතනය කරණ ලද රෝහල් කාර්ය මණ්ඩලයක් සැමරේ●ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●
Top Ad
පුවත්

ඉන්දීය හමුදා විසින් ඝාතනය කරණ ලද රෝහල් කාර්ය මණ්ඩලයක් සැමරේ

Nethmini

Nethmini

October 22, 2026 • 8:55 AM

ඉන්දීය හමුදා විසින් ඝාතනය කරණ ලද රෝහල් කාර්ය මණ්ඩලයක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ආණ්ඩුවේ නියමු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ විරෝධය එල්ලවූ ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් වලට කැඳවූ ඉන්දීය යුද හමුදාව විසින් තිස් නම වසරකට පෙර මරා දැමුවන් යාපනය රෝහලේ දී අනුස්මරණය කර තිබේ.
  • ඉන්දීය සාම සාධක හමුදාවේ යාපන ශික්ෂණ රෝහල් සංහාරයේ 39 වැනි අනුස්මරණය 2026 ඔක්තෝබර් 21 වැනි බදාදා රෝහලේදී පැවැත් වු අතර මිය ගිය පිරිස අනුස්මරණය කරමින් මලින් පහනින් ඔවුන්ට උපහාර දැක්වීමට රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස කටයුතු කර තිබේ.
  • සාමයේ නාමයෙන් කළ රෝහල් සමූහ ඝාතනය සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සමූහ ඝාතන මාලාවක්ම සිදු කර ඇත්තේ 1987 ඔක්තෝබර් මාසයේය.
  • ඔක්තෝබර් 21 වැනිදා ලුතිනන් ජෙනරාල් දිපේන්ද්‍ර සිං ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය සාම සාධක හමුදා භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ 21 ක් සහ ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් 47 ක් ඇතුළු 68 දෙනකු මරා දැමිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්තමාන ආණ්ඩුවේ නියමු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ විරෝධය එල්ලවූ ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් වලට කැඳවූ ඉන්දීය යුද හමුදාව විසින් තිස් නම වසරකට පෙර මරා දැමුවන් යාපනය රෝහලේ දී අනුස්මරණය කර තිබේ.

ඉන්දීය සාම සාධක හමුදාවේ යාපන ශික්ෂණ රෝහල් සංහාරයේ 39 වැනි අනුස්මරණය 2026 ඔක්තෝබර් 21 වැනි බදාදා රෝහලේදී පැවැත් වු අතර මිය ගිය පිරිස අනුස්මරණය කරමින් මලින් පහනින් ඔවුන්ට උපහාර දැක්වීමට රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස කටයුතු කර තිබේ.

ඝාතනයට ලක් වු නිරායුද වැසියන්ගේ පවුල් වල සාමාජිකයන් කිහිපදෙනකුද එම අවස්ථාවට එක්ව සිටියේ  හැඬු කඳුලින් යුතුවයි.

සාමයේ නාමයෙන් කළ රෝහල් සමූහ ඝාතනය

සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සමූහ ඝාතන මාලාවක්ම සිදු කර ඇත්තේ 1987 ඔක්තෝබර් මාසයේය.

1987 ඔක්තෝබර් 21 වැනිදා ලුතිනන් ජෙනරාල් දිපේන්ද්‍ර සිං ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය සාම සාධක හමුදා භට පිරිස්  යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ 21 ක්  සහ  ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් 47 ක්  ඇතුළු 68 දෙනකු මරා දැමිණි.

ඉන්දීය හමුදා විසින් මරා දැමුවන් අතර ඒ. සිවපාදසුන්දරම්, එම්.ජේ.ගනේෂරත්නම් සහ කේ. පරිමලර් වෛද්‍යවරු තිදෙනාත්, ආර්. රාමනාදන්, සිවපාතියම්  සහ ලීලාවතී හෙදියන් තිදෙනාත්, දුරකතන ක්‍රියාකරු කනගලිංගම්, වැඩ සුපරීක්ෂකයන් වූ ආර්. ක්‍රිෂ්නරාජ්, කේ. සෙල්වරාජ් සහ වී. ෂන්මුගලිංගම් නම් ගිලන් රථ රියදුරා ද වුහ.

පෝක් සමුද්‍ර සන්ධිය දෙපසින්ම යුක්තිය අහිමි වීම

රෝහල් ප්‍රහාරය ඇතුළු ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් අට  වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

ඉන්දීය හමුදා විසින් 1989 අගෝස්තු මාසයේ දී දරුවන්, ගැහැනුන් හා වැඩිහිටියන් ඇතුළු හැටකට වැඩි පිරිසක්  මරා දැමීම සම්බන්ධයෙන් වැල්වැටිතුරේ පුරවැසි කමිටුව වසරකට ඉහතදී ආණ්ඩුවෙන් රුපියල් බිලියන පහක වන්දි ඉල්ලා සවිස්තර ලේඛනයක් හානිපුර්ණ කාර්යාලයට ලබාදී තිබුනි.

ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගන්නා ලද කිසිදු පියවරක් දැනගන්නට නැත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...