The Leader News
BREAKING
අලුත් පරම්පරාව නැතිව දේශපාලන පැවැත්මක් නෑ: රනිල්●හෝමාගම පොලිසියේ මරණය ඇසින් දුටු සාක්ෂිකරුගේ ජීවිතාරක්ෂාව පතා අම්මාගෙන් ආයාචනයක්●ශ්‍රීලන්කන් යානා 6ක් අක්‍රියයි: නරීටා ගමනත් හදිසියේ ඇණහිටියි●නීතිඥ ලාල් විජේනායක දිවි සැරිය නිම කරයි●ශ්‍රීලන්කන් නිලධාරීන් පාර්ලිමේන්තුව නොමඟ යැව්වාද? මතුවන බරපතළ සැකය●ඇමෙරිකානු ඔරලෝසු වේලාව වෙනස් කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුම සෙනෙට් සභාවේදී ඇණහිටියි●වසර 26ක සම්ප්‍රදාය බිඳහෙළූ සොබාදහමේ අමුතු ජයග්‍රහණය●අවම අයවැය හිඟය සහ ඉදිරි පරිවර්තනය: ජනපතිගෙන් ආර්ථික මාර්ග සිතියමක්●නොරොච්චෝලේ බිඳවැටීම: මුළු රටම අඳුරට ඇද දැමූ තත්පර 4●වීදි සුනඛ අර්බුදයට හෝමාගමෙන් ඩිජිටල් තාක්ෂණික විසඳුමක්●
Top Ad
පුවත්

නීතිඥ ලාල් විජේනායක දිවි සැරිය නිම කරයි

Awara

Awara

November 1, 2026 • 9:57 AM

නීතිඥ ලාල් විජේනායක දිවි සැරිය නිම කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වූ වාමාංශික දේශපාලඥයෙකු මෙන් ම ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු වන ලාල් විජේනායක ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ.
  • මියයන විට ඒ 86වන වියෙහි පසුවූ හෙතෙම දේශපාලනයට පිවිස ඇත්තේ 1963 වසරේ දී ය.
  • පළාත් සභා මැතිවරණයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ විජේනායක එහි විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කර ඇත.
  • දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ හෙතෙම පසු කලක දී, එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට ද මූලිකත්වය ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වූ වාමාංශික දේශපාලඥයෙකු මෙන් ම ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු වන ලාල් විජේනායක ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ 86වන වියෙහි පසුවූ හෙතෙම දේශපාලනයට පිවිස ඇත්තේ 1963 වසරේ දී ය. ඒ, ලංකා සමසමාජ පක්ෂයෙනි.

1988 පළාත් සභා මැතිවරණයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ විජේනායක එහි විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කර ඇත. 2016 වසරේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා වූයේ ද ලාල් විජේනායක ය.

දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ හෙතෙම පසු කලක දී, එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට ද මූලිකත්වය ගෙන ඇත.
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හෙතෙම අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබී ය. නීතිඥ වෘත්තියට පිවිස ඇත්තේ ඉන් අනතුරුව ය.

දේශපාලන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සක්‍රීයව කටයුතු කළ ලාල් විජේනායක මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කර ඇත. ජාතික ජන බලවේගයේ ජාතික මෙහෙයුම් කමිටුවේ සහ විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද හෙතෙම කටයුතු කළේය. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...