The Leader News
BREAKING
මීමුරේ ගල්ගුහාවේ සිදුවීම සහ අපයෝජනයෙන් උදම් අනන සමාජය ●ගෝලීය අර්බුද හමුවේ චිලී බැංකු සුරැකීමේ සැලසුම නොවෙනස්ව●අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත රක්ෂිත බන්ධනාගාරයට●2026 බදු ආදායම් ඉලක්කය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කලින්ම පසුකරයි●රාජ්‍ය අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට විශේෂ පුහුණුවක්●ලෝක බොරතෙල් මිල පහළට: ශ්‍රී ලංකාවටත් සහනයක් ලැබේවිද? | Janath C Perera●ප්‍රාග්ධන වියදම් ඇණහිටීම සහ රටේ ආර්ථිකය ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විවේචනයක්●සෞඛ්‍ය ලේකම් කෙනඩිගේ ප්‍රතිපත්ති හමුවේ අමෙරිකාවට ‘සරම්ප-නිදහස්’ තත්ත්වය අහිමි වෙයි●ක්‍රිමියා පාලමට යළි ප්‍රහාරයක්: යුක්රේනයෙන් දැවැන්තම ඩ්‍රෝන මෙහෙයුම?●ටෙක් දැවැන්තයන්ගේ විරෝධය මැද චීන දත්ත උපාංග තහනම ඉදිරියට●
Top Ad
පුවත්

ෆිනෑන්ස් සමාගම් අටක් ගැන මහ බැංකුවෙන් රතු එළියක්

T

The Leader Desk

October 23, 2020 • 9:58 AM

ෆිනෑන්ස් සමාගම් අටක් ගැන මහ බැංකුවෙන් රතු එළියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒවා පවත්වාගත යුතු අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා, එය සපුරා ගැනීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
  • කෙසේ වෙතත් මේ සමාගම් විසින් තිබිය යුතු අවම ප්‍රාග්ධන සමුච්චයේ ප්‍රමාණවත් නොවන තතු යටතේ, ඒවායේ මුදල් තැන්පත්කරුවන් සැලකිය යුතු මට්ටමේ අවදානමකට මුහුණ පානු ඇති බවද මේ ප්‍රසිද්ධ නිවේදනය අවධාරණය කරයි.
  • ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගම් විසින් පවත්වාගෙන යායුතු අවම පළමු ස්ථර ප්‍රාග්ධන අනුපාතය, 2020 ජූලි 01 සිට 6.5% සිට 7% දක්වා ඉහල ගිය අතර, 2021 ජූලි 1 වන විට 8.5% දක්වා තවදුරටත් ඉහල යාමට නියමිතය.
  • දැනට, යම් ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගමක් අත්හිටුවීමක් හෝ අවලංගු කිරීමක් සිදුවන අවස්ථාවකදී, එක් තැන්පත් කරුවෙකුට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා මෙම තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් නැවත තැන්පතු ගෙවීමව සිදු කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒවා පවත්වාගත  යුතු අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා, එය සපුරා ගැනීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

1- ආර්පිකෝ ෆිනෑන්ස් සමාගම,

2- ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම,

3- බිම්පුත් ෆිනෑන්ස් සමාගම,

4- කැන්රිච් ෆිනෑන්ස් සමාගම,

5- මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා සහ ෆිනෑන්ස් සමාගම,

6- රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම,

7- සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සහ

8- යූබී ෆිනෑන්ස් සමාගම මහ බැංකුව විසින් නිකුත් කළ ප්‍රසිද්ධ නිවේදනයක් මගින් නම් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව තම බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනයේ යෙදෙමින් ඒවායේ අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, සහ සාංගමික යහපාලන අවශ්‍යතා මගින් ගනුදෙනු කරුවන්ගේ සුරක්ෂාව සදහා ඒවායේ ස්ථායිතාව සහතික කර ගැනීමට මැදහත් වෙයි.

 

නේෂන් ලංකා ෆීනෑන්ස් !

මහ බැංකු නිවේදනයේ දැක්වෙන පරිදි මේ සමාගම් අටට අමතරව නේෂන් ලංකා ෆීනෑන්ස් සමාගමත් අවශ්‍ය අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබඳ කොන්දේසි වලට අනුගතව ක්‍රියාකර නැති අතර, තවම තමන්ගේ ප්‍රාග්ධන සමුච්චය වර්ධනය කිරීමේ සැලසුම් ලබා දී නැත.

කෙසේ වෙතත් මේ සමාගම් විසින් තිබිය යුතු අවම ප්‍රාග්ධන සමුච්චයේ ප්‍රමාණවත් නොවන තතු යටතේ, ඒවායේ මුදල් තැන්පත්කරුවන් සැලකිය යුතු මට්ටමේ අවදානමකට මුහුණ පානු ඇති බවද මේ ප්‍රසිද්ධ නිවේදනය අවධාරණය කරයි.

 

ජනතාවට උපදෙස්

''මහ බැංකුව ජනතාවට උපදෙස් දෙන්නේ, මේ ලියාපදිංචි මුල්‍ය සමාගම් (LFCs) වල මුදල් තැන්පත් කීරීමේ දී තම අරමුදල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවේසම් වන ලෙසත් අනවසර ආයතන හා පුද්ගලයන් වෙත අරමුදල් තැන්පත් කිරීමෙන් වැලකී සිටින ලෙසත්ය.''

එසේ හෙයින් මහ බැංකුව ජනතාවට උපදෙස් දෙන්නේ, මේ ලියාපදිංචි මුල්‍ය සමාගම් (LFCs) වල මුදල් තැන්පත් කීරීමේ දී තම අරමුදල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවේසම් වන ලෙසත් අනවසර ආයතන හා පුද්ගලයන් වෙත අරමුදල් තැන්පත් කිරීමෙන් වැලකී සිටින ලෙසත්ය.

2021 දී ක්‍රියාවට නැංවීමට කාල නිර්ණය වි ඇති, ප්‍රාග්ධන ශක්තිය ඉහල නැංවීමේ (ප්‍රාග්ධනායනය) දැඩි අවශ්‍යතාවය සපුරාගැනීමේ  ඉලක්ක ඉදිරිපත් කර ඇති තතු යටතේ, සමාගම් ඒකාබද්ධ කිරීම සදහා වන අමතර පීඩනයකට ශ්‍රී ලංකාවේ මූල්‍ය හා කල්බදු අංශයේ සමාගම් මුහුණ දීමට නියමිතය.‍

ඒ අනුව ලියාපදිංචි මුල්‍ය සමාගම් වෙත වර්තමානයේ දී තිබිය යුතු රුපියල් බිලියන 2 ක් වන නියත ප්‍රාග්ධන අවශ්‍යතාවය 2021 ජනවාරි  පළමු  වැනිදා සිට රුපියල් බිලියන 2.5 දක්වා වන වැඩි කෙරෙයි.

 එම වැඩි කළ ප්‍රාග්ධන අගය මෙම සමාගම් විසින් සම්මුඛ කරගැනීම අවශ්‍ය වෙයි.

ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගම් විසින් පවත්වාගෙන යායුතු අවම පළමු ස්ථර ප්‍රාග්ධන අනුපාතය, 2020 ජූලි 01 සිට 6.5% සිට 7% දක්වා ඉහල ගිය අතර, 2021 ජූලි 1 වන විට 8.5% දක්වා තවදුරටත් ඉහල යාමට නියමිතය.

ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගම් විසින් සිය තැන්පතු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත කර ඇති, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (SLDILSS) යටතේ රක්ෂණය කළ යුතුය.

ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගම් විසින් සිය තැන්පතු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත කර ඇති, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (SLDILSS) යටතේ රක්ෂණය කළ යුතුය.

දැනට, යම් ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගමක් අත්හිටුවීමක් හෝ අවලංගු කිරීමක් සිදුවන අවස්ථාවකදී, එක් තැන්පත් කරුවෙකුට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා මෙම තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් නැවත තැන්පතු ගෙවීමව සිදු කරනු ඇත.  

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී, ද ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් පී එල් සී සහ TKS ෆිනෑන්ස් ලිමිටඩ් යන මෑතක දී බලපත්‍ර අවලංගු කරන ලද මුදල් සමාගම්වල තැන්පතුකරුවන්ට ඉහත යෝජනා ක්‍රමය යටතේ, රුපියල් ලක්ෂ හයේ  සීමාවට යටත් ව තැන්පතු නැවත ගෙවීම සිදු කරනු ලබන බවත්,. තව ද ඉහත සඳහන් කරන ලද සමාගම් ඈවර කිරීමෙන් පසු ව ඒවායේ වත්කම් විකුණා දැමීමෙන් ලැබෙන ආදායමෙන් ද තැන්පත්කරුවන්ට ගෙවීමක් කිරීමට හැකියාවක් තිබිය හැකි බවත්  මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

(theleader.lk හි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...