The Leader News
BREAKING
Top Ad
පුවත්

මිලියන 59ක මුදල් නඩුවෙන් ඩේසි ෆොරස්ට් මුදාහැරේ

Awara

Awara

November 3, 2026 • 3:50 PM

මිලියන 59ක මුදල් නඩුවෙන් ඩේසි ෆොරස්ට් මුදාහැරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නඩුවෙන් මුදාහැරීමට හේතු වූ වෛද්‍ය නිර්දේශය උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කර මුදල් විශුද්ධිකරණය සිදුකළ බවට නීතිපතිවරයා පැවරූ නඩුවෙන් ඩේසි ෆොරස්ට් මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි නියෝග කළේය.
  • දේශපාලන කරළියේ 'ඩේසි ආච්චි' ලෙස ප්‍රකට වූ ඇය, නඩුවේ දෙවැනි විත්තිකරු වන යෝෂිත රාජපක්ෂගේ මිත්තණියයි.
  • කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු අට දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.
  • නඩු විභාගයකදී නීතිමය කරුණු වටහා ගැනීමට හෝ විත්ති වාචකයක් ගොනු කිරීමට තරම් මානසික සුවයක් ඇය සතු නොවන බව අදාළ විශේෂඥ වෛද්‍ය වාර්තාව මඟින් තහවුරු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නඩුවෙන් මුදාහැරීමට හේතු වූ වෛද්‍ය නිර්දේශය

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කර මුදල් විශුද්ධිකරණය සිදුකළ බවට නීතිපතිවරයා පැවරූ නඩුවෙන් ඩේසි ෆොරස්ට් මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි නියෝග කළේය.

දේශපාලන කරළියේ 'ඩේසි ආච්චි' ලෙස ප්‍රකට වූ ඇය, නඩුවේ දෙවැනි විත්තිකරු වන යෝෂිත රාජපක්ෂගේ මිත්තණියයි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු අට දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

නඩු විභාගයකදී නීතිමය කරුණු වටහා ගැනීමට හෝ විත්ති වාචකයක් ගොනු කිරීමට තරම් මානසික සුවයක් ඇය සතු නොවන බව අදාළ විශේෂඥ වෛද්‍ය වාර්තාව මඟින් තහවුරු කර තිබේ.

රජයේ නීතිඥවරයා පෙන්වා දුන් නෛතික පූර්වාදර්ශය

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණයට කරුණු දක්වමින්, නුගේගොඩ දිසා අධිකරණයේ පැවති දේපළ නඩුවකදී ද ඇයගේ දේපළ පාලනය වෙනුවෙන් වෙනත් භාරකරුවෙකු පත් කර තිබූ බව පෙන්වා දුන්නේය.

කොළඹ අංක 08 මහාධිකරණයේ විභාග වූ සමාන නඩුවකදී ද මෙම වෛද්‍ය වාර්තාව පදනම් කරගනිමින් ඇය මීට පෙර මුදාහැර තිබිණි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව මත මෙම නඩුකරයෙන් ද ඇය මුදාහරින ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

යෝෂිතගේ ස්ථාවරය සහ ඉදිරි පියවර

නඩුවේ දෙවැනි විත්තිකරු වන යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඔහුට එරෙහි සංශෝධිත අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවා දෙන ලදී.

මූලික විරෝධතාවලට යටත්ව තමන් අදාළ සියලු චෝදනාවලට සම්පූර්ණයෙන්ම නිවැරදිකරු බව හෙතෙම සිය නීතිඥවරුන් මාර්ගයෙන් ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-Trial Conference) ලබන දෙසැම්බර් 02 වැනිදා කැඳවීමට නියෝග කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...