කොරෝනා වෛරසය වැලැක්වීමේ එන්නතක් සූදානම් දැයි ද, එය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දන්වා ඇති බව පසුගියදා සෞඛ්‍ය ඇමතිනිය විසින් ප්‍රකාශ කරන
ලදී.
 
කොරෝනා වෛරසය වැලැක්වීම සඳහා වන එන්නතක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සුදානම් කර තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට ප්‍රශ්න මතු වී තිබේ.
 
ඒ සම්බන්ධයෙන් කිසි දැනුවත් කමක් කර නැතැයි වසංගත රෝග මර්දක බලධාරීන් පවසන අතර තවම විද්‍යාගාර පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් අත්හදා බැලීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීමේ සැලසුමක් වේදැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෝ බිය පල කරති.
 
''තවම විද්‍යාගාර පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් අත්හදා බැලීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීමේ සැලසුමක් වේදැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෝ බිය පල කරති.''
 
“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම රෝගය වැලැක්වීම සඳහා වන එන්නත සූදානම් කරල තියෙනව. ඒ නිසා අපිට දැනුම් දීල තියෙනව සූදානමින් ඉන්න කියල එම එන්නත පාවිච්චි කරන්න.” යි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පසුගිය 24 වැනිදා රත්නපුරේ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය.
 
ඇය වැඩි දුරටත් කියා සිටියේ ඒ එන්නත ලබා දීම සඳහා රටම සූදානම් කරන බවයි.
 
 
“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම රෝගය වැලැක්වීම සඳහා වන එන්නත සූදානම් කරල තියෙනව. ඒ නිසා අපිටPavithra දැනුම් දීල තියෙනව සූදානමින් ඉන්න කියල එම එන්නත පාවිච්චි කරන්න.” - සෞඛ්‍ය ඇමතිනී 
 
 
එදිනම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන බියුරෝව; කොරෝනා රෝගය සඳහා එන්නතක් සොයාගැනීම පිලිබඳව සමාජගතව පවතින සාකච්ඡාවට සම්බන්ධ වෙමින්, ඒ සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය විද්‍යාත්මකව විස්තර කිරීමට සිදු කරන ලද සංවාදයක් ප්‍රසිද්ධ කර තිබුණි.
 
 එම සාකච්ඡාවට සහභාගී වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ, වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් කියා සිටියේ, ලොව පුරා කොරෝනා එන්නත් දෙසිය ගණනක් පර්යේෂණ මට්ටමේ පවතින බවයි. 
 
අනතුරුව ඒවා සායනික අත්හදා බැලීම් අදියර හතරක් හරහා ගමන් කළ යුතු බවත්, අවම වශයෙන් ඉන් 08 ක් පමණ දැන් ඇත්තේ සායනික පරීක්ෂණයේ අවසන් අදියරයේ බවත් පෙන්වා දී ඇත.
 
 ඇය කියා සිටියේ “මෙයින් අදහස් කරන්නේ 2020 අග හෝ 2021 මුල් භාගය වන විට මෙම සායනික අත්හදා බැලීම් වල ප්‍රතිඵල, ඒවායේ ආරක්ෂිත බව සහ කාර්යක්ෂමතාව අපට දැන ගැනීමට හැකිවනු ඇති” බවයි.
 
  

කෝවිඩ් 19 වසංගතයෙන් ගැලවීම සඳහා වන එන්නත් පිළිබද සැබෑ තත්ත්වය එසේ තිබියදී, ඇමැතිනියගේ රත්නපුර ප්‍රකාශය සෞඛ්‍ය අංශ වල ප්‍රශ්නයට ලක් කෙරී තිබේ.
 
‘මෙඩිකල් ට්‍රයල්’ අනතුරුදායකයි !
 
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කර සිටියේ, ‘එතුමිය කියූ දේ විතරයි අපිත් දන්නේ’ කියාය.Smana Rathnpriya 2020
 
“ලෝක සෞඛ්‍ය සංවිධානය තවම සායනික පර්යේෂණ මට්ටමේ තිබෙන කිසිම එන්නතක් සුදුසු යැයි පිලිඅරගෙන නෑ. එහෙම පිලි නොගත්ත එකක් ලංකාවට එවන්න විදියකුත් නෑ. එවනව නම් ‘මෙඩිකල් ට්‍රයල්’ එකකට තමා. එවැනි එකක් අපිට පිලිගන්න බැරිවෙනවා. ඒවා ජනතාවට අනතුරුදායකයි.”
 
 ඒ නිසා අපි අහන්න බලාපොරොත්තු වෙනවා බලධාරීන්ගෙන් - ‘මොකද්ද මේ එන්නත් ඉංජෙක්ෂන් එක? - කුමක් සඳහා ද ලංකාව මේකට තෝරගෙන තියෙන්නේ? - මෙඩිකල් ට්‍රයල් එකකට ද මෙහෙට එවන්නේ!’ කියන ප්‍රශ්න අහන්න.
 
දෙපැත්තක් පෙනෙන ප්‍රකාශයක් !
  
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති, රවි කුමුදේශ් ගේ අදහස වූයේ එන්නත පිලිබඳව දැනට ලෝකයේ පවතින පරීක්ෂණ මට්ටම අනුව බලන විට මේ ප්‍රකාශය ගැන දෙපැත්තක් පෙනෙන බවයි.
 
“එක්කෝ මේක දේශපාලන වශයෙන් හිතල කියපු කතාවක්, නැත්නම් ඉතිං සායනික අත්හදාබැලීම් කරන්න ලංකාව යොදා ගන්න යනවා විය හැකියි කියල හිතන්න පුලුවන්” බව ඔහු කියා සිටියේය.
  
“එක්කෝ මේක දේශපාලන වශයෙන් හිතල කියපු කතාවක්, නැත්නම් ඉතිං සායනික අත්හදාබැලීම් කරන්න ලංකාව 5e0ce3ae674733dc61f4873629554a37 XLයොදා ගන්න යනවා විය හැකියි කියල හිතන්න පුලුවන්” -සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති, රවි කුමුදේශ
 
 “මේ වගේ වෙලාවක එහෙම ඉල්ලීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවෙන් කරනවා නම්, එසේ ඉදිරිපත් වීමට කැමති අයට ඒ සදහා ඉදිරිපත් වීමට අයිතියක් තිනෙවා. මොකද කව්රුහරි හිතනවා නම් මේ පර්යේෂණයන්ට උදව්වෙන්න, මනුෂ්‍ය වර්ගයාට කරන සේවයක් කියල හිතල ඒකට අවස්ථාව තියෙනවා. 
 
මම ත් කැමතියි එහෙම ඉදිරිපත් වෙන්න. ඒ හෝ මේ රටක මිනිස්සු වෙනුවෙන් නොවේ. මිනිස් ජාතිය බේරාගන්න. නමුත් ඒකට බඳුන්වීම දැනුවත්ව විය යුතුයි. 
 
ඉස්සර වගේ දුප්පත් රටවල් වල මිනිස්සු රවට්ටල පර්යේෂණ වලට යොදාගන්න ඉඩ දෙන්න බෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙම කරන සංවිධානයක් නොවේ කියන එකයි මගේ අදහස.”
 
එන්නත් දෙසීයක්:
 
එන්නත ලබාදීම සදහා රටම සූදානම් කරන බවට ඇමතිතුමිය කළ ප්‍රකාශය පිලිබඳව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් කළ විමසුමකට පිලිතුරු දුන්, එහි කෝවිඩ් අංශයේ නිලධාරියකු කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනතෙක් එවැනි දැනුම් දීමක් කර නැති බවයි.
 

holding coronavirus vaccine bottles                       දැනට කොරෝනා වෛරසය සදහා භාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් එන්නත් 200 කට වැඩි සංඛ්‍යාවක් නිපදවමින් පවති. 

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ දැනට කොරෝනා වෛරසය සදහා භාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් එන්නත් 200 කට වැඩි සංඛ්‍යාවක් නිපදවමින් පවතින බවයි. 
 
ඉන් කිහිපයක්ම මිනිස් අත්හදා බැලීමේ අවධියට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම එන්නත් ප්‍රවෘත්ති (Latest Vaccine News) වෙබ් අඩවියෙහි දැක්වේ.
 
එන්නත් හා ප්‍රතිශක්තිකරණය සඳහා ගෝලීය සන්ධානය (GAVI) සහ යුනිසෙෆ් සමඟ එක්ව කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ එන්නත් අවශ්‍ය සියලු රට වලට, ආරක්ෂා සහිතව ඒවා සැපයීම සඳහා ඒ ඒ රටවල් අවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ලබා දිය හැකි තත්වයක පවතින බව සහතික කිරීම සඳහා මේ වකවානුව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටින බව එහි වැඩි දුරටත් සඳහන් වේ.  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්