The Leader News
BREAKING
ශෂී වීරවංශගේ සිර දඬුවමට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අවසන් අනුමැතිය●ඥානසාර හිමියන්ගේ වසර 4ක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි●සිර මැදිරියේ සිට නාමල් මහින්දට ලියූ සංවේදී උපන්දින සටහන●මාස 5ක විමර්ශන මන්දගාමීයි: සූගීෂ්වර බණ්ඩාරට දැඩි කොන්දේසි මත ඇප●'එකේ පන්තියේ ගුරුතුමී' හමු වී 'ඒ රෝස පැහැති ෆයිල් කවරය' දිග හරින්න 21 වන දා ගම්පහට එන්න●කුඩා මිනිස්සුන් ගේ ජීවිත වෙත ඉවසීමෙන් ඇතුළුවිය හැකි සියුම් යතුර; 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'●ලෙස්ටර් ගේ ලොකු ම විප්ලවය; 'රන් සළු'●ක්ෂුද්‍ර කතාව නෑකම් දක්වන්නේ කෙටිකතාවට වඩා කවියට - සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය●කථානායකගේ තීරණ අධිකරණයට ප්‍රශ්න කළ හැකිද? නීති තර්ක උණුසුම් වෙයි●හිටපු මන්ත්‍රීවරුන් යළි එකම වේදිකාවකට: නව සංගමය 28 දා ඇරඹේ●
Top Ad
පුවත්

ශෂී වීරවංශගේ සිර දඬුවමට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අවසන් අනුමැතිය

Nethmini

Nethmini

November 18, 2026 • 3:25 PM

ශෂී වීරවංශගේ සිර දඬුවමට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අවසන් අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශට නියම වූ වසර දෙකක බරපතළ වැඩසහිත සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැම්බර් 18) තහවුරු කළේය.
  • හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ඇය, තම දඬුවමට එරෙහිව ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මෙරට ඉහළම අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
  • නියම වූ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝග නිකුත් කිරීම සඳහා ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.
  • වසර ගණනක් ඇදී ගිය නඩුවේ පසුබිම ව්‍යාජ තොරතුරු සහ ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශට නියම වූ වසර දෙකක බරපතළ වැඩසහිත සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැම්බර් 18) තහවුරු කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ඇය, තම දඬුවමට එරෙහිව ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මෙරට ඉහළම අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

විවෘත අධිකරණයේදීම අධිකරණ භාරයට

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම අභියාචනය විභාගයට ගැනිණි.

එහිදී විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ වහාම අධිකරණ භාරයට ගැනීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

නියම වූ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝග නිකුත් කිරීම සඳහා ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.

වසර ගණනක් ඇදී ගිය නඩුවේ පසුබිම

ව්‍යාජ තොරතුරු සහ ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු 2022 වසරේ මැයි 27 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇයව එම චෝදනාවලට වරදකාරිය කළේය.

ඒ අනුව ඇයට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරුණු අතර, දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඬුවමක් විඳීමට ද නියම විය.

මහාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා

මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය.

එම පෙත්සම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න 2026 ජූනි 11 වන දා අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මුල් දඬුවමම ස්ථීර කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීන්දුවත් සමඟ ඇයට තිබූ අවසන් නීතිමය අභියාචනා අවස්ථාව ද අවසන් වන අතර, ඇයට නියම වූ සිර දඬුවම ක්‍රියාත්මක වීම අනිවාර්ය වී තිබේ.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...