අද (03) උදෑසන 10.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව, මෙම ආපදා තත්ත්වයෙන් තවත් පුද්ගලයින් 356 දෙනෙකු අතුරුදන්ව ඇත. සමස්තයක් ලෙස පවුල් 448,817කට අයත් පුද්ගලයින් 1,586,329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊට අමතරව නුවරඑළියෙන් 89ක්, බදුල්ලෙන් 83ක්, කුරුණෑගලින් 53ක්, කෑගල්ලෙන් සහ පුත්තලමෙන් 29 බැගින් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 28ක් වාර්තා වේ.
එමෙන්ම, අතුරුදන් වූවන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වන 171 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, නුවරඑළියෙන් 73ක්, කෑගල්ලෙන් 43ක්, බදුල්ලෙන් 28ක් සහ කුරුණෑගලින් 27ක් මේ වනවිටත් අතුරුදන්ව ඇත.




