The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉදිරි පැය 48 තුළ කැලණි ගංගා නිම්නයේ පහත් බිම්වලට මහා ගංවතුර තත්ත්වයක්

T

The Leader Desk

November 28, 2025 • 3:55 AM

ඉදිරි පැය 48 තුළ කැලණි ගංගා නිම්නයේ පහත් බිම්වලට මහා ගංවතුර තත්ත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද උදෑසන වන විට මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී.
  • ඉක්මවා වැසි වාර්තා වී ඇති අතර ගම්මඩුව ප්‍රදේශයට වාර්තා වී ඇති වර්ෂාපතනය මි.මී.
  • එහි කන්දේනුවර ප්‍රදේශයට මි.මී.
  • මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කර සිටියේ, මෑත ඉතිහාසයේ දිවයිනට ඇඳහැලෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් බිම්වලට මහා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

 
අද උදෑසන වන විට මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 400 ඉක්මවා වැසි වාර්තා වී ඇති අතර ගම්මඩුව ප්‍රදේශයට වාර්තා වී ඇති වර්ෂාපතනය මි.මී. 578ක් ලෙස සටහන්ව ඇත. එහි කන්දේනුවර ප්‍රදේශයට මි.මී. 426ක වර්ෂාපතනයක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයට මි.මී. 248ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කර සිටියේ, මෑත ඉතිහාසයේ දිවයිනට ඇඳහැලෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බවය.

3e4394a0 fc2b 49e2 baa1 1502bf14def6.png

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...