The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ දොස්තරලා පැය 48ක් වර්ජනයක

T

The Leader Desk

January 23, 2026 • 5:14 AM

රජයේ දොස්තරලා පැය 48ක් වර්ජනයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ඔහු සඳහන් කළේය.
  • මේ වන විට රට පුරා සියලුම රෝහල්වල සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇති අතර, හදිසි සහ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සේවාවන් පමණක් ක්‍රියාත්මක වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වෛද්‍යවරුන්ගේ ආර්ථික ගැටලු සඳහා විසදුම් ලබාදීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව සඳහා අනන්‍ය වූ වැටප් දීමනා ලබාදිම, අමතර රාජකාරී දිමනාව ස්ථාවර දීමනාවක් ලෙස වැටුපට එක්කිරීම ඇතුලු ඉල්ලිම් 5 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසීය.

නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ඔහු සඳහන් කළේය.

දිවයින පුරා සියලු රෝහල්වල මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවත් මහරගම අපේක්ෂා රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල ඇතුලු මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසීය.

මේ වන විට රට පුරා සියලුම රෝහල්වල සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇති අතර, හදිසි සහ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සේවාවන් පමණක් ක්‍රියාත්මක වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...