සීනි කිලෝවක් සඳහා වූ වෙළඳ තීරු බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු
පිටකොටුව තොග වෙළෙඳපොළේ ඇති වූ චංචලතාවයත් සමග තව දුරටත් සීනි ආනයනය ඉහළ ගොස් වෙළෙඳපොළෙහි දෝරේ ගලා යනු ඇතැයි රජය   අපේක්ෂා කලද, කිසිදු වෙළෙඳපොළ සමීක්ෂණයකින් තොරව තාවකාලිකව සීනි විශේෂ තීරු බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබී නැතත්, අවස්ථාවාදී තොග වෙළෙඳුන්ට නම් අති විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමේ අවස්ථාවක් උදාකර ඇත.
 
සිංහල කියමනක් වන ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල් කීවා මෙන් අවම ආයෝජනයක්  යටතේ සීනි ආනයන කිරීමටත්, ඉන්දියාවේ තවමත් ක්‍රියාත්මක වන ඇ.ඩොලර් 142 ක අපනයනය දිරි දීමනාවේ (Export Incentive ) වාසියත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඉදිරි මාස 3-4 කට සීනි සෑහෙන තොග ආනයනය කර විශාල ලාබයක් ලබා ගැනීමට අවස්ථාවාදී වෙළෙඳුන් උත්සුකවිය.
 
එසේ වුවත් මෙමගින් රජයට අහිමි වන තීරු බද්ද අවම වශයෙන් කෝටි 700 කට ආසන්න මුදලකි.
 
 
 “ආනයන අපනයන පාලක” නියෝගය !
 
 විවෘත සාමාන්‍ය බලපත්‍ර (open General license) ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ සිනී ආනයනය “ආනයන අපනයන පාලක” විසින් 2020 - ඔක්තෝබර් 29 දින  අංක IECD/6/10/2020 VOL 1 මෙහෙයුම් චක්‍රලේඛය 20/2020 මගින් ශ්‍රී ලංකාවට සිනි ආනයනය වහාම ( 2020 ඔක්තෝබර් 30 දින  ක්‍රියාත්මක වන පරිදි) නතර කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලුම බැංකුවලට උපදෙස් ලබා දී ඇත.
 
fgdfgu7 
 
 
පරිවර්ථනය -
(IECD / 6/1/10/2020 / VOL I.
මෙහෙයුම් උපදෙස් අංක 20/2020
අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා රේගුව,
සියලුම වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්,
ආනයන හා අපනයන (පාලන) නියාමනය 2020 අංක 09 -29.10.2020
1969 අංක 1 දරණ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ සහ 2020 ජූලි 16 දිනැති 2184/21 ගැසට් පත්‍රයේ අංක 17 දරණ රෙගුලාසි ප්‍රකාරව පහත සඳහන් මෙහෙයුම් උපදෙස් නිකුත් කරනු ලැබේ.
1-  2017 නොවැම්බර් 09 දිනැති ගැසට් අතිවිශේෂ අංක 2044/40 හි ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා 2020 ඔක්තෝබර් 29 දිනැති ගැසට් අතිවිශේෂ අංක 2199/20 ප්‍රකාශයට පත් කර ඇත. (ඇමුණුම).
2-  2020 ජුලි 16 දිනැති අංක 2184/21 ගැසට් පත්‍රයේ II වන උපලේඛණය නොසලකා 2020 ඔක්තෝබර් 30 දින සිට බලපැවැත්වෙන පරිදි වලංගු ආනයන පාලන බලපත්‍රයක් නොමැතිව (අයිසීඑල්) සීනි ආනයනය කිරීමට ශ්‍රී ලංකා රේගු සහ වාණිජ බැංකු පහසුකම් නොදෙනු ඇත.
 HS ශීර්ෂය යටතේ 17.01. 
මෙම උපදෙස් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කළ යුතුය.
 
ටී වී ඩී දමයන්ති එස්. කරුණාරත්න
පාලක ජෙනරාල්.
CC: ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති : ඉහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම වාණිජ බැංකුවලට නිශ්චිත උපදෙස් නිකුත් කිරීම ගැන කෘතගුණ වෙනවා)
 
 
කිසිදු වග විභාගයකින් තොරව කළ වැඩක් !
 
රජය වහාම මෙම තීරණය ගනු ලැබුවේ තවදුරටත් සීනි තොග ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ගොඩබෑම (Dumping) නතර කර කිසිදු වග විභාගයකින් තොරව අඩු කරන ලද රුපියල් 49.75 ක තීරු බද්ද නොවැම්බර් 13 දිනෙන් පසුව නැවත පනවා අයවැය හිඟය පියවා ගැනීම සඳහා මුදලක් සොයා ගැනීමේ පරමාර්ථයයෙන් විය හැකිය.
 
එහෙත් කිසිවෙකුත් අපේක්ෂිත නොකළ පරිදි ප්‍රධාන පෙලේ සීනි වෙළෙන්දෙකු වන විල්මාර් ට්‍රේඩින් සමාගම ඉන්දියාවේ සිට MV - Mak 1 නැමැති නෞකාව මගින් සීනි ටොන් 26,000 ක තොගයක් කොළඹ වරායට ආනයනය කරනු ලැබීය. 
 
ඊට දින 12 කට පෙර සිටම මෙම නැව යටතේ සිනී තොගයක් රැගෙන ඉන්දියාවේ සිට කොළඹ වරාය බලා ගමන් කරන බව ජාත්‍යන්තර නාවික වාර්තා වල පළ කර තිබුණි.
 
MAK1
 
The current position of MAK1 is at Indian Coast (coordinates 5.96499 N / 80.11264 E) reported 12 days ago by AIS. The vessel is en route to the port of Colombo, sailing at a speed of 13.2 knots and expected to arrive there on Nov 1, 15:00.
The vessel MAK1 (IMO: 9230919, MMSI 312625000) is a Bulk Carrier built in 2001 (19 years old) and currently sailing under the flag of Belize.
 
පරිවර්ථනය -
 
(MAK1 හි වර්තමාන පිහිටීම ඉන්දියානු වෙරළ තීරයේ (ඛණ්ඩාංක 5.96499 N / 80.11264 E) දින 12 කට පෙර AIS විසින් වාර්තා කරන ලදී. මෙම නෞකාව කොළඹ වරායට යමින් නාවික සැතපුම් 13.2 ක වේගයෙන් යාත්‍රා කරන අතර නොවැම්බර් 1, 15:00 ට එහි පැමිණීමට අපේක්ෂා කෙරේ)
 
Sajad Mawzoon bASIL
විල්මාර් කළමණාකාර අධ්‍යක්ෂ සජාජ් මවුසුන් 
 
කොළඹ සීනි තොග වෙළෙඳපොළේ මෙවැනි චංචල ස්වභාවයක් තිබුන අතර වෙළඳ අමාත්‍යංශය සහ මුදල්  අමාත්‍යංශය නැවත තීරු බදු පැනවීම පිළිබඳ එකගත්වයක් නොමැති අවස්ථාවක විල්මාර් සමාගම (Wilmar Trading) ඉන්දියානු සීනි ටොන් 26,000 ක් ආනයනය කළේ ඇයිද ගැටලුවකි. 
 
මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 12.09 ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 2272  ක් පමණ වෙයි.
 
මතුපිටින් බැලුවහොත් පෙනී යන්නේ මෙම හදිසි ඇණවුම සීනි මිල අඩුකිරීමට ගොස් අසීරුවට පත්වී සිටින රජය ගලවා ගැනීම සදහා විය හැකිය.
 
මෙම නැව කොළඹ වරායට එනවිට එනම් නොවැම්බර් 3 දින සීනි සඳහා අදාළ වන්නේ ශත 25 ක තීරු බද්දක් පමණි.
 
ඒ අනුව අදාල සමාගමට එම තීරුබද්ද ගෙවා සතොසට රුපියල් 78කට හෝ උපරිමය රුපියල් 80/= කට ලබාදීම මගින් සේවයක් කළ හැකි අතර කොවිඩ් වසන්ගතයත් සමඟ පීඩාවෙන් සිටින ජනතාවට රුපියල් 85/= කට සීනි ලබා දීමේ රජයේ උවමනාවට ද දායක විය හැක. 
 
ඒ අනුව අදාල සමාගමට එම තීරුබද්ද ගෙවා සතොසට රුපියල් 78කට හෝ උපරිමය රුපියල් 80/= කට ලබාදීම මගින් සේවයක් කළ හැකි අතර කොවිඩ් වසන්ගතයත් සමඟ පීඩාවෙන් සිටින ජනතාවට රුපියල් 85/= කට සීනි ලබා දීමේ රජයේ උවමනාවට ද දායක විය හැක. 
 
එහෙත් රජයේ පාර්ශවයෙන් මේ වනවිට එම සමාගමට ප්‍රහාර දෙකක් එල්ල වී ඇත.
 
 1) ආනයන අපනයන පාලක විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව ඔක්තෝබර් 29 සිට ශ්‍රී ලංකාවට සීනි ආනයනය කළ නොහැක. 
 
(ඒ සඳහා පළකල යුතු ගැසට් පත්‍රය නිකුත්  පළකළා දැයි අපි නොදනිමු - එසේ පළ කර නොමැති නම් එයත් වක්‍රාකාරයෙන් මෙවැනි අක්‍රමිකතා සිදුවීමටත් ව්‍යාපාරිකයන්ට නීතියෙන් රිංගා යාමටත් ඉඩ ප්‍රස්ථා සැලසීමකි)
 
2) විල්මාර් සමාගම මෙරටට සීනි ආනයනය කරන්නේ රවී කරුණානායක මුදල් ඇමති වශයෙන් සිටි කාලයේදී ඔහු විසින් අනුමත කර දී ඇති බන්ධිත ගුදම් (Bonded Were house) පහසුකම යටතේය.
 
විල්මාර් සමාගම මෙරටට සීනි ආනයනය කරන්නේ රවී කරුණානායක මුදල් ඇමති වශයෙන් සිටි කාලයේදී ඔහු විසින් අනුමත කර දී ඇති බන්ධිත ගුදම් (Bonded Were house) පහසුකම යටතේය.
 
අදාල සමාගම විසින් නොවැම්බර් මස 3 දින හෝ ඒ ආසන්න දිනයකදී ලංකාවට ආනයනය කරන ලද සිනී ටොන් 26,000 ක් සඳහා කිලෝවක් සඳහා ශත 25 බැගින් තීරු බදු මාර්ගස්ථ ගෙවීම් (On Line) ක්‍රමය යටතේ ගෙවා ඇති බව හෙලි වී ඇත.
 
එහෙත් උක්ත චක්‍රලේඛයට අනුව තීරුබදු අගය ශ්‍රී ලංකා රේගුව පිළි ගැනීම සහ අදාළ බැංකුව ආනයනික ලියකියවිලි (Import Documents) ආනයනකරුට නිදහස් කිරිම සපුරා තහනම්ය.
 
එසේ කර තිබුණහොත් එය රජයට කරන විශාල බදු වංචාවක් වන අතර ආනයන අපනයන පාලකගේ චක්‍රලේඛණය උල්ලංඝණය කිරීමක්ද වනවා ඇත.
 
''එසේ කර තිබුණහොත් එය රජයට කරන විශාල බදු වංචාවක් වන අතර ආනයන අපනයන පාලකගේ චක්‍රලේඛණය උල්ලංඝණය කිරීමක්ද වනවා ඇත.''
 
අප වෙත වාර්තා වී ඇති පරිදි ඔන්ලයින් ක්‍රමයට තීරුබදු ගෙව්වත් රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් මෙම සීනි තොගය ගොඩබෑම තහනම්  කිරීම නිසා MV Mak 1 නෞකාව නැවත වරායෙන් පිටතට ගොස් නැංගුරම් ලා ඇත.
 
මෙවැනි අවස්ථාවක සීනි තොගයේ මුලු වටිනාකමට බැංකු ඇපකරයක් ලබා දිය යුතුය.
 
 
කහ කන්ටේනර් රාජ සන්තක කල පරිදි මෙම සීනි තොගය ගොඩබෑම තහනම් කරයි ද ?
 
පසුගිය දා කහ කන්ටේනර් 62 ක් රාජ සන්තක කරනු ලැබුවේද මෙම නීතිය යටතේම වන අතර අනෙකුත් සීනි ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව බලා සිටින්නේ මෙම සීනි තොගය කුමන පදනමක් යටතේ නිදහස් කරන්නේද යන්නය ?
 
එසේ නොමැතිව නැවත පැනවීමට යෝජිත රුපියල් 50/= තීරු බද්ද පනවන තෙක් අදාළ නෞකාව පිටත වරායේ නවතා තබනවාද?
 
නැතහොත් අදාළ සමාගම සමඟ සාකච්ඡා කර දැනටමත් සත 25 බැගින් තීරු බදු ගෙවා ඇති සීනී තොගය නොවැම්බර් 10 දා ගැසට් පත්‍රය ප්‍රකාරව ලංකා සතොස මගින් රුපියල් 80/= මිළට ගෙන රුපියල් 85/= බැගින් ජනතාවට බෙදා දෙනවාද යන්න බලා සිටිමු.
 
 
එක රටක් එක නීතියක්!!!
 
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
 
 
 
 
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lk හි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්