1200 x 80 DMirror
 
 

කොරෝනා වසංගත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී, ජනතාව අන්ත අසරණ තත්ත්වයක පත්ව ඇති මොහොතක,

ජනතාවට යම් සහනයක් ලබාදීමේ අරමුණින් යුතුව රජය සීනි මිළ අඩුකිරීම දැරූ උත්සාහය අඩපන කිරීමේ ජාවාරම සමග පැන නැගුණ අර්බුදය මේවනවිට ලිහා ගත නොහැකි නූල් බෝලයක් බවට පත්ව තිබේ.

එම තත්ත්වය යටතේ ගැසට් පිට ගැසට් ගැසුවත් රජයට සීනි මිළ අඩු කළ නොහැකිවී ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගෙන් ප්‍රකාශ කර සිටියේ, රජය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී දේශපාලන මැදිහත්වීම් මත එක් එක් පුද්ගලයන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීම මෙවැනි අර්බුදයන්ට මුලික හේතුව බවයි.

ජාතික වැදගත් කමක් ඇති තීරණයක් තනි පුද්ගලයෙකුගේ අදහසට ක්‍රියාත්මක නොකළ යුතු අතර එම විෂයානුබද්ධව පූර්ණ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව සාමූහික තීරණයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු බවද එම නිලධාරියා සඳහන් කළේය.

සීනි මිළ අඩු කිරීම සම්බන්ධ තීරණයේදී රජය ක්‍රියා කර ඇත්තේ කිසිදු විනිවිදභාවයකින් නොවන බවත් තම හිත ව්‍යාපාරික ගජ මිතුරන් පිනවීම සඳහා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

''සීනි මිළ අඩු කිරීම සම්බන්ධ තීරණයේදී රජය ක්‍රියා කර ඇත්තේ කිසිදු විනිවිදභාවයකින් නොවන බවත් තම හිත ව්‍යාපාරික ගජ මිතුරන් පිනවීම සඳහා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.''

 

සීනි අර්බූදයේ ඉතිහාස කථාව!

ශ්‍රී ලංකාවට පසුගිය මාස කිහිපයතුළදීම වැඩියෙන් සීනි අපනයනය කර ඇත්තේ ඉන්දියාවෙනි.

සීනි ටොන් එකක ගොඩබෑම දක්වා වූ මිළ (CIF) වූයේ ඇමෙරිකානු ඩොලර් 375-390 ක ප්‍රමාණයකි. 

එනම් ටොන් එකක් රුපියල් 73,320/= කි. 

ටොන් එකක් සඳහා රජය විසින් අය කරනු ලැබූ තීරුබද්ද රුපියල් 50,000/=  ක් වූ අතර මුළු පිරිවැය රුපියල් 125,000/= කට ආසන්න විය.

මෙවැනි අවම මිලකට ශ්‍රී ලංකාවට සීනි ආනයනය කිරීමට හැකි වූයේ මෙම වසරේ ඉන්දියාවේ ඉහළ උක් අස්වැන්නක් ලැබීමත් කොරෝනා වෛරසය නිසා ඉල්ලුම අඩුවීමත් නිසාය.

අපනයනය වැඩි කර ගැනීම සඳහා ඉන්දීය රජය අපනයනය කරන ටොන් එකක් වෙනුවෙන් ඩොලර් 142 ක දිරි දීමනාවක් අපනයනකරුවන්ට ගෙවූ අතර එම යෝජනා ක්‍රමය 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිතය.

අපනයනය වැඩි කර ගැනීම සඳහා ඉන්දීය රජය අපනයනය කරන ටොන් එකක් වෙනුවෙන් ඩොලර් 142 ක දිරි දීමනාවක් අපනයනකරුවන්ට ගෙවූ අතර එම යෝජනා ක්‍රමය 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිතය.

 

මාස හයකට සීනි තොග රැස් කරගෙන!

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සීනි ආනයන සමාගම් සැප්තැම්බර් මාසයේ සිට ලංකාවට ආනයනය කරන ප්‍රමාණය වැඩි කළ අතර ඔවුන්ගේ අපේක්ෂාව වූයේ දෙසැම්බර් 31 දිනට පෙර ඉදිරි හය මාසයක් සඳහා අඩු මිළ ගණන් යටතේ තොග රැස් කර ගැනීමයි.

ශ්‍රී  ලංකාවේ මාසික සීනි අවශ්‍යතාවය ටොන් 35,000 කි. 

ඔක්තෝම්බර් 13 දින විශේෂ භාණ්ඩ සඳහා වූ තීරු බද්ද රුපියල් 50/= සිට ශත 25 දක්වා අඩු කර ගැසට් නිවේදනය නිකුත් කරන විට රටතුළ රුපියල් 50 බැගින් තීරු බදු  ගෙවූ සීනි ටොන් 90,000 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබුණි.

''ඔක්තෝම්බර් 13 දින විශේෂ භාණ්ඩ සඳහා වූ තීරු බද්ද රුපියල් 50/= සිට ශත 25 දක්වා අඩු කර ගැසට් නිවේදනය නිකුත් කරන විට රටතුළ රුපියල් 50 බැගින් තීරු බදු  ගෙවූ සීනි ටොන් 90,000 කට ආසන්න ප්‍රමාණයක් තිබුණි.''

2007 48ඔක්තෝම්බර් 13 දින මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ නිකුත්කල නිවේදනය 

තවද මේ සියළුම සමාගම් සීනි ආනයනය කරනු ලබන්නේ දින 90 ක ණය පහසුකම් යටතේ වන අතර සියළු සමාගම් බැංකු මාර්ගයෙන් ණයවර ලිපි විවෘත කර තිබුණි.

''තවද මේ සියළුම සමාගම් සීනි ආනයනය කරනු ලබන්නේ දින 90 ක ණය පහසුකම් යටතේ වන අතර සියළු සමාගම් බැංකු මාර්ගයෙන් ණයවර ලිපි විවෘත කර තිබුණි.''

මේ අනුව ටොන් 90,000 කට තීරුබදු ගෙවා තිබියදී බද්ද ශත 25 දක්වා අඩුකර රුපියල් 85/= කට සීනි මිළ තීරණය කලේ කවුද?

මෙදින වන විට වෙළෙඳපොළේ තොග ප්‍රමාණයන් සනිටුහන් වුණේ මේ ආකාරයටය.

1) විල්සන් ට්‍රේඩින් -  ටොන් 28,200

2) ග්ලෝබල් ට්‍රේඩින්  - ටොන් 18,875

3) පල්ලියගොඩ ට්‍රේඩින් - ටොන් 14,150

4) ඇම්කෝ ෂුගර්  - ටොන් 11,000

5) R. G. බ්‍රදර්ස්  - ටොන්  6,250

6) ඥානම් සමාගම - ටොන්  1,750

7)  විල්මාර් ට්‍රේඩින්  - ටොන්  8,000

8) වාසු ගෘප් - ටොන්  1,863

9) වුඩ්ලන්ඩ්ස් සමාගම - ටොන්  2,500

10 ) N.E. ට්‍රේඩින් - ටොන්  700

11 ) නිව් බෙන්සන් සමාගම - ටොන්  175  වශයෙනි.

 

'විල්මාර්' සමාගම ( Wilmar Trading ) :

Sajad Mawzoon bASIL'විල්මාර්' කළමණාකාර අධ්‍යක්ෂ සජාජ් මවුසූන්

විල්මාර් සමාගම සීනි ආනයන කරන අවස්ථාවේ තීරුබදු නොගෙවන අතර ඔවුන් එය බන්ධිත ගුදම් නැතහොත් Bonded  warehouse හි ගබඩා කර කුඩා තොග අලෙවි කරන විට තීරු බදු ගෙවයි.

අනෙක් සියලුම සමාගම් වරායෙන් පිටතට ගැනීමට පෙර තීරු බදු ගෙවිය යුතුය.

ඉතා සරලව කිවහොත් රුපියල් 50/= තීරු බද්ද ගෙවා ඇති ව්‍යාපාරිකයකුට එම මුදල තම සාක්කුවෙන් දරා ගෙන රුපියල් 85/= ට සීනි අලෙවි කළ නොහැකිය.

ඉතා සරලව කිවහොත් රුපියල් 50/= තීරු බද්ද ගෙවා ඇති ව්‍යාපාරිකයකුට එම මුදල තම සාක්කුවෙන් දරා ගෙන රුපියල් 85/= ට සීනි අලෙවි කළ නොහැකිය.

අනෙක් කාරණාව වන්නේ, මේ සියළු දෙනාගේම බැංකුවලට ගෙවිය යුතු මුදලේ එකතුව රුපියල් බිලියන 4.1 ක පමණ වෙන අතර ණයවර ලිපි කල්පිරුණ විට පිටරට විදේශ බැංකුවලට ගෙවීමට අදාළ සමාගම් ගිවිසුම්වලට ඇතුළත් වී තිබුණි.   

 

ඔක්තෝබර් මාසයේ සත  25ක තීරුබද්ද කරලියට පැමිණියේ කෙසේද?

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලත් 20 සංශෝධනය පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගැනීමත් යන ප්‍රධාන කාර්යයන් දෙකක් රජය අභියස විය.

ව්‍යාපාරිකයන් පවසන අන්දමට වර්ග භාණ්ඩ 4 ක තීරුබදු අඩුකිරීමට යෝජනා කර ඇත්තේ සතොස සභාපති නුෂාඩ් පෙරේරා (Nushad M Perera) ය.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ අලෙවි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින් වසර 13ක දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු එහි සමූහ ප්‍රධන අලෙවි නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය. 

Nuzad chamalලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා, අමාත්‍ය චමල් රාජපක්ෂ ගෙන් පත්වීමේ  බාර ගනිමින්...

මේ අවස්ථාවේ රජයට ලකුණු ටිකක් රැස්කර දීමේ අරමුණින් යුතුව ලොකු ලූණු, සීනි, පරිප්පු සහ ටින්මාලු සඳහා වූ රු. 50 බද්ද ඉවත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ ඔහු විසිනි. 

මේ සඳහා අමාත්‍යංශයේ කිසිදු මැදිහත්වීමක්, සාකච්ඡාවක් සහ වෙළෙඳපොළ තොග පිළිබඳ සමීක්ෂණයක් නොකර අදාළ යෝජනාවට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා ගෙන, අරලියගහ මන්දිරයෙන්ද අනුමත කරගෙන, පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්ගේ ආශිර්වාදයෙන් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

d5df21aa baef 4519 9835 d7424c490a64

 

මෙම තීරුබදු අඩු කිරීම් තාර්කිකද?

සීනි  ආනයනකරුවන් කියා සිටින්නේ මෙම කාර්යය ඉතිහාසයේදී සිදු වූයේ ජීවන වියදම් කොමිටියේදී ඒ පිළිබඳ සාකච්ඡාකර කිසිදු පාර්ශවයකට අගතියක් නොවන ආකාරයට  බවයි.

සීනි ආනයනකරුවන් සියළු දෙනාම මෙම අඩු කරන ලද තීරු බද්ද පිළිගත්තා නම් ඔවුන් සියළු දෙනාම බංකොළොත්භාවයට පත්වීම අළුතින් කිව යුතු නොවේ.

ගැසට් නිවේදනය නිකුත් කළ විගස පිටකොටුවේ සියළුම වෙළෙඳුන් තීරණය කරනු ලැබුවේ තීරුබදු ගෙවූ භාණ්ඩ මිළ අඩු නොකර එම මිළටම අලෙවි කළ යුතු බවයි.

පසුවදාම ආනයනකරුවන් සියළු දෙනාම තම තොග පිළිබඳව තොරතුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධනටත් ලේකම් භද්‍රාණි ජයවර්ධනටත් ලබා දී ඇත. 

 

ජනාධිපති ලේකම් තිගැස්සේ !

ඒ වෙන විට ඇතිවෙමින් පවතින තත්වය වටහාගත් ජනාධිපති ලේකම්වරයා සතොස සභාපතිවරයාගෙන් විමසා ඇත්තේ මෙම අවුල දැන් කෙසේ විසඳාගත යුතුද යන්නයි.

පැවති තීරුබදු කපා හැරීම සතොස සභාපතිවරයාගේ යෝජනාවක් නිසා ඉතා තීක්ෂණ  නිලධාරියෙකු වන පී.බී.ජයසුන්දර, සතොස සභාපතිටම තීරු බදු වැඩි කිරීමේ යෝජනාවත් ගෙන එන ලෙස දැනුම් දී ඇත.

සීනි මිළ අඩුකර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති නිසා වහාම මිළ අඩු කර නැවත ගැසට් නිවේදනයක් නිකුත් කිරීම නීත්‍යාණුකූල නොවන අතර ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට යා යුතු අතර යම් වෙනසක් සිදු කිරීමට දින 30 ක් ගත විය යුතුය.

එම කාලසීමාව නොවැම්බර් 13 දිනෙන් අවසන් වන අතර පී.බී.ජයසුන්දර මහතා උපදෙස් දී ඇත්තේ සතොස සභාපති, අමාත්‍යංශ ලේකම්තුමිය යන අයට, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර නැවත කොපමණ ප්‍රමාණයක තීරු බද්දක් පැනවිය යුතුද යන්න යෝජනා කරන ලෙස දන්වා ඇත.

සීනි සමාගම් යෝජනා කරන්නේ නැවත රුපියල් 50/= ක්ම තීරුබදු ලෙස පණවන ලෙසයි.

නමුත් තමන් රජයට දුන්න වැරදි උපදෙස් වසා ගැනීමට උත්සාහ කරන සතොස සභාපතිවරයා යෝජනා කර ඇත්තේ රුපියල් 40/= ක බද්දක් පැණවීම සාධාරණ බවයි. 

Suger 2020'අනුන්ගේ සීනි කිරන වෙළෙඳ ඇමතිට සීනි ආනයනකරුවන් ලඟ බැගෑපත් වීමට සිදුවීම.

විවෘත වෙළෙඳපොළේ සීනි රුපියල් 120/= 123/= කට අළෙවි වුණත් රජය පාර්ශවයෙන් අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නේ සතොස මඟින් රුපියල් 85/= ට සීනි අලෙවි කරන ලෙසයි.

සතොස සතියකට වරක් සීනි මිලදී ගැනීම සඳහා විකුණුම්කරුවන්ගෙන් මිළ ගණන් කැඳවන අතර අවසානයේ වෙළෙඳ ඇමතිවරයාට සිදු වුණේ සීනි ආනයනකරුවන්ගේ ලඟ බැගෑපත් වීමටය.

ඔක්තෝම්බර් 15 වෙනි දින ටෙන්ඩර් කැඳවීමට ස්මාර්ට් ඩ්‍රැගන් යන සමාගම ප්‍රතිචාර දක්වමින් ටොන් 750 ක් ලබා දෙන්නේ රුපියල් 121/= ක මිලකටය.

සතොස දෙවෙනි ටෙන්ඩරයට වාසු ගෘප් සමාගම රුපියල් 110/= බැගින් ටොන් 750 ක් ලබා දෙන්නේ පාඩු විඳගෙනය.

කෙසේ වුවත් අවසානයේදී සතොසට සීනි ටොන් 2000 ක් ලබා ගැනීමේ ව්‍යායාමය අඩපණ වෙනවා පමණක් නොව සමස්ථ සතොස ජාලය තුළම සීනි නොමැති තත්වයක් උද්ගත වී ඇත.

''කෙසේ වුවත් අවසානයේදී සතොසට සීනි ටොන් 2000 ක් ලබා ගැනීමේ ව්‍යායාමය අඩපණ වෙනවා පමණක් නොව සමස්ථ සතොස ජාලය තුළම සීනි නොමැති තත්වයක් උද්ගත වී ඇත.''

සතොස ආරංචි මාර්ග සඳහන් කරන්නේ විවෘත වෙළෙඳපොළින් රුපියල් 85/= සීනි ඉල්ලුම් කිරීම අසාධාරණ බවත් රජය කළ යුතුව තිබුණේ 'විල්මාර් ට්‍රේඩින්' සමාගමේ බන්දිත ගුදම්වල තිබූ තීරුබදු නොගෙවන ලද සීනි ටොන් 8000 ට ශත 25 බැගින් තීරු බදු ගෙවා රජයට පවරාගෙන රටපුරා සතොස ශාඛා බෙදා හැරිය යුතුව තිබුණ බවයි.

එහෙත් රජය ඒ කාර්යයට අත නොගැසුවේ විල්මාර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සජාජ් මවුසූන් (Sajjad Mawzoon) රාජපක්ෂ පවුලේ ඉතාමත් සමීප මිතුරෙකු වන නිසාය.

 

අමාත්‍ය මණ්ඩලයේත් සාකච්ඡා!!

 පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සීනි අර්බුදය දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වූ අතර එහිදී සියල්ලගේම ඇඟිල්ල දිගු වූයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙතය.

අවසානයේදී අමාත්‍ය මණ්ඩලය ඉල්ලා සිටියේ කෙසේ හෝ සීනි ආනයන සමාගම්වලින් අඩුම මුදලකට සීනි මිළදී ගෙන සතොස මාර්ගයෙන් බෙදා හරින ලෙසයි.

 එහෙත් එය කළ හැකි කාර්යයක් බව මේ වනතෙක් පෙන්නුම් කර නොමැත.

 

ආණ්ඩුව මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි !

1- ශත 25 කට සීනි තීරුබද්ද වලංගු කාලසීමාවේදී විල්මාර් සමාගම MAK1නෞකාවෙන් සීනි ටොන් 26,000 ක් ගෙන්වූයේ ඇයි?

2- රජය විවෘතව ඕනෑම අයෙකුට  සීනි ආනයනය කිරීමට තිබූ ක්‍රමය තහනම් කර ආනයන බලපත්‍ර ක්‍රමයට සීනි ගෙන්වීම යටත් කළේ ඇයි?

3- සීනි ටොන් 26,000 ගබඩාකර ඇති නෞකාව වරායෙන් පිටත නවතා බලා සිටින්නේ රජය විසින් නැවතත් විශේෂ භාණ්ඩ විශේෂ භාණ්ඩ තීරුබද්ද රුපියල් 40/= හෝ 50/= දක්වා වැඩි කරන තුරුද?

4- නොවැම්බර් 13 දින සීනි සඳහා උපරිම සිල්ලර මිළ රු 85/= ලෙස නියම කරමින් ප්‍රකාශ කරන ලද ගැසට් පත්‍රය අනුව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා කටයුතු කරනවාද?

තවත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තුවන්න.

 

සබැඳි පුවත් :

වසංගතයකින් ජනතාව අසරණව සිටිය දී 'සීනි සහනයෙන්' කෝටි ගණනක් මාටියා ගැහිල්ලක්!

මාධ්‍ය අනාවරණ හමුවේ සීනි මිල පාලනයට තවත් ගැසට් එකක් !

සීනි මිල අඩු කිරීම අර්බුදයෙන් අර්බුදයට! - ඇමති බන්දුල දිගටම ඇන ගනී !  

සීනිවලට අඩුකළ රු. 49/= වාසිය පාරිභෝගිකයාට ලැබී නෑ – සමාගම් හතකට කෝටි 147ක ලාභයක්

ආණ්ඩුව කීවට සීනි මිළ අඩුවීමක් නැහැ! - ජනාධිපතිව නොමග යවලා!! 


 

පිළිතුරුදීමේ අයිතිය :

theleader.lk හි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක

විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58