අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිට ඥාතීත්වයක් ඇති මියගිය කාන්තාවගේ දේහයක්

ඒ සම්බන්ධයෙන් කරන ලද පළමු පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාධිතයින් බවට තහවුරු වී තිබියදී භූමදාන කර ඇතැයි සති අන්ත 'අනිද්දා' ජාතික පුවත්පත වාර්තා කරයි. 

රත්මලාන, බොරුපන වලගම්බා මාවතේ පදිංචි අහමඩ් ජුනයිදීන් ෆාතිමා නලිෆා නමැත්තිය නොවැම්බර් 15 වනදා මිය ගොස් ඇති අතර එම මරණය ආරංචි වීමෙන් පසු එහි පැමිණි මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කොවිඩ් -19 පරීක්ෂණය සඳහා එම දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත.  එහිදී කරන ලද PCR පරීක්ෂණයේදී එම කාන්තාවට දී කොවිඩ් -19  දී ඇතැයි තහවුරු වී ඇත.

ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මියගිය කාන්තාවන් ගේ ආශ්‍රිත පවුල් තුනක දොළොස් දෙනෙකු පමණ නිරෝධනයට ලක්කර ඇත.  ඉන් පසු එම මලසිරුරු සම්බන්ධයෙන් ඉහළ බලපෑමක් මත දෙවන PCR පරීක්ෂණයක් සිදුකර තිබේ.

 එම කාන්තාවට කොවිඩ් -19 වැළඳී නැතැයි වාර්තා ලැබුන බව පවසමින් එම මරණය භූමදානය කිරීම නොවැම්බර් 17 ප්‍රදේශයේ මුස්ලිම් සුසාන භූමියක දී සිදු කර ඇත.

'' ඉන් පසු එම මලසිරුරු සම්බන්ධයෙන් ඉහළ බලපෑමක් මත දෙවන PCR පරීක්ෂණයක් සිදුකර ඇත. එම කාන්තාවට කොවිඩ් -19 වැළඳී නැතැයි වාර්තා ලැබුන බව පවසමින් එම මරණය භූමදානය කිරීම නොවැම්බර් 17 ප්‍රදේශයේ මුස්ලිම් සුසාන භූමියක දී සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් 'අනිද්දා' කළ විමසීමකදී රත්මලාන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ සේවය කරන නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, සෞඛ්‍ය නිලධාරීන් මෙම කාන්තාවගේ සිරුර කළුබෝවිල රෝහලට භාර දුන් බවත්, පසුව එම කාන්තාව වෙනුවෙන් සිදුකළ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් -19 අසාදිත කාන්තාවක් බව දැනගන්නට ලැබුණු බවත් ය.

 ඉන්පසු සිදුවූයේ කුමක්දැයි තමන් නොදන්නා බවත් එම නිලධාරියා පවසා ඇත.  ඇය කොවිඩ් -19 රෝගියෙකු සමග සබඳතා පැවැත්වූ බවට කිසිදු තොරතුරක් නොලැබුණු බවත්, කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු කාන්තාවගේ ආශ්‍රිතයන් වන පවුල් තුනක් නිරෝධායනයට යොමු කළ බවත් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම සිදුවීම පිළිබඳ විමසීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සම්බන්ධ කරගැනීමට 'අනිද්දා' පුවත්පත ගත් උත්සාහය අසාර්ථක වී ඇත. 

lkjdlc

 කෙසේ වෙතත් 'ෆැක්ට්ක්‍රෙස්කෙන්ඩෝ' (factcrescendo.com) නම් කරුණු පරික්ෂා කරන ආයතනය කළ විමසීමකදී, මියගිය කාන්තාව තමාගේ දුර ඥාතියෙකු බව පවසා ඇති අලි සබ්රි ඇමතිවරයා, ඇයට සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල විකෘති කිරීමට තමන් බලපෑම් කළ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවත් 'අනිද්දා' පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

කොවිඩ් - 19 ආසාදිතයින් හෝ සැක සහිත පුද්ගලයන් භුමදානය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනි නොවන නමුත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය කොවිඩ් -19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්  භූමදානය කිරීම සඳහා අවසර ලබා දී නැත.

 

''කොවිඩ් - 19 ආසාදිතයින් හෝ සැක සහිත පුද්ගලයන් භුමදානය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනි නොවන නමුත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය කොවිඩ් -19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්  භූමදානය කිරීම සඳහා අවසර ලබා දී නැත.'' 

 නිර්දේශිත ක්‍රමවේදයට අනුව භූමදානය කළ හොත් කොවිඩ් -19 පැතිර යන බව කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු කර කර ගෙන ඇතැයි වාර්තා නොවේ. අධිකරණ අමාත්‍ය අලි සබ්රි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ විද්‍යාත්මක කරුණු පෙන්වා දෙමින් පසුගිය කාල සීමාවේ භුමදානය සඳහා අවසර ලබාදෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලීම් කළ අතර කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද භූමදානය සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

මිට පෙර අවස්ථා කිහිපයකදීම කොවිඩ් -19 තිබේයයි  PCR පරීක්ෂණයකින් තහවුරු නොවුනත්, සැකසහිත යැයි සලකා පුද්ගලයන් භූමදානය කළ බව වාර්තා විය.

මැයි මස 05 දා මෝදර ප්‍රදේශයේ වාසය කළ අබ්දුල් හමීඩ් මොහමඩ් රෆෛඩීන් නම් 64 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් ද කොවිඩ් අසාදනය වී තිබේද යන්න තහවුරු කර නොගෙන ඔහු සැකසහිත රෝගියෙකු ලෙස සලකා සිරුර ආදාහනය කිරීම එවැනි සිදුවීමකි.

(උපුටා ගැනීම් - අනිද්දා)

 

සබැඳි පුවත් :

කොරෝනා සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආදාහන: "මගේ පවුලට වෙච්ච දේ මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙන්න එපා"

කොරෝනා පරීක්ෂණ ගැන බරපතල සැකයක්: ආණ්ඩුව මෝදර කාන්තාවගේ අයිතීන් අහිමි කළ හැටි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්