මෙසේ ඇප නියමය වූයේ, ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකක සිසුන් පිරිසකට ය.
මෙම පහර දීමේ සිද්ධිය සඳහා සිසුන් විසිනවදෙනෙකු සහභාගි වී ඇති බවට ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇති අතර එයින් සෘජුව ම සම්බන්ධ තවත් සිසුන් දෙදෙනෙකු 18 දින පොලිස් භාරයට ගෙන ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
නව කුරුඳුවත්ත ප්‍රදේශයේ පාසලක් හා ගම්පොළ නගරයේ පාසලක සිසුන් මෙම පහර දීමට හා පහර කෑමට ලක්ව තිබෙන අතර අ.පො.ස. සා.පෙළ සිසුන්ට අමතරව ඉහළ පන්තියක සිසුවෙකු ද මේ අතර සිටින බව අනාවරණය වී තිබේ.
කිසියම් අපහාසාත්මක වචනයක් මුල් කරගෙන මෙම ආරවුල හටගෙන තිබෙන බව පොලිසිය පවසයි.
මෙහිදී මෙම කරුණට අදාළව සිසුන් තිදෙනෙකු අල්ලා ගෙන ඔවුන්ට පහර දී බිම දණගස්වා පරුෂ වචනයෙන් බැන වදිමින් මුහුණට පහර දෙන ආකාරය වීඩියෝගත කර එය සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.
පහර කෑමට ලක් වූ සිසුන් තිදෙනා මේ පිළිබඳව මව්පියන්ට නොදන්වා එය රහසක් ලෙස තබා ගෙන සිටියත් පාසල් නිල ඇඳුමෙන් සිදු කරන මෙම පහර දීමේ සිද්ධියේ රූප රාමු සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් සැරිසරද්දී එය මව්පියන් දැන ඒ පිළිබඳව දරුවන්ගෙන් විමසා පසුව සිද්ධිය 16 වන දින කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මුහුණට හා කන්වලට පහර දීමෙන් කන් රිදෙන බව සිසුන් පැවැසීම නිසා ඔවුන් කුරුඳුවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.
පහර දීමට හවුල් වූ සිසුන් විසි නවදෙනා අතරින් බොහෝ දෙනෙකු මෙම සිද්ධිය බලා සිටීමට පැමිණි අය බව ද තවත් කිහිප දෙනකු එළැඹෙන දෙසැම්බර් මස සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් බව ද වැඩිදෙනෙකු මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට ලියන සිසුන් බව ද පොලිසිය හඳුනා ගෙන තිබේ.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දයාල් ඉලංගකෝන් ගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් විසින් තවදුරටත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
( Mawbima | සුරංග දිල්හාන්)




