The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉරාන නාවිකයින් 5ක් වැලිසර හමුදා රෝහලට

T

The Leader Desk

March 6, 2026 • 9:48 AM

ඉරාන නාවිකයින් 5ක් වැලිසර හමුදා රෝහලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනෙක් 27 දෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් ද කිහිප දෙනෙකු හෙට වනවිට මුදා හැරිමට හැකිවෙතැයි අපේක්ෂා කරණ බවද රෝහල් ප්‍රකාශකයා පැවසිය.
  • ඉරානයට අයත්, IRINS bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගිය බව නාවික හමුදාව පවසයි.
  • ඔවුන් කොළඹ වරායට රැගෙන ඒමෙන් අනතුරුව, වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ ය.
  • නෞකාවේ කාර්ය මණ්ඩලය තවමත් එහි සිටින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):


අනෙක් 27 දෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් ද කිහිප දෙනෙකු හෙට වනවිට මුදා හැරිමට හැකිවෙතැයි අපේක්ෂා කරණ බවද රෝහල් ප්‍රකාශකයා පැවසිය.

රෝහලෙන් පිටත් වීමේ අවසරය ලත් නාවිකයන් පස් දෙනා ඉරාන තානාපති කාර්යාලයේ මැදිහත් විමෙන් නාවික හමුදාව මගින් වැලිසර නාවික හමුදා රෝහලට ගෙන යාමට නියමිතව තිබිණ.

නෞකාව ත්‍රිකුණාමලය වරාය ආසන්නයට රැගෙන යාමටත් සැලසුම්..

ඉරානයට අයත්, IRINS bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගිය බව නාවික හමුදාව පවසයි.

ඔවුන් කොළඹ වරායට රැගෙන ඒමෙන් අනතුරුව, වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ ය.

නෞකාවේ කාර්ය මණ්ඩලය තවමත් එහි සිටින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලදි.

ඔවුන් කොළඹ වරායට රැගෙන විත් වැලිසර නාවුක හමුදා කඳවුරට යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදා කාර්ය මණ්ඩලයක් මගින් නෞකාව අද, ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට නියමිත බවය.

IRINS bushehr නෞකාව, මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබුණි.

ඒ අනුව මානුෂීය ප්‍රතිපත්තියක සිට ඔවුන් මෙරටට ඇතුලු කරගැනීමට තීරණය කළ බව, ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරන ලදි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...