The Leader News
BREAKING
Top Ad
පුවත්

'දිට්වා' රටට ඇතුළු වෙයි - මහනුවර පමණක් මරණ 50ක්

T

The Leader Desk

November 28, 2025 • 2:53 PM

'දිට්වා' රටට ඇතුළු වෙයි - මහනුවර පමණක් මරණ 50ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති දිට්ව සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 50 km ක් දකුණු දෙසින් කේන්ද්‍රගතව පිහිටා ඇත.
  • ගෙවුණු පැය 10 පුරා මෙම සුළිකුණාටුව පැයට කිලෝමීටර් 10ක් වැනි ඉතා සෙමෙන් ගමන් කරමින් පවතින බව සඳහන් වේ.
  • මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති අතර අද සහ හෙට දිනයන්හිදී ද මෙහි බලපෑම පවතින බවත් අනිද්දා සිට සුළිකුණාටුවේ බලපෑම අඩුවීම ආරම්භ වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
  • දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති දිට්ව සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 50 km ක් දකුණු දෙසින් කේන්ද්‍රගතව පිහිටා ඇත.

ගෙවුණු පැය 10 පුරා මෙම සුළිකුණාටුව පැයට කිලෝමීටර් 10ක් වැනි ඉතා සෙමෙන් ගමන් කරමින් පවතින බව සඳහන් වේ.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති අතර අද සහ හෙට දිනයන්හිදී ද මෙහි බලපෑම පවතින බවත් අනිද්දා සිට සුළිකුණාටුවේ බලපෑම අඩුවීම ආරම්භ වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි, සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියාව පවති.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මේවනවිට මරණ 50ක් තහවුරු වී ඇත.

එමෙන්ම 67 දෙනෙකු අතුරුදන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'දිට්වා' රටට ඇතුළු වෙයි - මහනුවර පමණක් මරණ 50ක් | The Leader