The Leader News
BREAKING
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●
Top Ad
පුවත්

'එක කෝල් එකෙන් මට ලක්ෂ 500 ක් හොයාගන්න පුළුවන්' - ලාල්කාන්ත

T

The Leader Desk

April 5, 2026 • 7:32 AM

'එක කෝල් එකෙන් මට ලක්ෂ 500 ක් හොයාගන්න පුළුවන්' - ලාල්කාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය නව නිවස සහ එහි පැවැත්වූ දානමය පින්කම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ලාල්කාන්ත අමාත්‍යවරයා එබව කියා සිටියේ, ''ප්‍රකම්පන'' අන්තර්ජාල නාලිකාවක සමග පැවැති සාකච්ඡාවකදී ය.
  • එමෙන්ම සිය නිවසේ පැවැති දානමය පින්කමක් මුල් කරගනිමින්, අමාත්‍යවරයා කෝටි ගණනක් වටිනා නිවසක් ඉදිකළේ කෙසේදැයි පැන නැගී ඇති දැඩි කතාබහටද අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේය.
  • පසුගියදා එහි පැවැත්වුණේ සිය මියගිය දෙමාපියන් වෙනුවෙන් සංවිධානය කළ දානමය පින්කමක් මිස “ගෙවල් වැදීමේ” උත්සවයක් නොවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
  • තමා දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වීම නිසා ගොඩනැගුණු මිත්‍රත්වයන් සහ සබඳතා හරහා එවැනි සහයෝගයක් ලැබෙන බවත්, සාමාන්‍ය මිනිසුන්ට මෙම සමාජ ප්‍රාග්ධනය ගණන් හදා තේරුම් ගැනීමට අපහසු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය නව නිවස සහ එහි පැවැත්වූ දානමය පින්කම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ලාල්කාන්ත අමාත්‍යවරයා එබව කියා සිටියේ,  ''ප්‍රකම්පන'' අන්තර්ජාල නාලිකාවක සමග පැවැති සාකච්ඡාවකදී ය.

එමෙන්ම සිය නිවසේ පැවැති දානමය පින්කමක් මුල් කරගනිමින්, අමාත්‍යවරයා කෝටි ගණනක් වටිනා නිවසක් ඉදිකළේ කෙසේදැයි පැන නැගී ඇති දැඩි කතාබහටද අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේය.

ලාල්කාන්ත අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, නිවසට තමා පදිංචියට ගියේ 2024 වසරේ අග භාගයේදී බවත් පර්චස් 7ක සහ 6ක බිම් කොටස් දෙකක් එක්කර දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිවස ඉදිකළ එකක් බවයි.

පසුගියදා එහි පැවැත්වුණේ සිය මියගිය දෙමාපියන් වෙනුවෙන් සංවිධානය කළ දානමය පින්කමක් මිස “ගෙවල් වැදීමේ” උත්සවයක් නොවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම අවශ්‍ය වුවහොත්, එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් පුද්ගලයන් සිය දෙනෙකුගෙන් සතියක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 500ක් උපයා ගැනීමේ හැකියාව තමන් සතුව පවතින බව පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා තමන්ට කළ යුතුව ඇත්තේ එක් දුරකථන ඇමතුමක් ලබා දීම පමනක් බවත් තමන් එ හා සමාන විශාල සමාජ ප්‍රාග්ධනයක් අත්පත් කරගෙන සිටින බවත් අවධාරණය කර සිටියේය.

තමා දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වීම නිසා ගොඩනැගුණු මිත්‍රත්වයන් සහ සබඳතා හරහා එවැනි සහයෝගයක් ලැබෙන බවත්, සාමාන්‍ය මිනිසුන්ට මෙම සමාජ ප්‍රාග්ධනය ගණන් හදා තේරුම් ගැනීමට අපහසු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 තමා කිසිදු අවස්ථාවක රජයේ බදු මුදල් හෝ පක්ෂයේ අරමුදල් අවභාවිත කර නොමැති බව ඇමතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

පක්ෂයට ලැබෙන මුදල් පිළිබඳ නිසි වාර්තා පවතින බවත්, තමාට එරෙහිව මෙතෙක් කිසිදු මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී නොමැති බවත් ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව දේශපාලන ප්‍රතිවාදීන් තමා පරාජය කිරීම සඳහා මෙවැනි මාතෘකා නිර්මාණය කරන බව අමාත්‍යවරයා පවසයි.

මේ අතර අතීතයේ සිය බිරිඳගේ රැකියාවෙන් පමණක් ජීවත් වූ බවට කළ ප්‍රකාශ සත්‍ය බවත්, කාලයත් සමඟ මිනිසුන්ගේ තත්ත්වයන් වෙනස් වන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම සිය දියණිය විදේශගතව ඉගෙන ගන්නා බවට පැතිර ගිය කටකතා අසත්‍ය බවත්, ඇය අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ බවත් පවසමින් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

( news19 | ෆාතිමා සුමෙයිහා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...