The Leader News
BREAKING
Top Ad
පුවත්

අධි අවදානම් කලාපවල ඇති නිවාස 5000කට නව ආරක්ෂිත ස්ථාන අවශ්‍යයි

T

The Leader Desk

December 26, 2025 • 2:27 PM

අධි අවදානම් කලාපවල ඇති නිවාස 5000කට නව ආරක්ෂිත ස්ථාන අවශ්‍යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිවාස 5,000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල පවතින බව තහවුරු කරගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන පවසයි.
  • ඒ අනුව එම පිරිස සඳහා ආරක්ෂිත ස්ථානයක නව නිවාසයන් ඉදිකර දීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
  • එමෙන්ම මෙම දත්තයන් ඉදිරි සතියේ දී තවත් වැඩි විය හැකි අතර පර්යේෂණවල ප්‍රතිඵල සමග මෙම දත්තයන් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
  • දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා විශාල ප්‍රමාණයේ නායයාම් 1200කට අධික ප්‍රමාණයක් වාර්තා වූ බව ද අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිවාස 5,000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල පවතින බව තහවුරු කරගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන පවසයි.

ඒ අනුව එම පිරිස සඳහා ආරක්ෂිත ස්ථානයක නව නිවාසයන් ඉදිකර දීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

එමෙන්ම මෙම දත්තයන් ඉදිරි සතියේ දී තවත් වැඩි විය හැකි අතර පර්යේෂණවල ප්‍රතිඵල සමග මෙම දත්තයන් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.


දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා විශාල ප්‍රමාණයේ නායයාම් 1200කට අධික ප්‍රමාණයක් වාර්තා වූ බව ද අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන පැවසුවේය. ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මහනුවර, කුරුණෑගල, මාතලේ කෑගල්ල, බදුල්ල සහ නුවරඑළිය යන ප්‍රධාන දිස්ත්‍රික්කයන්වලටය.


ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 363ක්, මාතලේ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 162ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 219ක් වාර්තා වී ඇත.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 89ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 79ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 312ක් වාර්තා වී තිබේ.

මෙම භූමිවල ජනතාවට මේ වන නිවාස අහිමි වී ඇති අතර ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේය.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම ජනතාව වාසය කළ භූමි මේ වන විට පරීක්ෂා කරමින් පවතින බවත් ඒ සඳහා කණ්ඩායම් 50ක් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මහනුවරට කණ්ඩායම් 15ක්, බදුල්ලට කණ්ඩායම් 5, කෑගල්ලට කණ්ඩායම් 10 ආදී වශයෙන් නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක් යොදවා පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටී.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ස්ථාන පරීක්ෂා කිරීම තව සති දෙකක් ඇතුළත අවසන් කරන බවය.


නායයාමේ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආසිරි කරුණාවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රදේශවල ජනතාව අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ මද අවදානම් ලෙස කාණ්ඩවලට බෙදා ඇති බවය.


එහි දී අධි අවදානම් කලාපය තවත් කොටස් තුනකට වර්ග කර ඇති අතර එම කාණ්ඩ තුන යටතේම සිටින ජනතාව එම ස්ථානයන්ගෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

නායයාම් නිසා නිවාස අහිමි වූ පිරිස්, නිවාස ඉතිරිව තිබුණ ද ඉදිතලා ගොස් වාසය කිරීමට නොහැකි පිරිස හා නිවාසයට හානි වී නොතිබුණ ද අස්ථාවරත්වයක් ඇති, ඉදිරියේ දී නායයෑම් සිදුවිය හැකි බවට හදුනා ගත් පිරිස ද මෙලෙස අධි අවදානම් කලාපයට අයත් වේ.

ඒ අනුව යම් සුරක්ෂිත ස්ථානයක ඔවුන්ට නිවාස ලබාදීම කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම්වලින් අවතැන් වූ අයට සුරක්ෂිත භූමි පරීක්ෂා කර ඇති බවත් ඉන් භූමි 20කට පමණ සිය නිර්දේශ ලබා දුන් බවත් මෙහිදී අදහස් දක්වමින් ආසිරි කරුණාවර්ධන කියා සිටියේය.

එමෙන්ම ඔහු පැවසුවේ මෙම පරීක්ෂණවලට යම් කාලයක් ගත විය හැකි අතර සියලු ඉල්ලීම් පිළිබඳ නිරීක්ෂණය කර නිවැරදි තක්සේරුවක් ලබා දීමට උපරිමයෙන් කටයුතු කරන බවය.

(aruna)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...