2015 ජනාධිපතිවරණ සමයේ දී, එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ රුව රැගත් ලිත් මිලියන පනහක්
මුද්‍රණය කිරීම සදහා දිවි නැගුම අරමුදලට අයත් රුපියල් ලක්ෂ 294 ක වටිනාකමකින් මුදලක් අවභාවිතා කරන ලද බවට චෝදකා එල්ල කරමින්, එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ ඇතුළුව තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව හෙට දිනයේ දී ලබා දීමට නියමිත ය.
 
එම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය නම් කර සිටියි.
 
 
නඩුවට තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පැය කිහිපයක් තිබියදී ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය කිහිපයක් මිට ඉහතදී ආන්දෝලනයට ලක්වූ හඬපටයක් යළිත් වරක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
 
mksdf 
 
FCID හිටපු ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිදු කරන ලද සංවාදයක් එම හඬපටයේ අන්තර්ගතවේ.
 
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමටත් රිමාන්ඩ් කිරීමටත් අවශ්‍ය පරිදි කෙසේ හෝ පොලිසිය විසින් බී වාර්තාවක් සකස්කිරීමක් පිළිබඳව එම හඬපටයේ කතාබහට ලක්වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්