The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

මිනීපෙට්ටි ලබා දෙන්න එපා ! මුදල් දෙන්නත් එපා !! - මුස්ලිම්වරු අන්තිම කැමති පත්තර ලියති

T

The Leader Desk

November 30, 2020 • 7:32 AM

මිනීපෙට්ටි ලබා දෙන්න එපා ! මුදල් දෙන්නත් එපා !! - මුස්ලිම්වරු අන්තිම කැමති පත්තර ලියති 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැමතිපත්‍ර වලට අත්සන් තැබීමේ මෙහෙයුමක් ආරම්භකර ඇතැයි වාර්තාවේ.
  • ඒ අතර, කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් මියයන පුදගලයින්ගේ දේහ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව සිටියි.
  • ‘‘Shihara Janaza Foundaton’’ නමැති මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් වයිරසය වැලඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනී පෙට්ටි ලබා දෙන බව එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් පැවසීය.
  • මිනී පෙට්ටි ලබාදීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය මත කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් වෙත බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. මෙම මිනී පෙට්ටියක වෙළඳ පොළේ සාමාන්‍ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
කැමතිපත්‍ර වලට අත්සන් තැබීමේ මෙහෙයුමක් ආරම්භකර ඇතැයි වාර්තාවේ.

ඒ අතර, කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් මියයන පුදගලයින්ගේ දේහ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව සිටියි.

‘‘Shihara Janaza Foundaton’’ නමැති මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් වයිරසය වැලඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනී පෙට්ටි ලබා දෙන බව එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් පැවසීය.

 

මිනී පෙට්ටි ලබාදීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය මත කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් වෙත බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. 123 new covid

මෙම මිනී පෙට්ටියක වෙළඳ පොළේ සාමාන්‍ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ වෙයි.

 

 කෙසේවුවද කොරෝනා රෝගයෙන් මිය යන අයගේ දේහයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින්, මිය ගිය තම ඥාතීන්ගේ දේහයන් බාර නොගැනීමට මුස්ලිම් පවුල් කිහිපයක්ම පසුගිය දින කිහිපයේ කටයුතු කර තිබේ. එම සිරුරු ආදාහනය කිරීම සඳහා මිනී පෙට්ටිවලට මුදල් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කළ ඉල්ලීම ද ඔවුන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

 

 M.Y . ABDUL ZAKKOOR විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති එවැනි අන්තිම කැමති පත්තරයක මෙසේ සඳහන් වේ.

 ''මා  කොරෝනා රෝගයෙන් මිය ගියහොත් මාගේ දේහය ආදාහනය කිරීම සඳහා මිනීපෙට්ටි ලබාදීම හෝ ඒ වෙනුවෙන් මුදල් ලබාදීම සිදු නොකරන්න.

 මා වෙනුවෙන් වෙනත් දානපතියෙකු ගෙන් පෙට්ටි ලබාදීමටද මාගේ දේහය ආදාහනය කිරීම සඳහා අස්සන් කිරීමට ද ඉදිරිපත් නොවන්න.

මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට නීතියෙන් අනුමත ලැබිය යුතුයැයි අල්ලා දෙවියන් වහන්සේ වෙත ප්‍රාර්ථනා කරමි.

මා මියගිය පසු PCR  පරීක්ෂණයක් කරන්නේ නම් නිශ්ශබ්දව ඉන්න. 

මාගේ දේහය ගෙනගොස් ආදාහනය කිරීමට තීරණය කළේ නම් නිශ්ශබ්දව ඉන්න.

 ඒවා රජයේ රටේ නීතියයි නීතියට ගරු කරන්න.

එහෙත් ආදාහනය කිරීම සඳහා කිසිදු පත්‍රිකාවක් අත්සන් නොකරන්න.

 ඒ සඳහා මිනී පෙට්ටි ලබා නොදෙන්න.

 පෙට්ටි වෙනුවෙන් මුදල් ඉල්ලා සිටියොත් මුදල් ද ලබා නොදෙන්න යනුවෙන් මගේ ඥාතීන්ගෙන්  මේ අන්තිම කැමති පත්‍රය හරහා මා ඉල්ලා සිටිනවා .

 

ஜனாஸாவை நல்லடக்கம் செய்ய முடியும் என்று தீர்ப்பு கிடைக்க வேண்டும் என்று வல்ல அல்லாஹுவை பிரார்த்திப்போம். 

 இருப்பினும் முன்நடவடிக்கையாக, உயிருடன் இருக்கும் போது,  எனது இந்த வஸீயத்தை (மரணசாசனம்) உங்களுக்கு எத்திவைக்கின்றேன். 

 " நான் வீட்டிலோ அல்லது  வைத்தியசாலையிலோ மரணித்தால் எனது ஜனாஸாவிற்கு PCR Test செய்ய அரசு முனையும் போது மௌனமாக  இருங்கள். எனது ஜனாஸாவை எடுத்துச் சென்று எரிக்க முனையும் போதும் மௌனமாக இருங்கள்.  அது நாட்டின் சட்டம் அதை தடுக்கவும் முடியாது. 

 ஆனால் எனது ஜனாஸாவை எரிப்பதற்கு,  நீங்கள் கையொப்பம் இட்டு அனுமதி கொடுத்து விடாதீர்கள். 

 அதேபோன்று எனது ஜனாஸாவை சவப்பெட்டியில் வைப்பதற்கு, சவப்பெட்டி வாங்கிக் கொடுக்கவோ அல்லது அதற்குரிய பணத்தை வழங்கவோ கூடாது. 

 அத்துடன் வேறு எவரும் நன்கொடையாக வழங்கும் சவப்பெட்டியில் எனது ஜனாஸாவை வைப்பதற்கு அனுமதி வழங்கிவிடாதீர்கள். 

 இது உங்கள் உரிமை. இது நம்மைப் படைத்த அல்லாஹ் மீது சத்தியம். 

 இந்த வஸீயத்தை  (மரணசாசனம்) எனது சுய புத்தியுடனும்,   சுய நினைவுடனும் பதிவிடுகின்றேன்.

 அல்லாஹு அக்பர். 

 M.Y . ABDUL ZAKKOOR, JP (Wh.I), 

Ret. Sri Lanka Technological Service (Civil), Special Class (Supra), 

151/B, Mathrasa Road, Kalmunai  - 10.

(28.11.2020) 

''අපගේ දේහයන් පුළුස්සා දැමීමට අප විරුද්ධයි එනිසා අපි ඒ සඳහා පෙට්ටි දෙන්නේ නැත අනුන්ගෙන් පෙට්ටි ලබා ගන්නත් එපා යනුවෙන් කොළඹ කොම්පඤ්ඤ වීදියෙ ඥාතීන් කියන ප්‍රකාශයක් පහත පළවේ. 

 
සබැඳි පුවත්:
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...