The Leader News
BREAKING
ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට●ඕස්ට්‍රේලියානු කෘෂිකර්මයට සිනහවක් එක්කළ යෝධ වියළි මිදිගෙඩිය●ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!●ආදරය වෙනුවෙන් බෙල්ජියම් ඉංජිනේරුවා වියට්නාම ගෝත්‍රික චාරිත්‍ර ඉටුකරයි●ඉන්ධන මිල පාලනයේ බර අවසානයේ මහජන කරපිටට?●අපනයන ඉපැයීම් ඉහළට: බිලියන 36 ඉලක්කයට මඟ සකස්වේ ද?●යුරෝපා වෙළෙඳ සහනය රැකගන්න ලංකාවට අලුත් කොන්දේසි පහක්●ඉරාන ජෙට් ඉන්ධන මියන්මාරයට ගලාගිය හොර පාර●ආදර ගැටය: සිරගත ස්ත්‍රීත්වයේ කලාත්මක කියවීම | ආචාර්ය අතුලසිරි සමරකෝන්●තොරතුරු ඉල්ලීමේදී රාජ්‍ය ආයතනවලට හිතුමතේ ගාස්තු අය කළ හැකි ද?●
Top Ad
පුවත්

ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට

ආසියානු සායනික පෝෂණ විශේෂඥයන්ගේ ප්‍රධාන සංගමයේ සභාපති ධුරයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පත්වෙමින් මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Pasan

Pasan

October 27, 2026 • 8:30 PM

ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාලි නුවරින් ලැබුණු කලාපීය පිළිගැනීම ආසියානු කලාපයේ සායනික පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය නියමුවා වන PENSA (Parenteral and Enteral Nutrition Society of Asia) සංවිධානයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
  • මෙරට සෞඛ්‍ය පද්ධතියට ලැබෙන සුවිශේෂී වාසිය මෙම පත්වීම හුදු තනි පුද්ගල ජයග්‍රහණයක් නොව, මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතිය ජාත්‍යන්තරව ලැබූ ඉහළම සහතිකයකි.
  • දී ලෝක විශේෂඥයෝ කොළඹට ශ්‍රී ලංකාව ලැබූ මෙම නායකත්වයේ තවත් විශාල ජයග්‍රහණයක් වන්නේ, PENSA 2027 ජාත්‍යන්තර සමුළුවේ සත්කාරකත්වය කොළඹට හිමිවීමයි.
  • ජූලි 6 සිට 10 දක්වා පැවැත්වීමට නියමිත මෙම සමුළුව සඳහා ආසියාව ඇතුළු ලොව පුරා විද්වතුන් දහස් ගණනක් මෙරටට පැමිණෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

බාලි නුවරින් ලැබුණු කලාපීය පිළිගැනීම

ආසියානු කලාපයේ සායනික පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය නියමුවා වන PENSA (Parenteral and Enteral Nutrition Society of Asia) සංවිධානයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ඉන්දුනීසියාවේ බාලි නුවර නිමාවට පත්වූ වාර්ෂික සමුළුවේදී, සංගමයේ නිල ධජය පෝෂණ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා වෙත නිල වශයෙන් භාර කෙරිණි. මෙවැනි ආසියානු මට්ටමේ ඉහළම වෛද්‍ය නායකත්වයකට මෙරට වෛද්‍යවරයකු පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

img-20261027-203909-mceclip0-0olhsN.jpg


මොකක්ද මේ සායනික පෝෂණය කියන්නේ?

බරපතළ රෝගාබාධ, ශල්‍යකර්ම හෝ දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබන රෝගීන්ට සාමාන්‍ය පරිදි මුඛයෙන් ආහාර ගැනීමේ හැකියාවක් නැත.


එවැනි අවස්ථාවලදී:

* ශිරාගත පෝෂණය: රුධිර නාල (සේලයින් මාර්ගයෙන්) හරහා සෘජුව ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ලබාදීම
* ආන්ත්‍රික පෝෂණය: විශේෂිත නළ මාර්ගයෙන් ආහාර ජීර්ණ පද්ධතියට කෙළින්ම පෝෂණය සැපයීම

මෙම ජීවිතාරක්ෂක පෝෂණ ප්‍රතිකාර ක්‍රමවේද නංවාලීම සහ වෛද්‍යවරුන් පුහුණු කිරීම PENSA සංවිධානයේ ප්‍රධානතම කාර්යභාරයයි.


මෙරට සෞඛ්‍ය පද්ධතියට ලැබෙන සුවිශේෂී වාසිය

මෙම පත්වීම හුදු තනි පුද්ගල ජයග්‍රහණයක් නොව, මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතිය ජාත්‍යන්තරව ලැබූ ඉහළම සහතිකයකි.

ආසියානු කලාපයේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සම්පාදනය කරන ප්‍රධාන පුටුව ලංකාවට ලැබීමත් සමඟ, මෙරට රෝහල්වල සිටින බරපතළ රෝගීන්ට ලෝක මට්ටමේ පෝෂණ ප්‍රතිකාර හඳුන්වා දීමේ මාවත තවදුරටත් පුළුල් වෙයි.

img-20261027-204005-mceclip1-adCAEy.jpg


2027 දී ලෝක විශේෂඥයෝ කොළඹට

ශ්‍රී ලංකාව ලැබූ මෙම නායකත්වයේ තවත් විශාල ජයග්‍රහණයක් වන්නේ, PENSA 2027 ජාත්‍යන්තර සමුළුවේ සත්කාරකත්වය කොළඹට හිමිවීමයි.

2027 ජූලි 6 සිට 10 දක්වා පැවැත්වීමට නියමිත මෙම සමුළුව සඳහා ආසියාව ඇතුළු ලොව පුරා විද්වතුන් දහස් ගණනක් මෙරටට පැමිණෙනු ඇත. එය මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම, රටට විදේශ විනිමය ගෙනෙන වෛද්‍ය සම්මන්ත්‍රණ සංචාරක කර්මාන්තයටද (MICE Tourism) දැවැන්ත උත්තේජනයක් සපයනු නොඅනුමානය.


විශ්වාසනීය මූලාශ්‍ර සබැඳි :

නිල වෙබ් අඩවිය (PENSA Official)

සමුළු සහ සංවිධාන වීඩියෝ ලේඛනාගාරය (PENSA YouTube)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...