කොරෝනා ආසාදිත යැයි සැකපිට නිරෝධායනය කරනු ලබන වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයේ

ජලය සැපයීම සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් පවතී. ඊයේ (30) දිනය තුලම ජල පහසුකම් ලැබී නැති බව වාර්තා වෙයි.

එහි සිට නිරෝධායනය වන පිරිස් පවසන්නේ සෞඛ්‍යමය උපදෙස් අනුව අත්‍යාවශ්‍යම දෙයක් වන ජලය නොමැතිව තමන් බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

කොරෝනා ආසාදිත යැයි සැකපිට මෙම ස්ථානයේ දෙසීයකට ආසන්න පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

ඔවුන් කිසිවෙකුට දෑත් සේදීමට තබා පානය කිරීමට හෝ ජලය නොමැති බව වාර්තා වෙයි.

නිරන්තරයෙන්ම දෑත් සේදීම කොරෝනා ව්‍යසනයෙන් මිදීමට කරනු ලබන සෞඛ්‍යාරක්ෂිත උපදෙසක් වුවද වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයේ මෙය උල්ලංඝනය වී තිබේ.

නිරන්තරයෙන්ම දෑත් සේදීම කොරෝනා ව්‍යසනයෙන් මිදීමට කරනු ලබන සෞඛ්‍යාරක්ෂිත උපදෙසක් වුවද වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයේ මෙය උල්ලංඝනය වී තිබේ.

පූර්ව දැනුම්දීමක් හෝ නැතිව ජලය කපා ඇති අතර මෙහි තවත් බොහෝ අඩුලුහුඬුකම් පවතී.

ආසාදිතයින් මෙන්ම කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කරන්නන්ද මේ මධ්‍යස්ථානයේ රදවා ඇති අතර මේ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එහි සිටින්නන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

කිසිම විටෙක විෂබීජ හරණය නොකරන අතර වැසිකිලි, කැසිකිළි ශුද්ධ කරන්නේ ආසාදිතයින් විසිනි.

ලබා දෙන ආහාර කිසිම ගුණාත්මක බවක් නැති අතර බොහෝවිට ලැබෙන්නේ පාංපිටි රොටී දෙකකි. ෂොපිං මල්ලක ගැට ගැසූ හොදි මල්ලක් ඒ සමග ලබා දෙයි.
බල්ලෙකුට කෑමට බැරි ආහාර තැන තැන කුණුවී තිබේ.

මුලු නිරෝධායන මධ්‍යස්ථානය පුරාම අමු දුර්ගන්ධය වහනය වන අතර එහි සෞඛ්‍ය කාර්‍යමණ්ඩල සහ නිරෝධායනය වන්නන්ද ජීවත් වන්නේ අමු අපායකය.

(lankaweb.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්