අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ කාර්යාලය වහාම අධ්‍යාපන අමාත්‍යංශයේ 'ඉසුරුපාය' ගොඩනැගිල්ලෙන් ඉවතට ගෙනයන ලෙස නියෝගයක්
ලැබී තිබේ.
 
අධ්‍යාපන අමාත්‍යංශයේ 'ඉසුරුපාය' තුන්වන මහලේ ස්ථාපිතකර ඇති සුසිල් ප්‍රේමජයන්තගේ කාර්යාලය ජාතික අධ්‍යාපන ආයතනයට ගෙනයන ලෙස දැනුම් දී ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසිනි. ඒ, අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී. එල්. පිරිස් ගේ උපදෙස් මතය. 
 
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සිටිති.
 
ඔවුන් අතරින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොල ගේ කාර්යාලය තෘතියික අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලයේ ස්ථාපිත කර ඇති අතර කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාගේ කාර්යාලයේ බත්තරමුල්ල 'සෙත්සිරිපාය' ගොඩනැගිල්ලේ ස්ථාපිතකර තිබේ.
 
දහම් පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩගේ කාර්යාලය අධ්‍යාපන අමාත්‍යංශයේ 4 වන මහලේ ස්ථාපිත කර ඇතත් ඔවුන් එම ස්ථානයෙන් පිටවයන ලෙසට මෙතෙක් දැනුම් දීමක් කර නොමැත.
 
රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දුන් සුසිල් ප්‍රේමජයන්ත සිය රාජකාරි බාරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ 3 වන මහලට පැමිණි අවස්ථාවේදී ඔහුට නිසි ගෞරවයක් නොදැක්වූ බවට කළ පැමිණිල්ලක් මත අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ කේ.ජී. විජයසිරි වහාම පරිපාලන නිලධාරීන්ගේ 'පුල් එකට' මාරුකර යවා තිබිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්