මෙරට ඉදිවන ආසියාවේ විශාලතම මාංශ කර්මාන්තශාලාව පිළිබඳව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සිය අප්‍රසාදය පල කර සිටියි.
 
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු තවදුරටත් පැවසුයේ, බුදුන් වැඩි බිමේ මෙවැනි දෙයක් සිදු වීමට නුසුදුසු බවත් සිය විරෝධය නොසලකා කර්මාන්තශාලාව විවෘත කරන්නේ නම් එහි බිලි වන පළමු සත්ත්වයා වෙනුවට තමන්ගේ ගෙළ සිඳ ගැනීමට තමන් ඉදිරිපත්වන බවත් ය.
 

 
 
දකුණු ආසියාවේ ලොකුම මස් ෆැක්ටරිය !
 
 
දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලා වලින් එකක් පසුගිය 12දා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ (IPZ) විවෘත කරනු ලැබිය.
 
මස් සැකසුම් කර්මාන්ත ශාලාව දේශීය ව්‍යාපාරිකයෙකුට අයත් අතර එය රු. බිලියන 1.5 ක ආයෝජනයකි. 
 
කර්මාන්තශාලාව පිහිටුවා ඇත්තේ මස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපල අවශ්‍යතාවයෙන් 10% ක් සපුරාලීම අරමුණු කර ගනිමිනි.
 
කම්හල පිහිටා තිබෙන්නේ කටුනායක අයිපීඑස් හි අක්කර තුනක ඉඩමක ය.
 
මෙම කර්මාන්ත ශාලාව මගින් රැකියා අවස්ථා 300 ක් ලබා දෙන අතර සොසේජස්, මීට්බෝල්ස්, හැම්, බේකන් වැනි මස් නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර මාලදිවයින, මැදපෙරදිග රටවල් සහ ඉන්දියාවට සිය නිෂ්පාදන අපනයනය කිරීමට ඉලක්ක කර ඇත.
 

D0CB7DE2 4EC0 4969 9427 EFBA5D9F47C8

''අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම විශාලතම මස් නිෂ්පාදන කර්මාන්තශාලාව මෙලෙස විවෘත කරනු ලැබූයේ සිය පියා වන අගමැති මහින්ද ‍රාජපක්ෂ විසින් මෙරට හරක් මස් නිෂ්පාදනය තහනම් කිරීමේ යෝජනාවක් ගෙනැවිත් මාස තුනක් පිරෙන දවසේ වීම විශේෂත්වයකි.''
 
 
 
සමාරම්භක උළෙලට නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, කාංචන විජේසේකර, ඩී. වී. චානක, අරුන්දිකා ප්‍රනාන්දු සහ සිරිපාල ගම්පල්ත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.
 
අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම විශාලතම මස් නිෂ්පාදන කර්මාන්තශාලාව මෙලෙස විවෘත කරනු ලැබූයේ සිය පියා වන අගමැති මහින්ද ‍රාජපක්ෂ විසින් මෙරට හරක් මස් නිෂ්පාදනය තහනම් කිරීමේ යෝජනාවක් ගෙනැවිත් මාස තුනක් පිරෙන දවසේ වීම විශේෂත්වයකි.
 

131583422 3485639978171600 3489117498730062910 n

 
 
මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පිහිටුවීමේ යෝජනාව වහා හකුලා ගන්නට රජය පියවර නොගතහොත් ගව ඝාතනයට එරෙහිව ජීවිතය පිදූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි ස්වාමින් වහන්සේලා ඊට එරෙහිව ඉදිරියට ඒම වැළැක්විය නොහැකි වනු ඇතැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
 
රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරම්භ කිරීමට සූදානම්වන මෙම මස් සැකසීමේ කම්හල රටට සිදුකෙරෙන බරපතල අපචාරයක් යැයි ද උන්වහන්සේ කීහ.
 
සෝභිත හිමියෝ මේ අදහස් පළ කළේ ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ පසුගිය 17 දා පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්