පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීම සඳහා ලෝක මුස්ලිම් ලීගය ලබා දුන් ඩොලර් මිලියන පහට
සිදුවූයේ කුමක්ද යන්න විමසා මීට මාසයකට පමණ පෙර ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
 
දෙසැම්බර් 24 දින මන්ත්‍රිවරයා මේ බව පවසා ඇත.
 
2020 නොවැම්බර් 27 වැනිදා ජනාධිපති, අගමැති සහ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන්ට පිටපත් සහිතව ජනාධිපති ලේකම්වරයාට යැවු ලිපියට පිළිතුරක් ලබා දෙන තෙක් තමන් බලා සිටින බව ඔහු පවසා සිටියි.
 
ලෝක මුස්ලිම් සංවිධානයේ සමුළුවක් 2019 ජූලි මස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ අතර ඊට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වර්තමාන අගමැති, මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගීවූ බවත් එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට සහ ආබාධිත තත්ත්වයේ පසුවූ අය වෙනුවෙන් ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඉසා විසින් ඩොලර් මිලියන පහක මුදලක් වන්දි ලෙස ලබා දුන් බවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව ඒ මහතා පවසයි.
 
එහෙත් එම මුදල් කිසිවක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබසාධනයට ලැබී නැති බව ඔවුන් තමාට දැනුම් දුන් බව පවසන මන්ත්‍රීවරයා මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්න දන්වා එවන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබිණි.
 
(news19.lk)
 

ncvm

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්