කොවිඩ්19 වසංගත තත්වය පහව යන තෙක් පළාත් සභා මැතිවරණ
පැවැත්වීම අත් හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
 
එම තීරණයකට එළඹ ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (28 ) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී ය.
 
එම රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පක්ෂ නායකයින් පළාත් සභා නොපැවැත්විය යුතුව ඇති බවට දැඩි ලෙස පෙනී සිටි ඇති බව වාර්තා වේ.
 
පවතින කොවිඞ් වසංගත තත්ත්වය හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය කල්දැමීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළබව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.
 
මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිස් පෙන්වා දෙන්නේ පළාත් සභා මේ වන විට ස්වභාවික මරණයකට මුහුණ දී සිටින බවයි.
 
පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙලෙස අදහස් පළ කළේය.
 

 
අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පැවසුවේ පළාත් සභා මැතිවරණය කල්දමා ඇත්තේ තාවකාලික පදනමින් බවයි. 
 

 
 
ඉන්දියාවෙන් අහන්න ඕනෑ..- ශ්‍රීලනිපය කියයි 
 
මෙම පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ද පැමිණ සිටි අතර සිය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂගේ ද අවධානය යොමුවූ බව ඊට එක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසිය. 
 
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුයේ, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පළාත් සභා මැතිවරණය මේ මොහොතේ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවන බවයි.  
 
නමුත් ජේ. ආර්. ජයවර්ධනගේ අත කරකවා පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අපට තනිවම තීරණය කර නොහැකි බවද ඔහු පැවසිය.
 
එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 

dfwse

 
 
කෙසේවුවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ සියල්ල නියමිත පරිදි ඒ ආකාරයෙන් පැවැත්වීමට රජය තීන්දුකර ඇති බවයි.
 
මහාමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ. 
 
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසු බව එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
 
''අපි මේ මොහොත වන විටත් නව ව්‍යවස්ථාවේ වැඩකටයුතු කරගෙන යනවා. අපි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ සියල්ල නියමිත පරිදි ඒ ආකාරයෙන් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරගෙන යනවා. 
 
ගෞරවනීය මහා සංඝරත්නයෙන් මේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් මතුවී තිබෙනවා. පක්ෂයක් හැටියට අපේ තීරණය නම් නිසි වේලාවට මේ මැතිවරණ සියල්ල පැවැත්විය යුතුයි යන ප්‍රතිපත්තියේ තමයි අපි ඉන්නෙ.''
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්