මේ රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මහජන නිදහස හා ජනතාවගේ යහපත ප්‍රසිද්ධියේම විනාශය කරා ගෙනයනවා
පමණක් නොව කිසිදු ලැජ්ජාවකින් තොරව අසත්‍ය හා වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් තමන්ගේ අසමත්භාවය වසා ගැනීමට උත්සහයක ද නිරතව සිටින බව අද වනවිට අපට ඉතා පැහැදිලිවම පෙනෙන කාරණයක් යයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති ලෙස ඔහු එබව කියා සිටියේ අද (31) පැවති මාධ්‍ය හමුවකදීය.
 
මහර බන්ධනාගාරයේ සිටි රැදවියන් පිරිසක් ඝාතනය කළ සිදුවීම ඒ සඳහා දැක්විය හැකි එක උදාහරණක් පමණක් බව ඔහු එහිදී සඳහන් කළේය.
 
එහිදී කිසිවෙකුට වෙඩි නොතැබූ බව රජය නිල වශයෙන් සිදුකල ප්‍රකාශයෙහි සඳහන් වූවද, පසුව ඒ පිලිබදව සිදු කරන ලද පරීක්ෂණවලින් හෙලි වී ඇත්තේ මියගොස් ඇති රැදවියන් 8 දෙනෙකුටම වෙඩි තබා ඇති බව යයි කරු ජයසුරිය පෙන්වා දුන්නේය.
 
Mahara cvm.xc
 
මහර සිරගෙදර ඝාතන සිදුවීමේ දී  කිසිවෙකුට වෙඩි නොතැබූ බව රජය නිල වශයෙන් සිදුකල ප්‍රකාශයෙහි සඳහන් වූවද, පසුව ඒ පිලිබදව සිදු කරන ලද පරීක්ෂණවලින් හෙලි වී ඇත්තේ මියගොස් ඇති රැදවියන් 8 දෙනෙකුටම වෙඩි තබා ඇති බව යයි කරු ජයසුරිය පවසයි.
 
''මෙවැනි තත්වයන් අතීශයින්ම සෝචනීය වනවා පමණක් නොවෙයි අතිශයින්ම භයානකද වෙනවා. එමෙන්ම අන්තර්ජාතික වශයෙන් පවා එය අප රටට ඉතාමත්ම අහිතකර ලෙස බලපෑ හැකිබව රජය වටහාගත යුතුයි.'' යයි ද ඔහු පැවසිය. 
 
''ඒ කෙසේ නමුත් අවසානයේ සත්‍ය පැහැදිලි වී තිබෙනවා. ඒ නිසා බලය යොදාගනිමින් සත්‍යය  සදාකාලික ලෙස යටපත් කළ නොහැකි බව ඔවුන් තේරුම්ගත යුතු වනවා. එමෙන්ම එම සත්‍ය රටට හෙලිකල අදාල පරීක්ෂණ කමිටුවේ සියලුම සාමාජිකයන්ට ද අප අපගේ ගෞරවය පළ කරනවා. ඒ මේ රටේ දැනට ක්‍රියාත්මක වන අනෙකුත් පරීක්ෂණ සභා හා කොම්ෂන් සභාවලටද හොද ආදර්ශයක්.'' යයි ද හිටපු කතානායකවරයා සඳහන් කළේය.
 
KaruJaya''කොවිඩ් වසංගතය නිසා පමණක් නොව මේ රටේ ජනතාවට වගකිවයුතු ඉහල බලධාරින්ගේ අසමර්තභාවය නිසාද  මේ රටේ ජනතාව අද මේ වනවිට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින බව අප දන්නවා. ''
- කරු ජයසුරිය 
 
''රාජ්‍ය පාලනයක තිබිය යුතු වැදගත්ම අංගය වන්නේ ස්ථීර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙන්ම එහි ප්‍රගතිය වාර්තා කිරීමේදී නිවැරදි දත්ත හා විස්තර ඉදිරිපත් කිරීමයි. 
 
නමුත් මෑත යුගයේ දී අප දුටුවේ ඉදිරිපත් කළ දත්ත විවිධ අවස්ථා වල දී නොයෙක් වෙනස්වීම් වලට භාජනය වීමයි. මෙවැනි සිදුවීම් රජයට සහ අදාල ආයතන වලට හානිකර බව අප වටහාගත යුතුය.
 
උදාහරණයක් වශයෙන්, රටේ ප්‍රධාන ආයතනයක සභාපතිවරයෙකුට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් ජනාධිපතිතුමාගේ නියෝග මත ඔහු අදාල තනතුරෙන් ඉවත් කල බවට පුවතක් අප දුටුවා. එයින් පසුදා එම ජනමාධ්‍යයන්ම වාර්තා කලේ අධික වැඩ කටයුතු නිසා එම සභාපතිවරයා අදාල තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවයි. 
 
ඊට පසුව පලවූ වාර්තාවන්හි දැක්වුනේ වඩා වෙනස් තත්වයක්. එනම් අදාල පුද්ගලයා ආයතන දෙකක සභාපති තනතුරු දරමින් සිට ඇතත් ඉල්ලා අස්වි ඇත්තේ එයින් එක් ආයතනයක සභාපති තනතුරෙන් පමණක් බවයි. 
 
මෙහිදී වඩා වැදගත් වන්නේ එහි අවසාන ජවනිකාවයි. එනම් එම පුද්ගලයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අභිනව සභාපතිවරයා ලෙස ජනාධිපතිතුමා විසින් පත්කර ඇති බව දැන් ප්‍රකාශ වෙනවා.
 
මෙවැනි සිදුවීම් අප තේරුම්ගත යුත්තේ කෙසේද? මහජනතාව මුලා කිරීම සඳහා මේ ආකාරයේ රංගනයන් සිදු කරන බව නොවේද, අප එය අමුතුවෙන් විග්‍රහ කළයුතු නැත. මේ සිදුවන දේවල් ගැන අද වනවිට රටේ ජනතාව හොදින්ම තේරුම් ගනිමින් සිටිනවා. කෙසේ නමුත් මෙවැනි පරස්පර ප්‍රකාශයන් නිසා අවසානයේ ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට බලවත් හානියක් සිදුවෙනවා. '' යයි ද කරු ජයසුරිය හිටපු කතානායකවරයා මෙහිදී සඳහන් කළේය.
 
main500
''ජනතාවගේ විරෝධය නොසලකා හරිමින් සම්මත කරගත් 20 වන සංශෝධනයෙන් ලබාගත් අසීමිත බලය අද ආණ්ඩුව යොදාගනිමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණයෙන්ම පටහැනි අත්තනෝමතික ක්‍රියාවන් බල ගැන්වීම සඳහා වන බවයි.  ඒ නිසා අපට ඇස් කන් පියාගෙන සිටිය නොහැකිය.''
 
''ගෙවුණ වසරේ අප රටේ සිදුවූ බොහෝ කටයුතු අතර 20 වන සංශෝධනය බලාත්මක වීම නිසා රටට අත්වූ අහිතකර තත්වයන් ගැන අප තවදුරටත් විමසිලිමත් වියයුතු වෙනවා. 
 
20 වන සංශෝධන මඟින් සිදු වූයේ මේ රටේ මිලියන 21ක ජනතාවගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් උදුරාගෙන එක් පුද්ගලයෙකු වෙත පවරා දීමයි.
 
මේ රටේ අති බහුතර සබුද්ධික ජනතාව මෙන්ම ආගමික නායකත්වයේ අති බහුතරයද එම තත්වය නොපිලිගන්නා බව රජය දැන්වත් වටහා ගතයුතුය. ජනතාවගේ සැබෑ මතය වටහා ගැනිම රජයේ අනාගත සුභ සිද්ධියට හේතුවිය හැකියි.
 
20 වන සංශෝධනය මඟින් පැවැති ව්‍යවස්ථා සභාව අහෝසිකර ස්වාධීන කොමිෂන් සභාද අකා මකා දමමින් ඒවා පටු දේශපාලන අතකොලු බවට පත්කල හැකි ආයතන ලෙස පරිවර්තනය කර තිබෙනවා.
 
 මහජන උපයෝගීතා කොමිෂම වැනි ආයතන අක්‍රීය කර ජනතාව සූරා කෑම සඳහා තම දේශපාලන මිතුරන්ට අවස්ථාව ලබාදීමත් මේ මඟින් සිදුකර තිබෙනවා.
 
 එවැනි අතිශය අප්‍රසන්න හා වැරදි ක්‍රියාවන් ගැන මහජනතාව මහත් වූ පිලිකුලෙන් යුතුව බලා සිටිනවා. කිසිම සීලාචාර රටක් එවැනි තත්වයකට යන්නේ නැහැ.
 
KaruJayasuriya kf''20 වන සංශෝධනය ගෙන ඒමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම්වලට සිදුකල විනාශය ගැන නම් මේ රටේ අනාගත පරපුර ඔවුන්ට කිසිම සමාවක් දෙනු ඇතැයි අප සිතන්නේ නැහැ. එදා වනවිට අප ජීවත්ව නොසිටින්න පුළුවන්. ඒ කෙසේ වෙතත් අනාගත පරපුර 20 වන සංශෝධනයේ නිර්මාතෘවරුන් සලකනු ඇත්තේ ජාතිද්‍රෝහීන් ලෙසයි. ''
- කරු ජයසුරිය 
 
අවසාන වශයෙන් අප එක් අනාවැකියක් පළ කරන්නට කැමැතියි.
 
20 වන සංශෝධනය ගෙන ඒමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම්වලට සිදුකල විනාශය ගැන නම් මේ රටේ අනාගත පරපුර ඔවුන්ට කිසිම සමාවක් දෙනු ඇතැයි අප සිතන්නේ නැහැ. එදා වනවිට අප ජීවත්ව නොසිටින්න පුළුවන් ඒ කෙසේ වෙතත් අනාගත පරපුර 20 වන සංශෝධනයේ නිර්මාතෘවරුන් සලකනු ඇත්තේ ජාතිද්‍රෝහීන් ලෙසයි. '' හිටපු කතානායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්