උදාවූ මෙම වසරේදී දිනක ණය වාරික හා පොලී ගෙවීම රුපියල් කෝටි 580ක් වන අතර
ඇස්තමේන්තු කර තිබෙන පරිදි රජයේ ආදායම් ලබාගත හොත් දිනකට උපයාගත හැකි ආදායම රුපියල් කෝටි 546කි.
 
මේ අනුව රජය දිනකදී උපයා ගන්නා ආදායමට අමතරව සෑම දිනක් පාසාම රුපියල් කෝටි 34ක අමතර ණය මුදලක් ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් ගැනීමට සිදුවී ඇත.
 
 ශ්‍රී ලංකා මුහුණ දී සිටින අතිශය බිහිසුනුම ණය උගුලේ තරම මෙයින් පැහැදිලි වේ.
 
දිනක ණය පොලී ගෙවීමට රුපියල් කෝටි 236කට ආසන්න මුදලක් වැය වන අතර, දිනක ණය වාරික ගෙවීමට රුපියල් කෝටි 344ක් වැය කිරීමට සිදුවී ඇත. 
 
වසරේ ගෙවිය යුතු මුළු ණය පොලී ඇස්තමේන්තුව රුපියල් කෝටි 86,000කි. 
 
එමෙන්ම ණය වාරික වශයෙන් රුපියල් කෝටි 125,700ක් ගෙවීමට සිදුවී ඇත.
 
නමුත් අපේක්ෂිත රජයේ මුළු ආදායම රුපියල් කෝටි 199,400කි.
 
(lankatruth.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්