මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව
ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සියළු රේගු සේවකයින් වෙත උපදෙස් ලබාදී ඇත.
 
එසේ නොවුණහොත් වෙනත් විකල්ප ප්‍රතිසංවිධාන ක්‍රියාමාර්ග ගැනීමට අකමැත්තෙන් වුව ද ජනාධිපතිවරයාට සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් රේගු දෙපාර්තමේන්තුවේ සියළු සේවකයින් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
 
එබැවින් දුෂණ හා අක්‍රමිකතාවලින් තොර ආනයන අපනයන වෙළඳාම කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කළ හැකි මෙන්ම රාජ්‍ය ආදායම් හා නියාමන ක්‍රියාවලීන් ඵලදායී ලෙස ඉටු කළ හැකි පරිදි සමස්ත රේගු කාර්ය මණ්ඩලය, අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග කටයුතු කළ යුතුව ඇති බව ජනාධිපති ලේකම්වරයා යොමු කළ ලිපියේ දක්වා ඇත.
 
අපනයන හා ආනයන ක්ෂේත්‍රවලට සම්බන්ධ වන විවිධ පිරිස්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා විගණන නිරීක්ෂණවලින් ද මතු කරනු ලබන කරුණු තුළින් ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදයක් හා කලකිරීමක් ඇති බව නිරීක්ෂණය වන බවයි ජනාධිපති ලේකම්වරයා පවසයි.
 
ඇතැම් ව්‍යාපාරිකයින්, රේගු නිලධාරීන් සම්බන්ධ කරගෙන වංචනික ලෙස සිදු කරනු ලබන ආනයන, අපනයන ගණුදෙණු මෙන්ම පෞද්ගලික බන්ධිත ගුදම් ආශ්‍රීතව කෙරෙන ගණුදෙණු පිළිබඳව ද විවිධ චෝදනා එල්ල වී ඇත.
ඇතැම් ව්‍යාපාරිකයින්, රේගු නිලධාරීන් සම්බන්ධ කරගෙන වංචනික ලෙස සිදු කරනු ලබන ආනයන, අපනයන ගණුදෙණු මෙන්ම පෞද්ගලික බන්ධිත ගුදම් ආශ්‍රීතව කෙරෙන ගණුදෙණු පිළිබඳව ද විවිධ චෝදනා එල්ල වී ඇත.
 
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කළ අතර එතැන් සිට කිසියම් ප්‍රගතියක් ලබා ඇති නමුත් සමස්ත දෙපාර්තමේන්තුවේ ඇතිවිය යුතුව තිබෙන සාධනීය පරිවර්තනය, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එයට කැපවුණු නිලධාරීන් කිහිපදෙනෙකුට පමණක් කළ නොහැකි බව ද එම ලිපියේ සඳහන් වේ.
 
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කළ අතර එතැන් සිට කිසියම් ප්‍රගතියක් ලබා ඇති නමුත් සමස්ත දෙපාර්තමේන්තුවේ ඇතිවිය යුතුව තිබෙන සාධනීය පරිවර්තනය, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එයට කැපවුණු නිලධාරීන් කිහිපදෙනෙකුට පමණක් කළ නොහැකි බව ද ජනාධිපති ලේකම්ගේ ලිපියේ සඳහන් වේ.
 
මෙම තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම වගකිව යුතු රජයකට කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි සේ විශ්වාස කරන බව ජනාධිපති ලේකම්වරයා යොමු කළ ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත. 
 

8121dinamina

 
 කෙසේවුවද රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න ආණ්ඩුවේ ‘දිනමිණ‘ ට පවසා ඇත්තේ, ගෙවුණු 2020 වසරේ කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 251ක වැටලීම් කළ බවයි. 
 
2019 වසරේදී මිලියන 141ක මත්ද්‍රව්‍ය වැටලීම් කර ඇති බව කියා සිටින රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා,  2020 වසරේ අභියෝග මැද රේගුව වැඩි මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් කර ඇති බවද කියා සිටියි.
 

'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්