ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි නොබිය වූ, ක්‍රියාශිලී වූ, සංවේදී වූ දෙමළ

 
සිනමාවේ පශ්චාත් යුද සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වූ කේසවරාජන් නවරත්නම් පසුගිය ජනවාරි මස 09 දින ජීවිතයෙන් සමුගත්තේය. 
 
තමන්ගේ පවුලේ බොහෝ දෙනෙක් යුධ සමයේ දී විදෙස්ගත වුවත්, දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කැපවීමේ අරමුණ ඇතිව ලංකාවේම ජීවත් වූ කේසවරාජන් පසුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිදර්ශනම් රූපවාහිනි නාලිකාවේත් ඔහු සේවය කළේය. 
 
පොලිස් නිලධාරියෙක් වූ පියා නිසා රටේ විවිධ තැන්වල ගමන් කළ කේසාවරාජන් දෙමළ භාෂාවට අමතරව සිංහල හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීම නිසා පසු කාලයේ දී ජනමාධ්‍යවේදියෙක් ලෙස හා සිනමාවේදියෙක් ලෙස කටයුතු කිරීමට පහසුවක් විය.
 
2002 සිට 2004 අවදියේ දී දකුණේ සිනමාවේදීන්, නාට්‍යවේදීන්, රූපවාහිනි නිර්මාණකරුවන් රැසක් හඳුනාගත් කේසවරාජන් යුද්ධයේ අවසාන කාලයේ දී හමුදාවට බාර විය. 
 
 150911160249 kesavarajan navaratnam 624x351 shivanthifernando
                උතුරේ වේදනාව ප්‍රතිනිර්මාණය කළ සිනමාවේදියා' (සේයා -BBC)
 
 
 
පසුව ස්වාධීන දෙමළ නිර්මාණකරුවෙකු ලෙස තමන්ගේ නිර්මාණකරණයේ යෙදෙන කේසවරාජන් දකුණේ සිනමාකරුවන් සමග එක්ව උතුරු ප්‍රදේශයේ සිනමා නිර්මාණයන් සම්බන්ධව දැනුම ඛෙදාදීමේ සහ නිර්මාණකරණයන්ට සම්බන්ධ කරවීමේ කාර්යයේ යෙදෙයි. 
 
සිනමා නිර්මාණ, සිනමාකරණය සම්බන්ධ වැඩමුළු, සිනමා නිෂ්පාදනයන් සංවිධානයට ද ඔහුගේ දායකත්වය ලබා දෙයි. 
 
ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස 1980 ගණන් වලදී තායගමේ තාගම් නම් දෙමළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් පසුව ඔහු චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කර ඇත.
 
ඔහුගේ චිත්‍රපට උතුරු ප්‍රදේශයේ විශාල මාර්ග පුවරු සහිතව ප්‍රදර්ශනය වී තිබේ. අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ. දකුණේ විශාල නිර්මාණ ශිල්පින් පිරිසක් සමග සම්බන්ධතා තිබුණ ද ඔහුත් සාමාන්‍ය යුද ප්‍රදේශයන් හී ජීවත්වෙන දෙමළ ජනතාව මුහුණ දුන් සංකීර්ණ ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. ඒවා තුළ කේසවරාජන් දැඩි ආත්ම ශක්තියකින් ජීවිතයට මුහුණ දුන්නා. ඔහුගේ අවසන් චිත්‍රපටය නිෂ්පාදකයා සමග ඇතිවුනු නිතිමය තත්ත්වයක් නිසා ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීම ඔහු දැඩි වේදනාවක් වූ බව ඔහුගේ සමීපතමයන් පවසනවා.   
 
දකුණේ සාමාන්‍ය ප්‍රේක්ෂකයා කේසවරාජන්ව හඳුනාගත්තේ ප්‍රසන්න විතානගේ ගේ ඇය නම් කෙටි චිත්‍රපටය තුලිනි. එම කෙටි චිත්‍රපටය අසෝක හඳගම, විමුක්ති ජයසුන්දර හා ප්‍රසන්න විතානගේ එක්ව නිර්මාණ කළ තුන්දෙනෙක් නම් කෙටි චිත්‍රපට ත්‍රීත්වයේ එක් චිත්‍රපටයකි. එහි කතාව කේසවරාජන් මුහුණ දුන් අත්දැකීමක්ම පසුබිම් කරගෙන නිර්මාණය කරන ලද්දකි.   
 
දකුණේ සාමාන්‍ය ප්‍රේක්ෂකයා කේසවරාජන්ව හඳුනාගත්තේ ප්‍රසන්න විතානගේ ගේ ඇය නම් කෙටි චිත්‍රපටය තුලිනි. එම කෙටි චිත්‍රපටය අසෝක හඳගම, විමුක්ති ජයසුන්දර හා ප්‍රසන්න විතානගේ එක්ව නිර්මාණ කළ තුන්දෙනෙක් නම් කෙටි චිත්‍රපට ත්‍රීත්වයේ එක් චිත්‍රපටයකි. එහි කතාව කේසවරාජන් මුහුණ දුන් අත්දැකීමක්ම පසුබිම් කරගෙන නිර්මාණය කරන ලද්දකි.   
 
 
පවතින කෝවිච් තත්ත්වය මැද සීමා සහිත පිරිසකගේ සහභාගිත්වයෙන් ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2021 ජනවාරි මස 11 වෙනි දින සිදුවිය. 
 
ඔහුගේ අවසන් කටයුතු සඳහා දකුණේ සිනමාව ක්ෂේත්‍රය නියෝජනය කරමින් සහභාගිවීමට හැකියාව ලැබුණේ සිනමා නිශ්චල ඡායාරූප ශිල්පී ජනක් මායාදුන්න  පමණි. 
 
පවතින කෝවිඩ් තත්ත්වය නිසා පවතින තත්ත්වයන් මැද බොහෝ දකුණේ ශිල්පීන්ට අවසර ගැනීම් සහ නිරෝධායනය වීමේ අපහසුතාවයන්  නිසා සහභාගිවීමට නොහැකි විය. 
 
බිහිසුණු යුදසමයේ දීත් දකුණේ ජනමාධ්‍යවේදීන් විවිධ වැඩ සටහන් හා අවස්ථාවන් සඳහා සහභාගි වුවද කෝවිඩ් තත්ත්වය විසින් ඇති කර තිඛෙන තත්ත්වය එවැනි සංචරණයන් සීමාවීම අනාගතයේ දී ඇතිවිය හැකි සමාජ හුදකලාවීමක සියුම් ලක්ෂණ මතු කරයි. 

k 2021.01.12

 
 
 
 
Sudesh fkk(සුදේශ් ද සිල්වා) 
Script Writer/ Director 
Tele drama/ Documentaries
No.53/B/2 - Hantana Housing Scheme - Kandy
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
සේයා :ජනක මායාදුන්නේ
 
 
කියවන්න :
 
 
###################
 
 
අද මෙතන - හෙට අතන - හිමි රතන - ආණ්ඩුවට!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්