රජය විසින් ශත 25 හේ සීනි බද්දම තවත් මාස තුනකට දිර්ගකර ඇත. 
මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2020 ජනවාරි මස 14 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි සඳහා වූ විශේෂ බද්ද එසේ තවත් මාස තුනකට දීර්ග කර තිබේ.
 
ඒ අනුව, ජනවාරි මස 13 දින රාත්‍රියෙන් අවලංගු වූ ශත 25 සීනි බද්ද 2021 අප්‍රේල් 14 දක්වා තවදුරටත් වලංගු වේ.
 
මුදල් අමාත්‍යවරයාගේ නිවේදනයට අනුව ලොකු ලූණු, මයිසූර් පරිප්පු ආනයන තීරු බද්දත් කිලෝවකට  ශත 25 කි.
 
 
 

Sini 2021.01.21

 
බද්ද ශත 25 උනත් රුපියල් 85/= ට සීනි නැ !
 
 
එසේ ගැසට් නිවේදන පිට ගැසට් නිවේදන නිකුත්කළ ද පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිගේ ගැසට් නිවේදනය තොග වෙළඳුන් පයිසයකට ගණන් නොගනී. වෙළෙඳුන් හිතුණ මිලට සීනි අලෙවි කරමින් සිටියි.
 
 
 
පසුගිය මාස තුනක කාලයක් සඳහා සීනි ආනයන  බද්ද ශත 25 දක්වා අඩු කිරීම නිසා එම මාස 3 තුළ සීනි ටොන් ලක්ෂ 230,000 ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව රේගු වාර්තා  පෙන්වා දෙයි.
 
ඉන්දියානු  සීනි අපනයනය කිරීමේදී ලබා දෙන ටොන් එකක් සඳහා වූ ඩොලර් 90 ක අපනයන දිරි දීමනාව නිසා ඉන්දීය වෙළෙඳුන් තම තොග ශ්‍රී ලංකාවට තල්ලු  (Dump) කරමින් සිටින බව වෙළඳ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පසුගිය සතියේ මෙම සටහනින් අපි පෙන්වා දුන්නේ මූලික වශයෙන් වෙළඳපළ තත්වයන් සැලකිල්ලට ගෙන රජය විසින් ජනවාරි මස 14 දින සිට නැවතත් ශත 25 හේ තීරු බද්ද පනවනු ඇති බවයි.
 
 
 
කෙසේ වුවද රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින තත්ත්වයක් තුල පසුගිය මාස තුනක් තුලදී පමණක් සීනි තීරු බද්ද අඩු කිරීම නිසා කෝටි 11,400 (බිලියන 11.4) කට ආසන්න ආදායමක්  අහිමි විය. මුලු ආනයනය වියදම අමෙරිකානූ ඩොලර් මිලියන 102 කට ආසන්නය.
 
 
 
 
නමුත්  එම වාසිය පාරිභෝගිකයාට නොලැබුණු බව විපක්ෂය දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවද උපරිම මිල ගැසට් නිවේදනය ක්‍රියාත්මක කර පාරිභෝගිකයාට එම සහනය ලබා දීමට රජයට මේ දක්වාම නොහැකි වී ඇත. 
 
 
තවත් සීනි ටොන් කොච්චර ආනයනය කරයි ද?
 
 
 
සීනි ආනයන බලපත්‍ර ක්‍රමයකට නතු කර තිබුණත් පසුගිය මාස 3 ක කාලය තුලදී සීනි නැව් පහක් සහ බාහලුම් 2500 ක් පමණ මෙරටට ආනයනය කර ඇත.
 
 
 
වෙළඳපළ ඇස්තමේන්තු අනුව ඉදිරි මාස 3 තුලදී  තවත් සීනි ටොන් ලක්ෂ 200,000 කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වීමට ඉඩ ඇති අතර එමඟින් රජයට අහිමි වන බද්ද දළ වශයෙන් තවත් බිලියන 9.9 ක් හෝ කෝටි 990 කට ආසන්න ප්‍රමාණයක් වනු ඇත.
 
මේ සම්බන්ධයෙන් සීනි ආනයනයකරුවන්ගේ සංගමයේ සාමාජිකයකු අප හා පැවසුවේ සීනි  බද්ද සත .25 කට අඩුකිරීම තුලින් රජය සහ තොග වෙළඳපළ දැඩි අර්බූදයට ලක් වු බවයි.
 
තවද  ඔක්තෝබර් 13 වෙනි දිනට පෙර ඉහල තීරු  බද්දක් ක්‍රියාත්මක වූ බැවින් සීනි වෙලදාම පාලනයකට නතු වී තිබුන නමුත්, තීරු බදු සත .25 ට අඩුවීම නිසා සීමාවක් නොමැතිව අඩුමිල සීනීවලින් ලංකාවේ වෙළඳපළ උතුරා ගොස් ඇති බවයි.
 
''ටයිල් ගෙන්වපු අයත් දැන් සීනි ගේනවා''
 
 
''ටයිල් ගෙන්වපු අයත් දැන් සීනි ආනයනය කරනවා'' ඔහු අවසාන වසයෙන් පවසා සිටියේය. 
 
සියලුම ආනයනයන් සීමා කර විදේශ විනිමය ඉතිරි කරන රජය සීනි ආනයනයට පමණක් මෙතරම් ලිහිල් භාවයකින් කටයුතු  කරන්නේ ඇයිද යන්න වෙනත් ආනයනයන්ට සම්බන්ධ ව්‍යාපාරිකයින් රජයෙන් ප්‍රශ්න කරමින් තිබේ.
 
 
(විශේෂ වාර්තාකරු )
 
 
සබැඳි පුවත:
සීෂෙල්ස් මහකොමසාරිස් ධුරයට පවුලේ ඥාතියෙක් ?
 

කොන්ෆියුසියස් මධ්‍යස්ථාන ප්ලේ කරන ස්මාර්ට් ගේම් එක
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්