කොරෝනා වෛරසය මේ වන විට පාලනයකින් තොරව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇති බවට කොරෝනාබාධිත වී සුවය ලැබු රජයේ අමාත්‍යවරයකු අනතුරු අඟවා තිබේ.

මෙම බියජනක තොරතුර හෙළි කොට ඇත්තේ ආණ්ඩුව ලෝවාසී සංචාරකයන්ට ශ්‍රී ලංකාව විවෘත කිරීමත් සමගිනි.  
 
 
"මේ මොහොත වන විට කොරෝනා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය140436947 10158726637973080 1998757757217032373 n තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්වයක් නොමැත". - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර
 
 
 
 බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ බව අවධාරණය කර ඇත්තේ තමන්ට වැළඳුණු කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා නිවසට පැමිණිමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ පනිවිඩයක් නිකුත් කරමිනි.
 
 රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන කොරෝනා වෛරසය සියලු දෙනාවම නතු කරගනිමින් සිටින බවද පවසන රාජ්‍ය අමාත්‍යවරයා සිය පනිවිඩය හරහා රට වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, රස නොදැනීම ආදී ලක්ෂණ තිබේ නම් පළමුවෙන් පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයංව නිරෝධායනය වෙමින් ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා  දැනුවත් කරන ලෙසයි.
 
 "එලෙස වගකීම් සහගත වීමෙන් අපට මේ රෝගය යම්තාක් දුරකට හෝ මැඬලීමේ හැකියාව පවතියි."
 
 
තමන්ගේ ම නිවස තුළ ම නිරෝධායනයට :
 
 
ඉදිරියේ දී හැටදහසකට අධික විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට රජය බලාපොරොත්තු වෙන මොහොතක මේ සියලු දෙනාටම නිරෝධායන මධ්‍යස්ථාන ලබා දීම ද ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවන  බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එයට  පිළියමක් ලෙස යෝජනා කර ඇත්තේ ඔවුන්ව ද තමන්ගේ ම නිවස තුළ ම වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළි පහසුකම් පවතින්නේ නම් දින දාහතරක් ස්වයං නිරෝධායනය කිරීම උචිත බවටයි.
 
 "මෙය හැර මේ රෝගයට වෙන විකල්පයක් නොමැති බවයි රෝගය වැළඳුණු අයෙකු ලෙස මගේ හැඟීම".
 
 කොරෝනා වෛරසයට නිසි ප්‍රතිකාර ක්‍රමයක් හමුවන තුරු සමාජ දුරස්ථභාවය රැකගනිමින්, මුහුණු ආවරණ පළඳමින් පුරවැසි වගකීම ඉටු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටි.
 
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන පරිදි 2021 ජනවාරි මස 20 බදාදා රාත්‍රී 9.45 වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 55189 කි. තහවුරු කරණ ලද මුළු මරණ ගණන 274 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
 
වෛරස් ආසාදිත වු රෝගීන්  47215 ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර මේ වන විටත් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් ගණන 7700කි.
 
 කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මාස නමයකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබු ගුවන්තොටුපොළ යළි සංචාරකයන් සඳහා විවෘත කර තිබේ.
 
 ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සූරියආරච්චි මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ , කාණ්ඩ 3 ක් යටතේ ගුවන්තොටුපොළ අද සිට සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බවයි.
 
 
 
 
################
නීති සංගම් නිලවරණයේ මඩ කබායක්!
     
 
 
ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියේ කව්ද ?

     

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්