ගූගල් වෙබ් අඩවියට අයත් ශ්‍රී ලංකා වෙබ් ලිපිනය වන google.lk වෙබ් අඩවිය යම් සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇතැයි වාර්තාවේ.
google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත.
 
එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබේ.
 
 
 Google.lk වෙබ් ලිපිනයට පිවිසුන විට එහිදී පෙන්වන Homepage වෙනුවට ශ්‍රී ලංකාව අපකිරීමත් කරන ලද වෙබ් පිටුවක් (web defacement) දැකගත හැකිවූ බව අන්තර්ජාල පරිශීලකයන් විසින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා කර තිබේ.
 
මෙම සයිබර් ප්‍රහාරය පසුගිය 4 වෙනිදාට යෙදී තිබූ නිදහස් දිනය ඉලක්ක කරගනිමින් එල්ලවූ සයිබර් ප්‍රහාරයක් දැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සැක මතුකරයි.
 
 පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිට මෙවැනි සයිබර් ප්‍රහාර ශ්‍රී ලංකාවේ විශේෂිත දින ඉලක්ක කරගනිමින් සිදුවී ඇති බව එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පවසයි.
 
 
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඇති වී තිබෙන තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
 
නවසීලන්තයේ ඔටාගා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක සංජන හත්තොටුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිකුත්කර ඇති ට්විටර් පණිවිඩයක මෙසේ සඳහන් වේ.
 
 

Screen Shot 2021 02 06 at 1.29.04 PM

 
##############

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්