කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන
සමුහ ඝාතන දෙකක් නැගෙනහිර පළාතේදී අනුස්මරණය කර තිබේ.
 
ඝාතනයට ලක් වු 230 ක නම් සදහන් කරමින් මඩකලපුව කොක්කඩිචෝලේහි මහිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී දෙමළ ජාතික සන්ධානයේ ජනතා නියෝජිතයන් කිහිප දෙනකුගේම සහභාගිත්වයෙන් පහන් දල්වමින් ජනවාරි 28 වන දා අනුස්මරණය කර ඇත්තේ 1987 වසරේ ජනවාරි මසදී  සහ 1991 වසරේ ජූනි මසදී  කොක්කඩිචෝලේ ග්‍රාමයේදී රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනය වු සාමාන්‍ය වැසියන්ය.
 
dfsad

dfsa

 
 මඩකලපු දිස්ත්‍රික්කයේ, කොක්කඩිචෝලේ ගම්පියස ගොවිතැන, ධීවර කර්මාන්තය හා ඉස්සන් ඇතිකිරීම තම ජීවනෝපාය කරගත් ජනතාවගේ  වාසභූමියකි.
 
ප්‍රදේශවාසීන් පවසන පරිදි 1987 වසරේ ජනවාරි 29 වැනිදායින්  ඇරඹී දින තුනක් පුරා තම ගමට එල්ල වූ ලංකාණ්ඩුවේ හමුදාවන්ගේ, තෙරක් නැති ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමට ගම්වාසීන්ට සිදුව තිබේ.
 
 
අනතුරුව කොන්ඩවට්ටුවාන්, නළුවන්චිකුඩි, වෙල්ලවේලි හා කල්ලඩි කදවුරු වලින් පැමිණි හමුදාවෝ ට්‍රක්රථ හා හෙලිකොප්ටර් යානා යොදාගෙන ගමට ඇතුල් වී තිබේ.
 
 ඔවුන් වයස අවුරුදු 14 සිට 40 දක්වා වූ ගම් වැසියන් පැහැරගනු ලැබූ අතර ඉන් වැඩි පිරිසක් ඝාතනය කළ කළ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.
 
 කොක්කඩිචෝලේ මහිලඩිත්තිව් හි ඉස්සන් ගොවිපල ක්‍රියාත්මක වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර  යටතේය.
 
කම්කරුවන් විශාල පිරිසක් එහි රැකියාවේ නිරතව වී තිබෙන අතර 1987 ජනවාරි 28 දා ඝාතනයට ලක්වුවන්  අතර මෙම ඉස්සන් ගොවිපලේ සේවය කළ  කම්කරුවෝ ද වෙති. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කොක්කඩිචෝලේ පිහිටි සහල් මෝලේ රැකවරණය ලැබූ 24 දෙනකුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළ බවයි.
 
එසේ ඝාතනයට ලක්වූවන් අතරින් 12 දෙනකු 12 වැනි වියේ පසුවුවන් ය.
 
 සෙල්ලතුරෙයි රවිනාදන් 1987 වසර වන විට මේ ඉස්සන් ගොවිපලේ ආරක්ෂක රාජකාරියේ නිරත වු අයෙකි.
 
 සමූලඝාතනය සිදුවූ දිනයේ රවිනාදන් නිරතව ඇත්තේ දිවා සේවාමුරයේ ය. සිද්ධිය පිළිබඳ සිය අත්දැකීම් ඔහු එවකට මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ මෙසේය.
 
 “මම උදේ පාන්දරින්ම වැඩට ගියා. වෙනදාට වඩා  නැතිව එදා උදෙන්ම හෙලිකොප්ටර් දෙක තුනක් අහසේ රවුම් ගහන්නට වුනා. මට හිතුනා මොකක් නමුත් අමුත්තක් වෙන්න යනවා කියලා. මම තවත් මිනිසුන් ගොඩක් එක්ක ඉස්සො ගොවිපලට දුවල ගියා. ඉස්සෝ ගොවිපලේ සුද්දන්ගේ අයිතියත් තියෙන නිසා එතැන දී අපිව ආරක්ෂිතය කියල අපි ඔක්කෝටම විස්වාසයක් තිබුණා. 
 
මීට ඉස්සෙල්ලත් අපව අල්ලාගෙන දෙපාරක දී ම ප්‍රශ්න කළත් හමුදාව අපට යන්න ඉඩ හැරියා. එතනින් ආරක්ෂාවක් ලැබේවිය කියන බලාපොරොත්තුව හින්දා අපි  එහෙට දුවල ගියා. එතැන හංදියේ විශාල හමුදා වාහනයක් තිබුණා. හමුදාව වාහනයෙන් එලියට පැනගෙන පාරට ආවා. 
 
මේ තමා අපි පලමු වතාවට දැනගත්තේ STF එකේ පෙනුම කොයි වගේ ද කියලා. පාරට පැමින සිටි හමුදාවේ හැමෝම තමන්ගේ තුවක්කු ඉස්සෝ  ගොවිපල දිසාවට එල්ල කළා. එක් පුද්ගලයෙක් තුවක්කුව එල්ල කරගෙන අපේ දිහාට ආවා. මේක දැකපු අපිත් එක්ක හිටපු දෙතුන් දෙනෙක් පහලට නැමිලා වතුරපාර දිගේ හෙමින් අනෙක් පැත්තට ගියා.”
 
 සෙල්ලතුරෙයි රවිනාදන් විස්තර කරන පරිදි එතැන හිටි මුතලයිකුඩා, මුනායිකාඩු, මහිලඩිත්තිව් සහ අම්බලන්තුරෙයි යන ගම් වල පිරිස් හමුදා ග්‍රහනයට ලක් ව තිබේ.
 
 ඔහු සිය අත්දැකීම තව දුරටත් විස්තර කර ඇත්තේ පහත අයුරිනි.
 
 "අපි හිටපු තැනට හමුදාවේ තුන්දෙනෙක් ආවා. ඔවුන් කෑ ගසා කිවා අපි හැමෝටම  එක තැනකට එකතු වෙන්න  කියලා. හැමෝම බියෙන් වෙව්ලමින් සිටියේ. එවේලේ, ඔවුන් තුවක්කුවෙන් වෙඩිල්ලක් තිබ්බා. එතකොට  හැමෝම එතැනින් අහකට දිව්වා. මම ලග  තිබ්බ  ඉස්සන් ගොවිපලේ පුංචි පැලකට මුවා වුනා. අපිට කලින් දේවනායගම් කියන පිරිමි ළමයා දුවල ගියා. අපිට එකපාරටම වෙඩි තියනවා ඇහුනා. අපි දන්නේ නෑ ඔහුට  සිද්ද  වුනේ මොකද්ද කියලා. මම වහාම ලග තිබුන පුංචි ගහට මුවා වුනා. මගේ ඉස්සරහපිටම නේසතුරෙයි කියන පිරිමි ළමයත් ඒ දේම කළා."
 
 සෙල්ලතුරෙයි රවිනාදන් පවසන්නේ මේ අතරතුර හමුදාව ජනතාව දුවමින් සිටි ප්‍රදේශය වෙත වෙඩි තැබීමට පටන් ගත් බවයි.
 
 " කුඩා කුරුල්ලන්ව පන්නා දමන්න ඉස්සන් ගොවිපොළේ සිටි කුඩා දරුවන්ට ඔවුන් වෙඩි තිබ්බා. මේ දුප්පත් ළමයි  උදේ පාන්දරම ගොවිපලට එන්නේ එහි ඇති කරන ඉස්සන් ට කිසිම කුරුල්ලෙක් පහර දුන්නේ නැතිය කියල සැක හැර බලාගන්නයි. එකෙන් මේ ළමයි බලාපොරොත්තු වෙන්නේ කොච්චර පුංචි උනත් මේ වැඩේ වෙනුවෙන් ලැබෙන මුදල බලාගෙනයි. ඒ වගේ දුප්පත් පොඩි දරුවන්ට ඔවුන් වෙඩි තැබුවේ මොන හිතකින් ද?
 
 සිය ජීවිතය බේරා ගැනීම සදහා තමන් ගත් ක්‍රියාමාර්ගත් සෙල්ලතුරෙයි රවිනාදන් විස්තර කරන්නේ මේ අයුරිනි.
 
 "ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා දාලා මම පොඩි කැලේ අස්සෙන් දුවල ගියා. මම දුවල යන අතරේ මට ඇහුනා තුවක්කු පත්තුවෙන සද්දේ. ඉන් ටික වේලාවකට පස්සේ මට ඉස්සන් ගොවිපල පැත්තෙන් කිසිම සද්දයක් ඇහුනේ නෑ. මම හිතුවේ මම ආපසු යන්න ඕනේ.  ගිහින් වෙලා තිබෙන්නේ මොකද්ද කියලා බලා ගන්න ඕනේ කියලා . මම ඒක කරන්න යනකොට, එක වයසක  මිනිසෙක් මාව නැවැත්තුවා, ”මනුස්සයෝ, කරුණාකරලා ආපහු යන්න එපා උන් ඒ හැමෝටම වෙඩි තියල ඉවරයි.”
 
 
සෙල්ලතුරෙයි රවිනාදන් පවසන පරිදි මේ සමුලඝාතනය සියැසින් දුටු ඔහුගේ වැඩිමල් සහෝදරයා, දවස් තුන හතරක් යනකල්ම සිට ඇත්තේ  කිසිම සිහි කල්පනාවකින් තොරවය.
 
 
 
1991සමුල ඝාතනය:
 
කොක්කඩිචෝලේ සිදු කළ පළමු සමුහ ඝාතනයෙන් පස් වසරක් සපිරෙන්නටත් මත්තෙන් යළිත් වරක් රජයේ ආරක්ෂක අංශ විසින් එම ග්‍රාමයේ 1991 වසරේදී සමුහ ඝාතනයක් සිදු කර තිබේ.
 
 ගම්වැසියන් පවසන්නේ 1991 ජූනි 12 වැනිදා  හමුදාව කොක්කඩිචෝලේ  සහල් ඇඹරුම් මෝලකට ඇතුළු වී එහි සේවයේ නියුතුව සිටි කම්කරුවන් 17 දෙනා මරා දමමින් සහල් මෝල ගිනිබත් කළ රජයේ ආරක්ෂක හමුදාව එදිනම අවට නිවාස 400 කටද හානි සිදු කර තිබේ.
  
ප්‍රදේශවාසී ජනතාව පවසන පරිදි එම විනාශයේ දී විශාල පිරිසක් රජයේ හමුදාව අතින් ඝාතනය වී තිබේ. ඔවුන්ගේ සිරුරු ටයර් යොදා හමුදාව විසින් පුළුස්සා දමා තිබේ.
 
 
 සමූල ඝාතනය සිදු වූ දිනයේ දී එවකට 81 වියේ පසුවු  කරුවල්තම්බි අයිල්පොඩි හාල් මෝල තුලය.
 
 මරණයට මුහුණ දී සිය ජීවිතය බේරාගත් අයුරු එකල ඔහු මාධ්‍යවේදීන් හා පවසා තිබුණි.
 
 “මට හැම පැත්තෙන්ම පිපිරීම් සද්ද ඇහුනා. මම මගේ පුත්තු දෙන්නට කිව්වා, අපි සෙනග ඉන්න පැත්තට දුවල යමු කියලා. මම එහෙම කියන කොට  හමුදාව ඔවුන්ගේ තුවක්කු පත්තුකරමින් පාත කුල්ලකට්ටල් වලට ඇවිල්ලා  තිබුනා.  හමුදාව ආපු  පාරේ ගමන් කරපු  මිනිස්සු අල්ලාගෙන ඔවුන්ට රිදවන, වදදෙන හැටි බලාසිටීමේ වේදනාව මට දරාගන්න බැරිඋනා.  
 
ඔවුන් ගෙවල්වලට ගිනි තියල මිනිස්සු දෙන්නා දෙන්නා ගානේ ඒවාට ඇද දැම්මා. කුලසේගරම් ඒ වෙලාවේ මාත් එක්කයි හිටියේ. ඔවුන් මාත් එක්ක කුලසේගරම්වයි, තවත් පිරිමි ළමයෙකුයි ගිනිගෙන ඇවිලෙස නිවසකට තල්ලු කළා. අපි අපේ දෑත් ඔසවා ආයාචනා කළත් - ඔවුන් අපට කිසි අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.”
 
 
 
ඉන් පසු සිදුවු දේ කරුවල්තම්බි අයිල්පොඩි විස්තර කරන්නේ මේ අයුරිනි.
 
“ඒ ගේ ඇතුලේ හාල් ගෝනි ගොඩක් තිබිබා. කුලසේගරම් මේ ගෝනි උඩට නැගල වැටට උඩින් පැන්නා. එයා  කීවේ පිච්චිලා මැරෙනවට වඩා අතපය කැඩිලා මැරෙන එක හොදයි කියලා.  ඒ විදියට අපි වැට උඩින් පැනලා හැංගුණා. දුවල බේරෙන්න වෙන තැනක් කොහේවත් නැති නිසා එතනම ඉඳල මැරෙනවාය කියලා එයා කීවා. 
 
අපි වටේම තිබුනේ තුවක්කු පත්තුවෙන සද්දයි, විලාප සද්දයි. අන්තිමට අපි ගෙයි පිටුපස පැත්තට දුවගෙන ගිහින් එතැන තිබුන තහඩුවක් යටට වෙලා ඇස් තදකරලා වහගෙන හිටියා. උන් අපිව ඒ පිච්චෙන ගෙට තල්ලු කළ වෙලාවේ අපට දැනුණු බය නම් කවදාවත් මතක නැති කරන්න බැරි වේවි.” 
 
 
එදින සිදු වූ භීෂණය හා වධහිංසා ගැන මුතුලිංගම් විමලදේවි ද සිය අත්දැකීම විස්තර කර තිබුනි.
 
 “මගේ අක්කගේ දරුවාට අවුරුදු 12 යි. එදා අක්කා කිව්වා ගෙයි දොරවල් වහගෙන අපි හැමෝම ඇතුලට වෙලා ඉමු කියලා. මම කිව්වා අපි පොඩි බබාවත් අරගෙන මෝලට යමු  කියලා. අනිත් හැමෝම ඒක ඇතුලට දුවගෙන යන නිසා. ඉතින් අපි බබාවත් අරගෙන එතනට දිව්වා. මෝල මිනිස්සුන්ගෙන් පිරී තිබුණා. මිනිස්සු මෝලේ ඉස්සරහත්, පිටිපස්සෙත්, මැදත්, ඉඳගෙන හිටියා. 
 
පොඩි දරුවෝ  අඬන එක නවත්තන්න අම්මලා දරුවන්ට කිරි දෙමින්හිටියා. ඒ ළඟ ගෙදරින් අපිට බෝම්බ පිපිරුම් ශබ්ද ඇහුනා. හැමෝම ‘හරෝහරා’ කියමින් දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. ඒ මොහොතේ ඇතුළට ආ මිනිස්සු වේගයෙන් වෙඩි තියන්න පටන් ගත්තා. ඔලුවලටත්, බඩවල් වලට සහ බෙල්ලට ඒ වෙඩි පාරවල් වැදුනා."
 
 
ඉන් පසුව සිදුවු දේ ඇය තව දුරටත්  විස්තර කර තිබුනේ මෙලෙසිනි.
 
"මම, මටත් වෙඩි වැදුන බව ඇඟවෙන විදියට, ලේ ගෑවිච්චි  ඇදුමෙන්, හෙලවෙන්නේ නැතිව මුනින්තලාවේ   දිගාවෙලා සිටියා. උන් මෝල ඇතුළේ සිටි ඔක්කොටම වෙඩි තිබ්බා. මගේ අක්කා ඇතුළුව අපි පස්දෙනෙක් බේරුනා. හැම තැනකම ගලා ගෙන ගියපු  ලේ ගංගාව නිසා, සෑම කෙනෙකුම මැරිච්ච බවකුයි පේන්න තිබුනේ. ඒ පෙනුම නිසා අපිට පැන යන්න පුළුවන් උනා.   
 
වෙඩි තැබීම නතර වෙලා ටික වේලාවකින් එක අම්මා කෙනෙක්  තම දරුවා වෙනුවෙන් අඬා වැලපෙන  හඩක් අපට ඇසුණා. අපි නැගිටලා මගේ අක්කගේ දරුවාත් වඩාගෙන අපේ අල්ලපු ගෙදර අසල්වැසියාගේ ගෙදරට දිව්වා. අත්, හිස් කපා දැමූ, ඇස් උගුල්ලපු  මිනිසුන්වයි අපි එතැනදී දැක්කේ. 
 
දරුවන්ට කිරි දෙමින් හිටපු  අම්මලාගේ මළ සිරුරුත් අපි දැක්කා. පොඩි දරුවෙක්  බිත්තියේ ඇලී තිබ්බා. මේ මෝලේ අයිතිකාර කුමාරනායගම්, එයාගේ පවුල පුවනේශ්වරී සහ ඔවුන්ගේ දරුවෝ හතර  දෙනාටම  වෙඩි තියල තිබුනා.”

 

dfd

xdd

 

 


 

 
 
ගෝඨාභය ගොඩදාන්න ගිය විමල් ගුටි කෑමට නියමිතයි
 
 

 
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම
 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58