දස දහස් සංඛ්‍යාත දෙමළ හා මුස්ලිම් ජන සහභාගිත්වයකින් නැගෙනහිර සිට උතුරට ගමන් කළ සාම පාදයාත්‍රාව
උසාවි වාරණ නියෝග සහ ආරක්ෂක හමුදා බියගැන්වීම් වලින් නවතා ලන්නට නොහැකිව කෝපයට පත්වී සිටින රජය එහි නියමුවන් හිරේ විලංගුවේ දමා ඔවුන්ගේ වාහන අත්පත් කරගන්නා  බවට ප්‍රසිද්ධියේ තර්ජනය කර තිබේ.
 
ඒ සමගම ආගමික කණ්ඩායම් ගණනාවක්ද තහනම් කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
 
රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර තම අනාගත සැලසුම් එසේ හෙළි කර තිබුනේ පොතුවිල් පොලිකන්ඩි පස් දින පාද යාත්‍රාව හෙලා දකිමින් පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පෙබරවාරි 8 සඳුදා පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
"අපි තහනම් නියෝග අර ගත්ත නිසා අපි දැන් මේ ගොල්ලන්ගේ පොටෝග්රා‌‌ෆ් තියනවා. මේ ගොල්ලන්ගේ වෙහිකල්ස් වල නම්බර් අපි දන්නවා. පුද්ගලයෝ කවුද කියලා දන්නවා. ඒ ගොල්ලන්ට නඩු දාලා අපිට  පුළුවන් ඒ වාහන සියල්ලක්ම රාජසන්තක කරන්න. මොවුන් ඇත්ත වශයෙන්ම හිරේ දාන්න පුළුවන් තත්වයක් අපිට තියනවා. නඩු මාර්ගයෙන්."
 
ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර අවසන් බව අමාත්‍යවරයා එහිදී හෙළි කර තිබුනි.
 
විරෝධතාව පැවැත්වෙන මග දිගටම රජයේ ආරක්ෂක භට පිරිස් විසින් අධි තාක්ෂණික කැමරා සහ ජංගම දුරකතන යොදාගෙන පාද යාත්‍රිකයන් රූගත කරන ආකාරය මාධ්‍යවේදීන් විසින් වාර්තා කර තිබුණි. 
 
 
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතිඥ එම්.ඒ සුමන්තිරන්ට ලබා දී තිබු පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කිරීම යුක්ති සහගත කරමින්  අමාත්‍ය සරත් වීරසේකර විරෝධතා කරුවන් හඳුන්වා සිටියේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ලෙසයි.
 
 
 
"සුමන්තිරන්ගේ STF ගාඩ් එක මම ඊයේම අරගත්තා. ඉවත් කළා. මොකද සුමන්තිරන්ට තර්ජනයක් තියනවා නම් එල්.ටී.ටී එකත් එක්ක එයා මෙහෙම යන්න බෑනේ."
 
 
 
'මුස්ලිම් ආගමික සංවිධාන තහනම් කරනවා.'
 
මීට අමතරව, මුස්ලිම් ආගමික සංවිධාන තහනම් කිරීමටද පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළි කළේය.
“ආගමික කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් හෙට අනිද්දා වෙනකොට අපි තහනම් කරනවා. මද්‍රසා පාසල් විශාල සංඛ්‍යාවක් අපි හෙට අනිද්දා වෙනකොට තහනම් කරනවා, මොකද දරුවෙක් ඉන්නවා නම් අපේ රටේ ඒ දරුවාට උගන්නන්න ඕනේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව. එක එක්කෙනාට ඕනේ විදියට පාසල් දාලා ඕනේ ඕනේ විෂයන් උගන්නන්න බැහැ.
 
 
 
පාද යාත්‍රාවට එක්ව සිටි දහස් සංඛ්‍යාත දෙමළ, මුස්ලිම් ජන සහභාගිත්වය, වැඩ සටහන මෙහෙයවු එක්  රූපවාහිනි ප්‍රශ්න විචාරකයකු විසින් හදුන්වා තිබුනේ “අස්වාභාවික සෙනගක්” ලෙසිනි.
 
“දැන් කොළඹ මේ වැඩේ කරන්න දෙන් නැනේ පොලීසිය අපිට " යනුවෙන් චමුදිත සමරවික්‍රම කියා සිටියේ පොතුවිල් පොලිකන්ඩි පාද යාත්‍රාවට එරෙහිව උසාවිය විසින් පනවන ලද අසාර්ථක තහංචි ගැන නොදන්නා සේය.
 
ඔහු සහභාගිවූ කවර කොළඹ පෙළපාලියකට පොලිසිය බාධා පැමිනවුයේදැයි පැහැදිලි නොකළ නිවේදකයා කිසිදු අවහිරයකින් තොරව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යාපනයේ රැළියක් පැවැත්වීම ගැන විමසීමෙන් වැළකී සිටියේය. 
 
 
 
මුලතිව්වලින් නඩු ඇර‌ඹේ:
 
උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිර හා ගල් මුල් ප්‍රහාරද  නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින් දියත්වූ සාම පාදයාත්‍රාවේ නායකත්වයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග පෙබරවාරි 8 සඳුදා මුලතිව් වලින් ආරම්භ කර තිබුනි.
 
එසේ වෙතත්, නැගෙනහිරින් ගමන් ඇරඹි විරෝධතා පා ගමනට එරෙහිව රජයේ අමාත්‍යවරයකු වු දයාසිරි ජයසේකරගේ සහභාගිත්වයෙන් ජාතික නිදහස් දිනයේදී යාපනයේ බස් නැවතුම්පොලේ සිට පුස්තකාලය දක්වා පා ගමනක් දියත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ක්‍රියා කර තිබුනත් එයට එරෙහිව පොලිසිය විසින් අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගත් බවක් මේ දක්වා වාර්තා වී නැත.
 
(ඉංග්‍රීසි උප සිරැස  ගැන්වු  වීඩියෝව JDS වෙතිනි.)

 


 

 

 
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව?
 

 
 
උතුරේ තරුණයන්ගේ වකුගඩු විකුනන දොස්තරගේ රංගන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්