ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සහ මෙහෙයවීම
සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගෙන තිබූ අවබෝධතාවය 'අහෝසි' කර ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තාවන්හි සත්‍යතාවයක් නොමැති බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
 
ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
මෙම වාර්තා 2021 පෙබරවාරි 17 වන දින ශ්‍රී  ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයන් නිවැරදිව දක්වා නොමැති බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියි.
 
එම තත්වය තුළ ඊයේ (18)  පැවති මාධ්‍ය හමුවකදී විෂයබාර අමාත්‍යවරයා මෙම කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.
 
එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා විසින් ද දැක්වූ පරිදි දෙරටෙහි රජයන්, 2017 වසරේදී ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම ඇතුළු පවත්නා ද්විපාර්ශවික අවබෝධතා අනුව තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සහ මෙහෙයවීම සඳහා අන්නෝන්‍ය වශයෙන් පිළිගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව එකිනෙකාගෙන් අදහස් විමසා ඇත. 
 
ඉන්දියාව මෙම කරුණ සම්බන්ධයෙන් නිල සාකච්ඡා පැවැත්වීමට ද එම සාකච්ඡාවන්හි ප්‍රතිඵල අන්නෝන්‍ය සුබසිද්ධිය වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බවද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 

 

 



 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්