මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ජනප්‍රියම තරුව බවට පත්ව සිටින අමාත්‍ය විමල් විරවංශ
සමග සාකච්ජා කිරීමට 'සමගි ජන බලවේගයේ' පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සුදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
 
විමල් වීරවංශ පොදුජන පෙරමුණේ සිටින ආකර්ෂණීයම දේශපාලන චරිතය බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා, ඔහු සමග කතා කළ යුතු දේශපාලන භාෂාවක් තිබෙන බවද සඳහන් කරයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'ඒෂියන් මිරර්' සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
 
''විමල් වීරවංශ ඇමතිවරයාට විපක්ෂයේ පැත්තට එන්න කිව්ව පලියට ඔහු එතන ඉඳන් මෙතනට එන්නේ නැ..'' යයි  රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එහිදී පැවසුයේ, විමල් විරවංශ විපක්ෂයට එක්වන බවට සජබ ඇතැමුන් පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශ සිහිපත් කරවන ආකාරයෙනි.
 
ඇමති විමල් වීරවංශට එන්න කියනවා නම් කිව යුත්තේ ඉහළ මට්ටමකින් බව ද රාජිත සේනාරත්න එහිදී අවධාරණය කර සිටියේය.
 
 
 
'ඔක්කොම එකතු කරන්න පුළුවන් රාජිතට' 
 
මේ අතර රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පසුගියදා එජාප නායක රනිල් වික්‍රමසිංහ ද හමුවී වත්මන් දේශපාලන තත්වය ගැන දීර්ග වශයෙන් සාකච්ජා කර තිබිණ. එම සාකච්ජාවට ඔහුගේ පුත් හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න ද එක්ව තිබිණ.
 
මේ සාකච්ජාවේදී කොමිෂන් සභා වාර්තා ගැනත්, ඊට එරෙහිව පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ඇති හැකියාව සම්බන්ධවත් අදහස් හුවමාරු කරගෙන ඇතැයි වාර්තාවේ.
 
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එජාප නායකයා හමුවීමට පෙර තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාව ද දැනුවත් කර තිබිණ. 
 
''මම රනිල්ව මුණ ගැහෙනවා පක්ෂ එකතු කරගෙන පුළුල් සන්ධානයක් පිළිබදව සාකච්ඡා කරන්න'' යැයි රාජිත සේනාරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පවසද්දී,  ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ “ඔබතුමාට තමයි පුළුවන් වෘත්තිය සමිති, පක්ෂ, සිවිල් සංවිධාන ඔක්කොම එකතු කරගන්න '' කියාය. 

 

 


 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්