කොවිඩ් හදිසි ප්‍රතිකාර හා සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා පරිගණක 1363ක්
ඇතුළු උපාංග මිල දී ගැනීමේ රුපියල් කෝටි ගණනක ටෙන්ඩරය නියමිත පිරිවිතරයන් ඉදිරිපත් නොකළ ආයතනයකට පිරිනැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වර්තාවේ.
 
එම ආයතනය ඉදිරිපත් කර ඇති මිල රුපියල් විසි හය කෝටි දාහත් ලක්ෂ හතළිස් අටදහස් හත්සිය පහකි. පරිගණකවලට අමතරව යූපීඑස් 1363ක් සහ ලැප්ටොප් 34ක් මෙම ව්‍යාපෘතියට අයත් ය.
 
 
ලබාදෙන පරිගණකයේ ඉල්ලන මෘදුකාංගය නැහැ:
 
ටෙන්ඩරයෙන් ඉල්ලා ඇති M S office Standard 2019 GOV OLP මෘදුකාංගය මෙම ආයතනයෙන් ලබාදෙන පරිගණකවල නොමැති යැයි ද ඔවුන් ඉදිරිපත් කරන්නේ අවශ්‍ය පිරිවිතරයන්ට අනුකූල නොවන ව්‍යාජ මෘදුකාංගයක් යැයි ද අනාවරණය වෙයි. 
 
නිවැරැදි මෘදුකාංග සඳහා පමණක් තක්සේරු වටිනාකම රුපියල් කෝටි අටක් පමණ වන බව වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි. 
 
ටෙන්ඩරය ලබාගෙන ඇති ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් සෙසු ආයතනවල මිල ගණන් හා සාපේක්ෂව අඩු වී ඇත්තේ එම මෘදුකාංගය වෙනුවට අඩු මිල මෘදුකාංගයක් ලබාදීම නිසා යැයි ද පැවසේ.
 
 
ටෙන්ඩරයේ සඳහන් වන මෘදුකාංගයේ එකම බලයලත් ආයතනය වන්නේ microsoft සමාගමය. මෙම ටෙන්ඩරය ලබා සිටින ආයතනය එම මෘදුකාංගය සඳහා කිසිදු ඉල්ලීමක් කර නැතැයි microsoft ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව තහවුරු කරයි.
 
 
මෙම ටෙන්ඩරය සඳහා ආයතන හතක් මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර ඉහත ආයතනය හැර සෙසු සියලුම ආයතන අදාළ මෘදුකාංගය ඉල්ලා සිටි බවත් microsoft ශ්‍රී ලංකා ශාඛාව දන්වා තිබේ. ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබූ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ද එම මෘදුකාංගය ශ්‍රී ලංකා ශාඛාවෙන් ඉල්ලා තිබිණි.
 
 
 
'වහා පියවර ගන්නවා'
 
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක වූ හෙයින් ඒ පිළිබඳව වැඩ බලන සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමනගෙන් විමසීමක් කළෙමු.
 
එහි දී ඇමැතිවරයා සඳහන් කළේ එම ටෙන්ඩරය පිරිනැමීමේ දී යම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන බවත්ය.
 
(අරුණ )

 

 


 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්