ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධානී ලෙස පත්කිරීමට
නිර්දේශකර සිටින දුරයිසාමි වෙන්ගඩේෂන් එම තනතුරට පත්කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලමින් සිටින බව විදේශ කටයුතු ආරංචිමාර්ග පවසයි. 
 
ඒ, ඔහුට එරෙහිව බරපතල විෂමාචාර චෝදනා රැසක් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලැබී තිබීම නිසාය. 
 
ඔහුට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට ද මේවනවිට පැමිණිල්ලක් යොමු වී තිබේ.
 
පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC)  ඇතුළු තවත් රාජ්‍ය ආයතන රැසක උසස් තනතුරු ගණනාවක් හෙඹවූ දුරයිසාමි වෙන්ගඩේෂන්, රාජිත සේනාරත්න හා රිෂාඩ් බද්දුයුදින් වැනි  හිටපු අමාත්‍යවරුන්ගේ සමීපතම හිතවතකු ලෙස සැලකේ.
 
එසේම, ඔහු වත්මන් ආණ්ඩුව යට‍තේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යටතේ ඇති NAQDA ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

 


 

 

 

 

මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?

 

සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්