පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම
සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
 
ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම වාර්තාව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයටද ලබා දී ඇත.
 
ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත් කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත්ය.
 
 
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා තවත් සය පුද්ගල කමිටුවක් පත්කර ඇත්තේ එම වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු සැඟවීමට දැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා සැක මතුකර තිබිණ.
 
උන්වහන්සේ දිගින් දිගටම අවධාරණය කර සිටියේ, ජනාධිපති කොමිසන් වාර්තාව වහාම ප්‍රකාශයට පත්කරන ලෙසයි.
 

 
 
2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් මස 21 වැනිදා 5 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කොමිසන් සභාවක් පත්කරනු ලැබීය.
 
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න, විශ්‍රාම අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.
 
එම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉකුත් පළමු වැනිදා භාර දෙනු ලැබීය.
 

 

 


 

 

 

මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?

 

සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්