පෞද්ගලික අංශ සමග තරඟකර ගොවියන්ගෙන් වී මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 
 
 
කැබිනට් මණ්ඩලය එවැනි තීරණය ගෙන ඇත්තේ, වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් පෙන්වාදීමෙන් පසුවය.
 
මෙය රජයක් විසින් ඉතිහාසයේ පළමුවරට ගත් තීරණයක් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
 
 
පොහොර සහනාධාරයට බලපෑමක් නෑ
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුයේ, රජයට වී ලබාදෙන ලෙස කිසිදු ගොවියෙකුට බලපෑමක් නොකරන බවයි. 
 
හෙක්ටයාරයකට වැඩි, පොහොර සහනාධාරය ලබන ගොවියන් රජයට වී දියයුතුය යන තීරණය ද ඉවත් කළ බව කෘෂිකර්ම ඇමතිවරයා පැවසිය.
 
 
ඒ අනුව තෙත වී රුපියල් 46 ටත්, වියළි නාඩු රුපියල් 52 ටත්, වියළි සම්බා රුපියල් 54 ටත් ඊයේ (22) මධ්‍යම රාත්‍රීයේ සිට මිලදී ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. 
 
කුමණ මිලක් යටතේ වී මිලදී ගත්ත ද නාඩු සහල් කිලෝවක් රුපියල් 97 ටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 99 ටත් පාලන මිලට විකිණිය යුතු බව මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කර සිටියි.
 
සතොස හා සමූපකාර හරහා රජය එම මිලට සහල් ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
"හෙට වෙළෙඳපොළ වී මිල රුපියල් 55 උනොත් වී අලෙවි මණ්ඩලයත් 55 ට ගන්නවා. හැබැයි වී කීයට ගත්තත් නාඩු හාල් කිලෝ 1ක් රුපියල් 97 ටත් සම්බා හාල් කිලෝ 1ක් රුපියල් 99ක් කියන පාලන මිලට වැඩියෙන් කිසිවෙකුට විකුණන්න බෑ. මේ මිලට රජය එළෙබෙන අලුත් අවුරුද්දට හාල් දෙනවා. ගොවීන්ට දෙන්න පුළුවන් උපරිම මිල අපි දෙනවා. 
 
 
'තරඟකාරී මිලට වී ගන්න අපි ලෑස්තියි' 
 
මහ පරිමාන වී මෝල් හිමියන් හැමදාම කළේ 80% ක් ගොවියාගේ අස්වැන්න අඩුමිලට අරගෙන අවසන් මොහොතේ රු. 60ක් 70ක් කරන එක. ඊට පස්සේ හාල් රුපියල් 125 ට දෙන්න ඕනේ කියලා රජයට බලපෑම් කරන එක. 
 
ඒ නිසා අපි ලෑස්තියි පෞද්ගලික අංශය හා තරඟකාරී මිලට වී ගන්න. 
 
අපි විශ්වාස කරනවා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ත් 5ත් අතර ප්‍රමාණයක් ඊටත් වඩා ගොවි ජනතාව නව වැඩපිළිවෙල එක්ක රජයට වී ලබාදෙන බව. 
 
 
ඒ අනුව වෙළෙඳපොළ හාල් මිල තීරණය කිරීමේ බලය ශක්තිය මේ තුළින් රජය සතු කරගන්නවා. 
 
 
වී දුන්නත් නැතත් පොහොර සහනාධාරයට කිසිදු ගොවියෙකුට බලපෑමක් නෑ. අපි ලෑස්තියි වී සහ සහල් මිල පාලනය කිරීමේ බලය රජය සතු කරන්න.”

 

 


 

 

 

 

මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?

 

සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්