ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් මගී ගුවන්යානා තුනක් හිටි හැටියේ උගන්ඩාව බලා පියාසර කිරීම සැකකටයුතු බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
පෙබරවාරි 23දා  (There flights operated to EBB on the 23rd.) මෙසේ උගන්ඩාවේ එන්ටෙබේ ( EBB) ගුවන් තොටුපල වෙත ගොස් ඇත්තේ, UL1709, UL 1711 සහ UL 1713 මගී ගුවන්යානා ය. (All using airbus A330-300 aircraft with a configuration of 28 BC and 269 EY.)
 
එදින එම ගුවන් යානා තුන ගුවන්ගතව ඇත්තේ  ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 01.30,  02.00 සහ  02.30 වේලාවන් හිදීය.
 
මේ සම්බන්ධයෙන් අප විසින් කළ සොයා බැලීමකදී වාර්තාවූයේ මෙම ගුවන් මෙහෙයුම බාරව කටයුතු කර ඇත්තේ, 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ සැමියා ය. 
 
මෙම මගී ගුවන්යානයේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු හැර වෙනත් කිසිවකු ගමන්කර නොමැති අතර විශාල ප්‍රමාණයේ මලු තොගයක් පමණක් එමගින් උගන්ඩාවට ගෙනගොස් තිබේ. 
 
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතුව බඩු ප්‍රවාහනය කරන ගුවන්යානා තිබියදී ව්‍යාපාරික පන්තියේ ආසන පවා ඇති ගුවන් යානා තුනක් මෙම මෙහෙයුමට එක්කර ගත්තේ ඇයි ?
 
 
 
මුදල් නෝට්ටු තොගයක් ?
 
 
එම ගුවන් ගමනට එක්වූ නිලධාරියකු සිය FB පිටුවේ පළකර ඇති සටහනකට අනුව මෙම ගුවන් යානයේ ගෙනගොස් ඇත්තේ මුදල් නෝට්ටු තොගයකි.
 
 බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම විසින් මෙරට තුලදී ජාතික හා ජාත්‍යන්තර මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබයි.
 
 

 89684567 mahinda uganda

උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනී , ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතකු ද වේ.
 
මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වුවද 2016 පැවති උගන්ඩා ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුට නිල වශයෙන් ආරාධනා කර තිබීම දෙදෙනාගේ මිත්‍රත්වය පැහැදිලි කරන්නකි.
 
එම විදේශ චාරිකා වෙනුවෙන් රජයෙන් ගමන් වියදම් ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබීම එම වකවානුවේ මහත් ආන්දෝලනයට ලක්වූ කාරණයකි.
 

 

 
 

පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?

 
හම්බයාට දෙමළාට නොවැටෙන සිංහල කඳුළු
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්