පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසම
විසින් එහි විමර්ශනවලින් පසු ලබාදී ඇති අවසන් වාර්තාවෙන් එය පිහිටුවීමෙන් බලාපොරොත්තු වූ මුලික අරමුණු ඉටුවී ඇති බවක් නොපෙනෙන බව ශ්‍රීලනිපය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
 
එහි අවසන් වාර්තාවෙන් පෙනීයන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් සේ හැඟී යන බවද ඔහු කියා සිටියි.
 
මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව සෙසු දේශපාලන පක්ෂ බොහෝමයක් විරෝධය දක්වා ඇති බවද ඔහු කියා සිටියේ උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
 
පාස්කු කොමිසම් වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කර සිටියේය.
 

 
 
 
 
'සැබෑ වැරදිකරුවන් සැඟවීමට උත්සාහ ගන්නවා' – චමීර පෙරේරා
 
මේ අතර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් 'එක්සත් පුරවැසි' සංවිධානයේ චමීර පෙරේරා පවසා සිටියේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්ණ කළවිට කාදිනල් හිමිපාණන්ට ගමේ චණ්ඩින් ලවා චණ්ඩි පාට් දමන බවයි.
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වූ විගසම වත්මන් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සඳහන් කළ බව සිහිපත් කල චමීර පෙරේරා, ජනාධිපති මැතිවරණ කාල සීමාවේදී මෙම ප්‍රහාරය දේශපාලන වේදිකා වල කරේ තබාගෙන ගිය බව ද පැවසුවේය.
 
නමුත් ජයග්‍රහණය කිරීමෙන් පසුව කාදිනල් හිමිපාණන්ට මැර බලය, චණ්ඩි බලය දමා උන්වහන්සේව නිහඬ කර මෙම ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් සැඟවීමට උත්සාහ ගන්නා බව පැවසු ඒ මහතා තමන්ගේ ප්‍රජාව පිළිබඳව කාදිනල් හිමිපාණන් නොමැතිව වෙන කවුරුන් ප්‍රශ්ණ කරන්න දැයි විමසා සිටියේය.

 

 


 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්