The Leader News
BREAKING
Top Ad
පුවත්

කඩුගන්නාවේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කරයි - මියගිය ගණන 6ක්

T

The Leader Desk

November 22, 2025 • 3:22 PM

 කඩුගන්නාවේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කරයි - මියගිය ගණන 6ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධියෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇත.
  • අද පෙරවරු 9.00ට පමණ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් සහ ගල් පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
  • ඒ අනුව යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ සහන සේව කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන්ද සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් මුදවා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.
  • ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දෙනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන් කර තිබේ.

සිද්ධියෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇත.

අද පෙරවරු 9.00ට පමණ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් සහ ගල් පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

මෙම සිද්ධිය සිදුවූ වහාම සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරණු අතර ඒ සඳහා යුද හමුදා භට කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගැනුණි.

ඒ අනුව යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ සහන සේව කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන්ද සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් මුදවා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.

පවතින තත්ත්වය හමුවේ නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා දැමීමටද පොලීසිය පියවර ගත්තේය.

ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දෙනු ලැබීය.

| aruna

 

සබැඳි පුවත :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...