The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමැති 6 කගේ වත්කම් ගැන කළ පැමිණිලි කළ පෙත්සම්කරුගෙන් ප්‍රකාශයක් ගනී

T

The Leader Desk

December 31, 2025 • 4:26 AM

  ඇමැති 6 කගේ වත්කම් ගැන කළ පැමිණිලි කළ පෙත්සම්කරුගෙන් ප්‍රකාශයක් ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකු සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකු වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර කළ පැමිණිල්ලට අදාළව මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇත.
  • කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ද නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල ද වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අයථා වත්කම් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිල්ල මගින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබිණි.
  • එම පැමිණිල්ල ගැන කළ කැඳවීමට අනුව ඊයේ (30 දා) අල්ලස් කොමිසම වෙත ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව, ජාමුනි කමන්ත තුෂාර ‘දිවයින’ පුවත්පතට මෙසේ ප්‍රකාශකර ඇත.
  • “අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරනු ඇතැයි විශ්වාස කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකු සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකු වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර කළ පැමිණිල්ලට අදාළව මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇත.

කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ද නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල ද වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අයථා වත්කම් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිල්ල මගින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබිණි.

එම පැමිණිල්ල ගැන කළ කැඳවීමට අනුව ඊයේ (30 දා) අල්ලස් කොමිසම වෙත ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව, ජාමුනි කමන්ත තුෂාර ‘දිවයින’ පුවත්පතට මෙසේ ප්‍රකාශකර ඇත.

“අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම මේ ඇමැතිවරුන්ගෙන් මේ පිළිබඳව ප්‍රකාශ ගනී කියාත් විශ්වාසයක් තිබෙනවා. ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් මීට පෙර කර තිබූ ප්‍රකාශ පිළිබඳව ජනතාවගේ පවතින විශ්වාසය පළුදු නොකර කටයුතු කිරීම ඔවුන්ගේ කාර්යයක්.

දූෂණ විරෝධී පනත අනුව වත්කම් උපයා ඇත්තේ කුමනාකාරයෙන්ද, ඔවුන් පැවසූ කරුණු සත්‍යයද, වංචනිකව වත්කම් පෙන්වා ඉදිරියේදී තවත් අයථා උපයා ගැනීම්වලට පෙලඹේදැයි සැකයක් තිබෙනවා.''

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ, තම පක්ෂයේ කිසිවෙකුට වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දන්වා නැති බවයි.

එමෙන් ම, තම පක්‍ෂයේ කිසිවෙකු මෙතෙක් අයථා අයුරින් මුදල් උපයා නොමැති බවත් ඉදිරියටත් අයථා ලෙස මුදල් උපයන්නේ නැති බවත් ප්‍රධාන ලේකම්වරයා සහතික වේ.


සබැඳි පුවත් :

'අපේ ඇමතිවරුන් අල්ලස් කොමිසමට කැඳවල නෑ' - ජවිපෙ ලේකම්

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමැති 6 කගේ වත්කම් ගැන කළ පැමිණිලි කළ පෙත්සම්කරුගෙන් ප්‍රකාශයක් ගනී | The Leader