The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමෙරිකාවෙන් පිටුවහල් කළ ලාංකිකයන් 6 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් රැගෙන එයි

T

The Leader Desk

March 2, 2026 • 3:22 PM

ඇමෙරිකාවෙන් පිටුවහල් කළ ලාංකිකයන් 6 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් රැගෙන එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුනට ඇමෙරිකාවේ රැදී සිටීමට වීසා තිබුණද ග්‍රීන් කාඩ් ( Green Card ) නොමැති වීම මෙසේ පිටුවහල් කිරීමට හේතුවී ඇතැයි පැවසේ.
  • ඔවුන් පෙබරවාරි 28 දින අලුයම 12.00 ට ඇමෙරිකාවේ සිට ඕ.ඒ.ඊ.- 4013 දරන එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබු අතර එම ගුවන් යානය තුළ මෙම ශ්‍රී ලාංකිකයන් 06 දෙනා සමග ඇමෙරිකාවෙන් පිටුවහල් කළ තවත් විවිධ රටවල පුද්ගලයින් 162 දෙනෙකු සිට තිබේ.
  • ඔවුන් යාපනය, පමුණුගම, පේදුරුතුඩුව, ඩෙල්ෆ් යන ප්‍රදේශ වල පිරිමි පදිංචිකරුවෝ වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුනට ඇමෙරිකාවේ රැදී සිටීමට වීසා තිබුණද ග්‍රීන් කාඩ් ( Green Card ) නොමැති වීම මෙසේ පිටුවහල් කිරීමට හේතුවී ඇතැයි පැවසේ.

 ඔවුන් යාපනය, පමුණුගම, පේදුරුතුඩුව, ඩෙල්ෆ් යන ප්‍රදේශ වල පිරිමි පදිංචිකරුවෝ වෙති.

ඔවුන් පෙබරවාරි 28 දින අලුයම 12.00 ට ඇමෙරිකාවේ සිට ඕ.ඒ.ඊ.- 4013 දරන එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබු අතර  එම ගුවන් යානය තුළ මෙම ශ්‍රී ලාංකිකයන් 06 දෙනා සමග ඇමෙරිකාවෙන් පිටුවහල් කළ තවත් විවිධ රටවල පුද්ගලයින් 162 දෙනෙකු සිට තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් පසුව එම ගුවන් යානය නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත පිටත්ව ගොස් තිබේ .

නව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මත මෙසේ එරට රැදී සිටින විදේශිකයන් පිටුවහල් කිරීම ක්‍රියාත්මක වන අතර මෙසේ පිටුවහල් කර සිටි එක් ශ්‍රී ලාංකිකයෙකුගේ බිරිද සහ මෑතකදී ඇය විසින් ප්‍රසූත කර ඇති කුඩා දරුවා තවදුරටත් ඇමෙරිකාවේ රැදී සිටින බව කටුනායක ගුවන් තොටුපොළේ දී ආරක්ෂක අංශ සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මෙසේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගත් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තුබූ අතර එහිදී ඔවුන් මෙරට තුළ කිසිදු අපරාධ ඉතිහාසයකට (Crime History ) සම්බන්ධ නොවූ අය බව අනාවරණය වීමෙන් අනතුරුව එදින දහවල් නිදහස් කර යවා තිබේ .

| ada.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...