The Leader News
BREAKING
Top Ad
පුවත්

නොරොච්චෝලේ අලුත්වැඩියාවක් - මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි

T

The Leader Desk

December 30, 2025 • 4:28 AM

නොරොච්චෝලේ අලුත්වැඩියාවක් - මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට අහිමි වී ඇති බවය.
  • නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීය තත්ත්වයේ පවතින අතර එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබේ.
  • සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 3 වන දින ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබු අතර දෙසැම්බර් මස 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය කිරීමට සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.
  • මේ වන විට එම ජනන යන්ත්‍ර දෙකම අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතර ලබන ජනවාරි මස පළමු සතිය තුළ ඒවා යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට අහිමි වී ඇති බවය.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීය තත්ත්වයේ පවතින අතර එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබේ.

සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 3 වන දින ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබු අතර දෙසැම්බර් මස 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය කිරීමට සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

මේ වන විට එම ජනන යන්ත්‍ර දෙකම අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතර ලබන ජනවාරි මස පළමු සතිය තුළ ඒවා යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ජල විදුලිය මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදුවන බැවින් දෛනික විදුලි සැපයුමට බාධාවක් සිදුව නොමැති බව ලංකා විදුලි බලමණ්ඩලය සඳහන් කළේය.


(aruna)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...