රජය යටතේ ඇති සංස්ථා හා මණ්ඩලවල පරිපාලන කටයුතු 'සෞභාග්‍යයේ දැක්ම පුරෝකතන කමිටු' හරහා සිදුකිරීම කෙරෙහි
ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.  
 
ඒ අනුව, එහි නියාමන ව්‍යාපෘතිය ලෙස තෝරාගෙන ඇත්තේ රාජ්‍ය දැව සංස්ථාවයි. 
 
මේවනවිට රාජ්‍ය දැව සංස්ථාව පාලනය කරන්නේ කලමනාකරැවන් විසින් නොවන බවත්, 'සෞභාග්‍යයේ දැක්ම පුරෝකතන කමිටුව' නමින් අටවා ගත් කමිටුවක් හරහා සියලු පරිපාලන තීන්දු තීරණ ගනිමින් තිබෙන බවත් එම ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
'සෞභාග්‍යයේ දැක්ම පුරෝකතන කමිටුව' ලෙසින් හඳුන්වන්නේ, ආයතනයේ සභාපති සහ ආණ්ඩුවට පක්ෂපාති වෘත්තීය සමිති කිහිපයක් සමඟ අටවා ගත් පුද්ගල සමුහයකටය. එහි කිසිඳු නිලභාවයක් නොමැත.
 
walisingheරාජ්‍ය දැව සංස්ථාවේ සභාපති යු. සී. වලිසිංහ ගේ මුලිකත්වයෙන් යුතු මෙම 'සෞභාග්‍යයේ දැක්ම පුරෝකතන කමිටුව, වෘත්තීය සමිති කිහිපය නියෝජිතයින්, ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු සහ විවිධ දූෂණ චෝදනා වලට ලක්ව විනය පරීක්ෂණවලට මුහුණ දී සිටින නිලධාරින් කිහිප දෙනෙකුගෙන් සමන්විතව ඇතැයි පැවසේ.
 
මේවනවිට ආයතනයයේ බඳවා ගැනීම්, සම්මුඛ පරීක්ෂණ, උසස්වීම් ලබාදීම මෙන්ම ස්ථාන මාරැවීම තීන්දු කරන්නේ ද මෙම 'සෞභාග්‍යයේ දැක්ම පුරෝකතන කමිටුව' විසින් බව වාර්තාවේ.
 
එහිදී බරපතල වංචා හා දුෂණ චෝදනා ලැබූ කිහිපදෙනෙකුට උසස්වීමි ලබා දීම සඳහා බදවා ගැනීමේ පටිපාටිය පවා කඩිමුඩියේ වෙනස් කර ඇතැයි ද වාර්තාවේ. ඒ සඳහා කලමනාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහයද පලවී ඇත.
 
මෙම තත්වය තුළ සුදුසුකම් සපුරා ඇති පිරිසකට උසස් තනතුරු සදහා අයදුම් කල නොහැකි තත්වයක් මතුව ඇතයි ද වාර්තාවේ.
 
 
 
 
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) තනතුරට දුෂිතයෙක් ?
 
මෙහි බරපතලම කාරණය වන්නේ දුෂණ හා වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ, මේවනවිටත් විනය පරීක්ෂණ වලට යටත්ව සිටින අයකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) තනතුරට පත්කිරීමට 'සෞභාග්‍යයේ දැක්ම පුරෝකතන කමිටුව' විසින් කටයුතු කරමින් සිටීමයි. 
 
එහිදී එම තනතුරට අදාල අධ්‍යාපනික හෝ පළපුරුද්ද පවා නොසලකා කටයුතු බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීමට ද 'සෞභාග්‍යයේ දැක්ම පුරෝකතන කමිටුව' තීන්දුකර ඇතයි වාර්තාවේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රතිපති ප්‍රකාශය ඉදිරිපත්කරමින්, 'සෞභාග්‍යයේ දැක්ම' මගින් කියා සිටියේ, එකම රටක් එකම නීතියක් යන සංකලපයකි.
 

 

 


 

 

 
 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්